සෙලින්කෝ හෙල්ත්කෙයා සිය Brachytherapy ඒකකය වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 15 ක් ආයෝජනය කරයි

Ceylinco Healthcare Centre

පිළිකා සඳහා මෙරට Brachytherapy (අභ්‍යන්තර විකිරණ) ප‍්‍රතිකාරය ලබාදෙන එකම පුද්ගලික අංශයේ රෝහල වන සෙලින්කෝ විකිරණ ප‍්‍රතිකාර මධ්‍යස්ථානය එම ප‍්‍රතිකාරවල ප‍්‍රමිතිය සහ කාර්යක්ෂමතාවය තවදුරටත් ඉහළ නැංවීම සඳහා ප‍්‍රතිකාර සැලසුම්කරණය සහ ප‍්‍රතිකාර ලබාදීමේ පද්ධතිය තවදුරටත් වැඩිදියුණු කර ඇති බව නිවේදනය කර තිබේ.

මෙම වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 15 ක ආයෝජනයක් සිදුකර තිබෙන අතර මේ තුළින් වෛද්‍ය නිළධාරීන්ට ප‍්‍රතිකාර සැලසුම්කරණය සහ ප‍්‍රතිකාර ලබාදීම සඳහා වැඩි ධාරිතාවයක් සහ පහසුකම් හිමිවන බව මධ්‍යස්ථානය සඳහන් කරයි.

Brachytherapy ප‍්‍රතිකාරයේදී විකිරණශීලි ප‍්‍රභවය පිළිකා රෝගියාගේ ශරීරය තුල තැබීමෙන් විකිරණ ප‍්‍රතිකාර ලබාදීම සිදුකරයි. ගැබ්ගෙල සහ ගර්භක්ෂේත‍්‍රයෙහි පිළිකා මෙන්ම අන්නසෝත‍්‍ර, හිස සහ බෙල්ල, යෝනිමාර්ගයේ, ගුදමාර්ගයේ සහ පෙනහළු පිළිකා සඳහා ප‍්‍රතිකාර ලබාදීමටද මෙම ක‍්‍රමය භාවිතා කරයි.

මෙම වැඩිදියුණු කිරීමේදී නවතම Oncentra Brachy 4.6 සංස්කරණය භාවිතා කරන නව ප‍්‍රතිකාර සැලසුම් පද්ධති (TPS) දෘඪාංගයක් සහ MHDR V3 TCS 3.1.6 upgrade භාවිතා කරන නවතම Treatment Console System (TCS) දෘඪාංගයක් සවිකර ඇති බවත් ප‍්‍රතිකාර මධ්‍යස්ථානය සඳහන් කරයි. මෙම වැඩිදියුණු කිරීම් සඳහා දේශීය නියෝජිතයා ලෙසින් DIMO සමාගම සම්බන්ධවී සිටින අතර ජාත්‍යන්තර නියෝජිතයා වන්නේ නෙදර්ලන්තයේ Elekta Medical Systems සමාගමයි.

 




 

 

සෙලින්කෝ විකිරණ ප‍්‍රතිකාර මධ්‍යස්ථානය සඳහන් කරන්නේ මෙම වැඩිදියුණු කිරීමේදී දැනට භාවිතා කරන GYN Transfer Tube කට්ටල, X-Ray Catheter කට්ටල සහ Fletcher-Williamson applicator කට්ටල වැනි උපකරණ ඉවත් කර ඒවා අළුතින් සවිකර ඇති බවයි.

මෙම වැඩිදියුණු කිරීමෙන් පසුව පිළිකා රෝගීන්ට මෙම මධ්‍යස්ථානයෙන් ලොව අග‍්‍රගන්‍යම තාක්ෂණය භාවිතා කරමින් වඩාත් නිවැරදිම ප‍්‍රතිකාර ලබාගත හැකි අතර ඒ සඳහා ත‍්‍රිමාණ තාක්ෂණය භාවිතා කරන නව මෘදුකාංගයක් භාවිතා කරනු ඇත. මීට අමතරව, මෙම මධ්‍යස්ථානය ප‍්‍රතිකාර සැලසුම්කරණය සහ ලබාදීම සඳහා භාවිතා කරන තාක්ෂණයද මේ සමග වඩාත් වැඩිදියුණු වේ.

සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඞ් (CHSL) සමාගමට අයත් එම සමාගම විසින් කළමනාකරණය කරන සෙලින්කෝ විකිරණ ප‍්‍රතිකාර මධ්‍යස්ථානය සතුව 2007 වසරේදී සවිකළ Selectron HDR Brachytherapy පද්ධතියක් සතුවන අතර වසර 13 කට වැඩි කාලයක් පුරා මෙමගින් මෙරට පිළිකා රෝගීන්ට සාර්ථක ලෙස Brachytherapy ප‍්‍රතිකාර ලබාදී තිබේ. මීට අමතරව, මෙම මධ්‍යස්ථානය මගින් පිළිකා රෝගීන්ට linear accelerator, radioactive iodine සහ chemotherapy ප‍්‍රතිකාර ලබාදීම සිදුකරයි. එසේම, ශ‍්‍රී ලංකාව තුළ ටොමෝතෙරපි ප‍්‍රතිකාර ලබාදෙන එකම මධ්‍යස්ථානය වන Ceylinco Tomotherapy මධ්‍යස්ථානය අයත් වන්නේද සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඞ් සමාගමටයි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන සෙලින්කෝ ලයිෆ් සමාගම පූර්ණ අනුබද්ධ සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඞ් විසින් මෙරට වඩාත්ම පළපුරුදු සහ දැරිය හැකි මිලකට පිළිකා ප‍්‍රතිකාර ලබාදෙන පුද්ගලික ප‍්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන යයි. පසුගිය දශකය තුළදී මෙම මධ්‍යස්ථාන මගින් රෝගීන් 7000 කට වැඩි සංඛ්‍යාවකට සාර්ථක ලෙස විකිරණ ප‍්‍රතිකාර ලබාදී තිබේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − fourteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව