සෙලින්කෝ ලයිෆ් සමාගමේ අනුග්‍රහයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ කුඩා ප්‍රාථමික පාසලකට වසර 89කට පසු එහි පළමු නව ගොඩනැගිල්ල ලෙස නව පන්ති කාමරයක් හිමි වී ඇත.
1935 වර්ෂයේ සිට කිසිඳු ගොඩනැගිල්ලක ඉදිකිරීමක් සිදු නොවූ ඇල්පිටිය බෝගහ කනිෂ්ඨ විද්‍යාලයේ නව පන්ති කාමරයක් ඉදි කිරීමේ පිරිවැය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ප්‍රමුඛයා විසින් රුපියල් මිලියන 1.6ක් පරිත්‍යාග කරන ලදි.
සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් අවශ්‍යතා ඇති පාසල් සදහා දිගුකාලීන ආයතනික සමාජ වගකීම් වැඩසටහනක් යටතේ, පරිත්‍යාග කරන ලද 88 වන පන්ති කාමර ගොඩනැගිල්ල මෙය වෙයි.
ගොඩනැගිල්ලක් නොමැති වීම හේතුවෙන් එළිමහනේ හෝ අබලන් වූ පාසල් ශාලාවේ පන්ති පැවැත්වූ 03 ශ්‍රේණියේ සිසුන් 40 දෙනෙකු මෙම නව ගොඩනැගිල්ල පන්ති කාමරයක් ලෙස භාවිතා කරයි. බෝගහ කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් 195 දෙනෙක් අධ්‍යාපනය ලබයි.
වසර ගණනාවක් පුරා සෙලින්කෝ ලයිෆ් විසින් ඉදිකරන ලද සෑම පන්ති කාමරයක්ම ශිෂ්‍ය පරම්පරා ගණනාවකට සේවා සැපයීම සහතික කිරීම සඳහා, සමාගම විසින් අඛණ්ඩව අධීක්ෂණය කර නඩත්තු කරනු ලැබේ.
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ ත්‍යාගශීලීභාවයට ස්තූතිය පුද කළ පාසලේ විදුහල්පතිනි ඩී.එන්.වරාපිටිය මහත්මිය අභියෝග මධ්‍යයේ වුවද අධ්‍යාපනයේ ගුණාත්මක බව රැකගනිමින් සිසුන්ට ප්‍රශංසනීය ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වූ බව පැවසුවාය. තවදුරටත් අදහස් දැක් වූ එතුමිය පාසලේ විදුහල්පතිවරයා වශයෙන් මෙම තරුණ දරුවන්ට ඔවුන්ගේම පන්ති කාමරයක් තිබීම පිළිබඳව ඇය සතුටට පත් වන බවත් එහිදී ඔවුන්ට බාධාවකින් තොරව අධ්‍යාපන කටයුතු කරගෙන යාමට හැකි වීම සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම වෙත ස්තූතිවන්ත වන බවත් ප්‍රකාශ කළාය.
2023 දී අඛණ්ඩව දෙවන වසරටත් ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වූ සෙලින්කෝ ලයිෆ් සමාගම, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස නම් වූ අතර 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇත.
සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 36 න් වසර 20 ක්ම මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.