සෙලින්කෝ ලයිෆ් වෛද්‍යවරුන් සහ ඖෂධ, උතුරට සහ නැගෙනහිරට ගෙනයයි

North East CSR activities April 2023 - Composite

 



 

 

මෙම වසරේ මුල් කාර්තුවේදී සෙලින්කෝ ලයිෆ් විසින් අවසන් කළ සෞඛ්‍ය සම්බන්ධ ප‍්‍රජා මුලපිරීම් අනුග‍්‍රහයෙන් ත‍්‍රිකුණාමලය මහ රෝහලට අත්‍යාවශ්‍ය ඖෂධ ලැබුණු අතර, උතුරු පළාතේ 500කට අධික පිරිසක්ද නොමිලේ වෛද්‍ය පරීක්ෂා ලබාගත්හ.

ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ නායකයා විසින් පවත්වනු ලැබූ සිය වෛද්‍ය හමුව ප‍්‍රජා සෞඛ්‍ය වැඩසටහන යටතේ සංවිධානය කරන ලද වෛද්‍ය කඳවුරු, මුලතිව් පුදුකුඩිඉරිප්පු වල්ලිපුරම් මහා විද්‍යාලයේදී සහ වවුනියාවේ සිවපුරම් විද්‍යාලයේදී ද පැවැත්විණි. එහිදී පිළිවෙලින් පුද්ගලයන් 227ක් සහ 274ක් සඳහා නොමිළේ වෛද්‍ය උපදේශන සහ වෛද්‍ය පරීක්‍ෂණ ලබා දීම සිදුකළේය.

වවුනියාව සහ කිලිනොච්චිය කළාපයේ සෙලින්කෝ ලයිෆ් ශාඛාවන්හි 40කට අධික කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් මෙම වෛද්‍ය කඳවුරු සම්බන්ධීකරණය කරන ලදී. මෙහිදී දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද හා වකුගඩු රෝග, කොලෙස්ටරෝල් සහ පෙනීමේ ගැටළු වැනි රෝග විනිශ්චය සහ නිවාරණ සෞඛ්‍ය සේවා සඳහා සීමිත ප‍්‍රවේශයක් ඇති පුද්ගලයින් කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇත.

මෙම වෛද්‍ය කඳවුරුවලදී නොමිලේ අහඹු රුධිර සීනි පරීක්‍ෂණ, විද්්‍යුත් හෘද රෝග පරීක්‍ෂණ, මුත‍්‍රා පරීක්‍ෂණ, ක්‍ෂණික කොලෙස්ටරෝල් පරීක්‍ෂණ සහ ශරීර ස්කන්ධ මිණුම් දර්ශකය හරහා දියවැඩියාව, අධි රුධිර පීඩනය, අධි කොලෙස්ටරෝලේමියාව, බ්‍රොන්කයිල් ඇදුම සහ ඉස්කිමික් හෘදයාබාධ වැනි රෝග ඇති රෝගීන් හඳුනා ගන්නා ලදී. එසේම ඔවුන්ට ඖෂධ නියම කරන ලද අතර, මෙම තත්ත්වයන් කළමනාකරණය කරන ආකාරය පිළිබඳව උපදෙස්ද ලබා දෙන ලදී. කඳවුරුවල සිටින වෛද්‍යවරුන් විසින් බෝ-නොවන රෝග වැළැක්වීමට හෝ පාලනය කිරීමට හෝ අදාලව අවශ්‍ය වන තොරතුරුද මෙහිදී සහභාගීවන්නන්ට ලබාදුන් බැව් සමාගම පවසා සිටියි.

කඳවුරුවලදී ඇස් පෙනීම පරීක්‍ෂා කළ රෝගීන් 222 දෙනාගෙන් 33 දෙනෙකුට කණ්ණාඩි භාවිත කිරීමට නිර්දේශ කරන ලදී.

වෛද්‍ය කඳවුරුවලට අමතරව සෙලින්කෝ ලයිෆ් විසින් ත‍්‍රිකුණාමලයේ මහ රෝහලට රුපියල් ලක්‍ෂ 4කට අධික ඖෂධද පරිත්‍යාග කළේය. මෙම පරිත්‍යාගය සිදුකරණු ලැබුවේ සේවකයින්ගේ සහ සමාගමේද දායකත්වයෙනි.

2022 වසරේ දී ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් ‘වසරේ සන්නාමය’ ලෙසත්, ‘වසරේ සේවා සන්නාමය’ ලෙසත් නම් කළ අතර වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් අඛණ්ඩව නව වන වසරටත් ශී‍්‍ර ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සම්මානයට ලක් විය. 2023 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේ දී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස 17 වන වසරටත් සම්මානය දිනූ සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 35 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළඳපල නායකත්වය දරා ඇත. 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව තුන්වැනි වසරටත් ශ‍්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස ද සම්මාන ලැබීය. සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 + 8 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව