සෙලින්කෝ ලයිෆ් රුපියල් බිලියන 2ක ආයෝජනයක් සමඟින් DFCC හරිත බැඳුම්කරයේ ප්‍රධාන ආයෝජකයා බවට පත්වෙයි

Chairman Mr R. Renganathan and Managing Director CEO Mr Thushara Ranasinghe (LBN)

සෙලින්කෝ ලයිෆ් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත බැඳුම්කරය (Green Bond) සඳහා රුපියල් බිලියන 2ක් ආයෝජනය කර එහි ප්‍රධාන ආයෝජකයා බවට පත්වෙමින් තිරසාරභාවය කෙරෙහි සමාගම දක්වන කැපවීම අවධාරණය කර ඇත.

DFCC බැංකුව විසින් නිකුත් කරන ලද මෙම හරිත බැඳුම්කරය මගින් රුපියල් බිලියන 2.5ක් දක්වා රැස් කිරීමට අපේක්ෂා කරයි. එම අරමුදල් යෙදවීමට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ හරිත මූල්‍ය වර්ගීකරණයට අනුකූලව ගොඩබිම සවිකරන, දිය මත පාවෙන සහ වහල මත සවිකරන ආදී සියළු ආකාර වල සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා (PV) බලශක්ති උත්පාදන පහසුකම් පිහිටුවීම, අදාල සම්පත් ලබා ගැනීම, පුළුල් කිරීම සහ අඛණ්ඩ කළමනාකරණය සඳහා මුදල් සැපයීමයි.
 



 

“ශ්‍රී ලංකාවේ ආයතනික අංශයට ආදර්ශයක් බවට පත් වෙමින්, තිරසාරභාවය වෙනුවෙන් වචන වලට වඩා ක්‍රියාවෙන් කැපවීම වඩා වැදගත් බව පෙන්වීමට, මෙම සන්ධිස්ථානගත පළමු හරිත බැඳුම්කරය විශිෂ්ඨ අවස්ථාවක් ලෙස අපි දකිනවා,” යනුවෙන් සෙලින්කෝ ලයිෆ් සභාපති ආර්. රෙන්ගනාදන් මහතා පැවසීය. “හරිත ආයෝජන ක්ෂේත්‍රය තුළ අඛණ්ඩව නව මංපෙත් සාදන්නා ලෙස සෙලින්කෝ ලයිෆ් සඳහා මෙය තාර්කික ආයෝජනයක් ද වෙයි.”

තිරසාර පදනමක් මත දිගු කලක් තිස්සේ මුල් බැසගෙන සිටින සෙලින්කෝ ලයිෆ්, සමාගමේ කාබන් පියසටහන වාර්ෂිකව 5% කින් අඩු කිරීම ඉලක්ක කර ගෙන තිබේ. 2023 දී සෙලින්කෝ ලයිෆ් සිය කාබන් පියසටහන 9.33% කින් අඩු කර ඇත. කඩදාසි භාවිතය සහ බලශක්තිය හා ඉන්ධන පරිභෝජන මට්ටම පිළිබඳ අඛණ්ඩ අවධානය හා අධීක්ෂණය වැනි පුළුල් පරාසයක මුල පිරීම් මගින් ලබා ගත් ප්‍රශංසනීය ජයග්‍රහණය එමගින් පෙන්නුම් කරයි. සමාගම බලංගොඩ රජවක ප්‍රදේශයේ අක්කර 10ක් පුරා පැතිරුණු විනාශ වී ගිය වැසි වනාන්තරයක් පැළ 10,000ක් සිටුවීම මගින් ප්‍රතිරෝපනය කරන අතර අවුරුදු 5ක් යනතුරු එහි නඩත්තු කටයුතු ද සිදු කරනු ලබයි.

මීට අමතරව, සෙලින්කෝ ලයිෆ් සමාගම සතු දේපල වල ඉදිකරන හරිත ගොඩනැගිලි ඇතුලත් කර ගනිමින් පුළුල් වූ හරිතමය ශාඛා ජාලයක් ගොඩනැගීමේ ක්‍රියාවලියක් ද ආරම්භ කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන, නල ජලය භාවිතය අවම කළ හැකි වැසි ජලය රැස් කිරීමේ පහසුකම් සහ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණ පද්ධති සහිත මෙම ගොඩනැගිලි, ස්වභාවික ආලෝකය ප්‍රශස්ත ලෙස භාවිතා කිරීම සඳහා සැලසුම් කර නිර්මාණය කර ඇති අතර නවීනතම බලශක්ති කාර්යක්ෂම ආලෝකකරණය හා වායු සමීකරණ පද්ධති වලින් සමන්විත වේ.

2023 දී අඛණ්ඩව දෙවන වසරටත් ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වූ සෙලින්කෝ ලයිෆ් සමාගම, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස නම් වූ අතර 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇත.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 36 න් වසර 20 ක්ම මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − 6 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව