සෙලින්කෝ හෙල්ත්කෙයා විකිරණ ප‍්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ප‍්‍රතිකාර කළ රෝගීන් සංඛ්‍යාව 10,000 ඉක්මවයි

Ceylinco Healthcare Centre

මෙරට විකිරණ ප‍්‍රතිකාර නව මානයකට රැගෙන ගිය ටෝමෝතෙරපි මධ්‍යස්ථානය 8 වන සංවත්සරය සමරයි

පිළිකා සඳහා අති නවීන විකිරණ ප‍්‍රතිකාර ලබාදෙන ශ‍්‍රී ලංකාවේ පුද්ගලික සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ප‍්‍රයිවට් ලිමිටඞ් (CHSL) සමාගමට අයත් මෙරට පිහිටි එකම ටෝමෝතෙරපි මධ්‍යස්ථානය 8 වන සංවත්සරය සැමරීමත් සමඟම, රෝගීන් 10,000 කට ප‍්‍රතිකාර කිරීමේ සීමාව ද පසුකළ බව සමාගම නිවේදනය කර ඇත.

සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් විසින් පසුගිය දශකය තුළදී කොළඹ 02, පාර්ක් වීදියේ පිහිටි සෙලින්කෝ විකිරණ ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ තිබෙන ලීනියර් ඇක්සලරේටර් යන්ත‍්‍රය සහ ටෝමෝතෙරපි මධ්‍යස්ථානය මගින් ඉතාමත් සාර්ථක ලෙස රෝගීන්ට විකිරණ ප‍්‍රතිකාර ලබාදෙන ලදී.

සෙලින්කෝ ටෝමෝතෙරපි මධ්‍යස්ථානය තුළ මේ වනවිට පිළිකා පටක සඳහා ප‍්‍රතිකාර ලබාදෙන විශේෂඥයින් 30 දෙනෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් සිටින අතර, ඔවුන් ටෝමෝතෙරපි ප‍්‍රතිකාර ක‍්‍රමය යෝග්‍ය ප‍්‍රතිකාර ක‍්‍රමයක් ලෙස සලකන්නේ විකිරණ ප‍්‍රතිකාර ආරම්භ කිරීමට පෙර විකිරණ ලබා දිය යුතු පටක පැහැදිලිව දැක බලා ගැනීමට හැකි වන නිසයි. මේ තුලින් එම පටක වලට අඩුවෙන් ප‍්‍රතිකාර ලබාදීම වලක්වන අතරම යාබද පටක විකිරණ සඳහා නිරාවරණය වීම අවම කරනු ලබයි. මෙම ප‍්‍රතිකාර ක‍්‍රමය මගින් ඉතාමත් නිවැරදිව පිළිකා පටක ඉලක්ක කර ප‍්‍රතිකාර ලබාදිය හැකි බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

පසුගිය වසර අට තුළදී ටෝමෝතෙරපි ප‍්‍රතිකාර ක‍්‍රමය පියයුරු, උදර, පෙනහළු ඇතුළු විවිධ පිළිකා මාලාවක් සඳහා ප‍්‍රතිකාර ලබාදීමට භාවිතා කර තිබේ. මෙම යන්ත‍්‍රය මගින් ඉතාමත් දියුණු සහ නිවැරදි ලෙස මොළයේ පිළිකා සඳහා ද ප‍්‍රතිකාර ලබාදෙයි.

 

 



 

 

ටෝමෝතෙරපි ප‍්‍රතිකාර ක‍්‍රමය ති‍්‍රමාණ ප‍්‍රතිරූප ආශි‍්‍රත විකිරණ ප‍්‍රතිකාර ක‍්‍රමයේ (IGRT) වඩාත් දියුණු අවස්ථාවකි. එසේ වන්නේ රෝගියාගේ ව්‍යුහය දිනෙන් දිනම වෙනස් විය හැකි නිසා පිළිඹිබු උපදේශන විකිරණ තෙරපි ප‍්‍රතිකාර ක‍්‍රමය මගින් පටකවල අසාමාන්‍ය වැඩිවීමක් හා අඩුවීමක් මෙන්ම බර අඩුවීමක් හෝ අනිකුත් වෙනස් වීමකදී අවශ්‍ය ක්ෂණික වෙනස් කිරීම් කිරීමට වෛද්‍යවරයාට සහයෝගය ලබාදෙන නිසයි. මෙය Intensity Modulated Radiotherapy (IMRT) සහ computed tomography (CT) සමගද සම්බන්ධ වන අතර ඒ සියල්ල එක් යන්ත‍්‍රයක් තුළ ඇත.

මෙහෙයුම් කටයුතු ආරම්භ කර පළමු අවුරුද්ද තුලදී ද ශ‍්‍රී ලංකාවේ පළමු වරට Stereotactic Body Radiation Therapy (SBRT) ප‍්‍රතිකාර ආරම්භ කරමින් නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට මෙම මධ්‍යස්ථානය කටයුතු කළේය.

මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමට පූර්ණ අනුබද්ධ සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ප‍්‍රයිවට් ලිමිටඞ් විසින් පවත්වාගෙන යන විකිරණ ප‍්‍රතිකාර ඒකක දෙක, මෙරට වඩාත්ම පළපුරුදු සහ දැරිය හැකි මිලකට ප‍්‍රතිකාර ලබාදෙන පුද්ගලික අංශය සතු මධ්‍යස්ථාන වේ.

සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ප‍්‍රයිවට් ලිමිටඞ් විසින් විකිරණ ප‍්‍රතිකාර ක්ෂේත‍්‍රයේ ගෝලීය දැවැන්තයෙකු වන Varian Medical Systems සමාගමෙන් නව ලීනියර් ඇක්සලරේටර් යන්ත‍්‍රයක් මිලදීගෙන තම විකිරණ ප‍්‍රතිකාර මධ්‍යස්ථානය තවදුරටත් වැඩිදියුණු කර තිබේ. මෙම මධ්‍යස්ථානය 2007 වසරේ ආරම්භ වූ අවස්ථාවේ මෙරට ස්ථාපිත කරන ලද ප‍්‍රථම ලීනියර් ඇක්සලරේටර් යන්ත‍්‍රය වෙනුවට මෙම අති නවීන Clinac® iX ලීනියර් ඇක්සලරේටර් යන්ත‍්‍රය ස්ථාපිත කරන ලදි.

 

 

 

 

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව