සෙලින්කෝ ලයිෆ් විසින් පරිත්‍යාග කරන ලද යාපනය රෝහලේ HDU ප‍්‍රතිකාර ඒකකයට, තවත් වෛද්‍ය උපකරණ පිරිනැමීමක්

Donation to Jaffna HDU (LBN)

 



 

 

සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් 2013දී යාපනයේ ශික්‍ෂණ රෝහලට පරිත්‍යාග කරන ලද ‘ළමා අධි යැපුම් ඒකකය’ (Paediatric High Dependency Unit) සඳහා, නව වෛද්‍ය උපකරණ  පරිත්‍යාග කිරීමක් පසුගියදා සිදුකෙරිණි. මෙහිදී ශ්වසන අපහසුතා ඇති දරුවන්ට සහ ඩෙංගු උණ රෝගයෙන් පීඩාවට පත්වූ දරුවන්ට ප‍්‍රතිකාර කිරීමට අවශ්‍ය වන වෛද්‍ය උපකරණ කිහිපයක් සෙලින්කෝ ලයිෆ් විසින් ප‍්‍රදානය කරන ලදී. මේ අනුව රුපියල් මිලියන 2.1ක් වටිනා OPTIFLOW නාසික ඔක්සිජන් චිකිත්සක උපකරණ දෙකක් සහ INFUSION එන්නත් පොම්ප උපකරණ දෙකක් පරිත්‍යාග කිරීම සිදුකරන ලදී. HDU ඒකකය නඩත්තු කිරීමේ ‘සෙලින්කෝ ලයිෆ්’ සමාගමේ කැප කිරීමක් ලෙසට මෙම පරිත්‍යාගයන් සිදුකෙරිණි.

රෝහල් නිළධාරීන්ට අනුව පසුගිය කාලය පුරා මෙම HDU විශේෂ ඒකකය පූර්ණ ලෙස ක‍්‍රියාත්මක වූ අතර, එය 2013 වසරේ සිට රෝගීන් 5,000කට අධික සංඛ්‍යාවකට ප‍්‍රතිකාර කර ඇත. 2022 වසරේදී රෝගීන් 551ක් ඇතුළත් කර ප‍්‍රතිකාර ලබාදීමද සිදුකර තිබිණි.

සෙලින්කෝ ලයිෆ් ව්‍යාපාර සංවර්ධන උප සාමාන්‍යාධිකාරී කේ. සුමන්තිරන් සහ ව්‍යාපාර සංවර්ධන ජ්‍යෙෂ්ඨ කළමනාකාර ටී. නිරෝජන් යන මහත්වරුන් විසින් මෙම නව වෛද්‍ය උපකරණ, යාපනය ශික්‍ෂණ රෝහලේ ළමා රෝග අංශයේ ප‍්‍රධානී මහාචාර්ය ගීතාංජලී සතියදාස් මහත්මිය වෙත ප‍්‍රදානය කළ අයුරු ඡයාරූපයෙන් දැක්වෙයි. යාපනය කලාපයේ ඇති සෙලින්කෝ ලයිෆ් ශාඛාවල ප‍්‍රධානීන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව