සෙලින්කෝ ලයිෆ් වැල්ලවාය සහ තිස්සමහාරාමය ප‍්‍රදේශවල නොමිලේ වෛද්‍ය කඳවුරු පවත්වයි

Waidya Hamuwa 2022 - Wellawaya & Tissamaharama (LBN Fill)

 



 

 

 

සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් පසුගියදා වැල්ලවාය සහ තිස්සමහාරාමය යන ප‍්‍රදේශවල පැවැත්වූ නවතම ‘වෛද්‍ය හමුව’ ප‍්‍රජා සෞඛ්‍ය වැඩසටහන් වලදී 250 දෙනෙකුට වැඩි සංඛ්‍යාවකට නොමිලේ වෛද්‍යවරුන් හමුවී ඔවුන්ට තිබෙන රෝගාබාධ නිර්නය කර ගැනීමට අවස්ථාව හිමි විය.

සමාගම විසින් මේ වසර මුලදී ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ සේරුවාවිල දෙහිවත්තේ පිහිටි රජ මහා විහාරයේදී මෙවැනිම නොමිලේ වෛද්‍ය කඳවුරක් පැවැත්වූ අතර එහිදී ප‍්‍රදේශයේ ගොවි ජනතාව 152 දෙනෙකු ප‍්‍රතිලාභ ලබාගත් බව සමාගම සඳහන් කරයි.

වෛද්‍යවරුන් විසින් පරීක්ෂා නොකර කාලයක් තිබුණු විට දරුණු සහ මාරාන්තික තත්ත්වයට පත්වන අධි රුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු රෝගය සහ රුධිරයේ කොලෙස්ටරෝල් වැඩිවීම ඇතුළු බෝ නොවන රෝග පිළිබඳ සොයාගැනීම සඳහා පරීක්ෂාවන් මෙම වෛද්‍ය කඳවුරු විසින් සිදුකළ බව සමාගම සඳහන් කරයි.

මේ දක්වා සෙලින්කෝ ලයිෆ් විසින් රට පුරා පැවැත්වූ ‘වෛද්‍ය හමුව’ වැඩසටහන් 390 ක් මගින් 146,000 කට වැඩි ජනතාවක් ප‍්‍රතිලාභ ලබා තිබේ. මෙම වෛද්‍ය හමුව වැඩසටහන් සුදුසුකම් ලත් පළපුරුදු රාජ්‍ය සහ පුද්ගලික අංශවල වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලයක්, වෘත්තීය දෘෂ්ටි පරීක්ෂකයින් සහ වෛද්‍ය රසායනාගාර නියෝජිතයින් විසින් පවත්වනු ලබයි. සමාගම සඳහන් කරන්නේ 2022 දෙවන අර්ධය තුළත් මෙවැනි වැඩසටහන් දිවයිනේ අනෙකුත් පළාත් වලත් පවත්වන බවයි.

සේයාරුවෙන් දැක්වෙන්නේ වැල්ලවාය සහ තිස්සමහාරාමය යන ප‍්‍රදේශවල වෛද්‍ය කඳවුරු පැවැත්වූ ආකාරයයි.

 

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − 13 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව