සෙලින්කෝ ලයිෆ් රක්‍ෂණ ඔප්පුහිමියන්ට රුපියල් බිලියන 6ක වාර්තාගත වාර්ෂික බෝනස් මුදලක්

ceylinco-life

 




 

 

සෙලින්කෝ ලයිෆ් සමාගම රුපියල් බිලියන 6ක වාර්ෂික බෝනස් මුදලක් සමාගමේ විශ්වාසවන්ත රක්‍ෂණ ඔප්පුහිමියන් 197,131 වෙත පිරිනමා ඇති අතර, එයට සමාගමේ 35 වැනි සංවත්සරය නිමිත්තෙන් එක් වරක් පමණක් පිරිනමනු ලබන විශේෂ බෝනස් මුදල් ප්‍රදානයන්ද අයත් වෙයි.

2021 වසරට සාපේක්ෂව රුපියල් බිලියන 1.7ක හෙවත් සියයට 37.27ක විශාල වර්ධනයක් නියෝජනය කරන ප්‍රකාශිත ප්‍රසාද දීමනා ගෙවීම මගින්, සමාගමේ මුල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය පිළිබිඹු වන බැව් සමාගම කියයි. එසේම සෙලින්කෝ ලයිෆ් හි සාර්ථකත්වයෙන් ඔප්පුහිමියන් ප්‍රතිලාභ ලබා ගැනීම පිළිබඳව තවත් උදාහරණයක්ද මෙමගින් නියෝජනය කරන බව, 2022 දී සිය වෙළෙඳපල නායකත්වයේ අඛණ්ඩ 19 වැනි වසර සැමරූ බවද සමාගම පවසයි.

‘මෙවැනි අභියෝගාත්මක කාලවලදී අපගේ ප්‍රසාද දීමනා සැලකිය යුතු ලෙස වැඩි කිරීමට අපට ඇති හැකියාව, සමාගමේ ආයෝජන කළමනාකරණ විශේෂඥතාවේ ගැඹුර අවධාරණය කරන අතර, දැනට සිටින සහ අනාගත ගනුදෙනුකරුවන්ට සැලකිය යුතු විශ්වාසයක්ද ඇති කරයි,’ යනුවෙන් සෙලින්කෝ ලයිෆ් කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී තුෂාර රණසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය. එසේම මෙම ප්‍රසාද දීමනා රක්‍ෂණ ඔප්පුහිමියන්ට හිමිකම් පෑමකදී ඔවුන්ගේ ජීවිත ආවරණය වැඩි කිරීමෙන් අමතර ආරක්‍ෂාවක්ද සපයන බැව්, රණසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

තිරසාර බව ප්‍රවර්ධනය කිරීමට සහ කඩදාසි නාස්තිය අවම කිරීම සඳහා සෙලින්කෝ ලයිෆ් විසින් 35වැනි සංවත්සර ප්‍රසාද දීමනා ඇතුළත් වාර්ෂික බෝනස් සහතිකපත් මෙවර කෙටි පණිවුඩ හරහා විද්්‍යුත් ප්‍රකාශ ලෙස යැවීමට කටයුතු යොදන ලදී. භෞතික ප්‍රකාශන තැපැල් කරණු ලැබුවේ කෙටි පණිවුඩ හරහා සම්බන්ධ වීමට නොහැකි රක්‍ෂණ හිමියන්ට පමණි.

සෙලින්කෝ ලයිෆ් 2022 වසර අවසන් වූයේ රුපියල් බිලියන 191.5ක වත්කම්, රුපියල් බිලියන 45.63ක ඒකාබද්ධ ආදායමක්, රුපියල් බිලියන 29.16 ක දළ ලිඛිත වාරික ආදායමක්, රුපියල් බිලියන 134.9ක ජීවිත අරමුදලක් සහ රුපියල් බිලියන 165.9ක ආයෝජන කළඹක් ද සමගිනි.

2022 වසරේ දී ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් ‘වසරේ සන්නාමය’ ලෙසත්, ‘වසරේ සේවා සන්නාමය’ ලෙසත් නම් කළ අතර වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් අඛණ්ඩව නව වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සම්මානයට ලක් විය. 2023 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස 17 වන වසරටත් සම්මානය දිනූ සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 35 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල නායකත්වය දරා ඇත. 2022 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා සන්නාමය ලෙස බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව තුන්වැනි වසරටත් ශ්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස ද සම්මාන ලැබීය. සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව