සෙලින්කෝ ලයිෆ් මාතලේ නව ශාඛාව සඳහා මුල්ගල තබමින් හරිත යුතුකම ඉදිරියට ගෙන යයි

Matale-Foundation-Stone-Composite

 




 

 

සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් පරිසරයට මුදා හරින කාබන් ප‍්‍රමාණය අඛණ්ඩව අවම කිරීම සඳහා සිදුකරන ආයෝජනයන් ඉදිරියට රැගෙන යමින් මාතලේ ප‍්‍රදේශයේ නව පරිසර හිතකාමී ශාඛාවක් ඉදිකිරීම වෙනුවෙන් පසුගියදා මුල්ගල තබන ලදී.

අංක 171/A, 176/1/ 1 සහ 176/B, ති‍්‍රකුණාමලය පාර, මාතලේ ලිපිනයේ රුපියල් මිලියන 88.6 ක ආයෝජනයක් සමඟ ඉදිකෙරෙන තට්ටු හතරකින් යුක්ත මෙම ගොඩනැගිල්ල වර්ග අඩි 5,039 ක ඉඩ ප‍්‍රමාණයක් ලබා දෙන අතර වාහන ගාල්කර තැබිය හැකි ඉඩකඩ සහිත වාහන අංගනයක්ද සමාගම විසින් ගොඩනගනු ඇත. මාතලේ දිස්ත‍්‍රික්කයේ සෙලින්කෝ ලයිෆ් සමාගමට අයිති ඉඩමක ඉදිකරන පළමු ශාඛා ගොඩනැගිල්ල මෙය වේ.

පරිසරයට මුදා හරින කාබන් ප‍්‍රමාණය අවම කිරීම සඳහා නිර්මාණය කර ඇති මෙම ගොඩනැගිල්ලට 20kW පමණ වූ සූර්ය විදුලි බල පද්ධතියකින්  විදුලිය ලබාගන්නා නිසා ජාතික විදුලිබල පද්ධතියෙන් විදුලිය ලබාගැනීමක් සිදු නොකරනු ඇත. මෙම ගොඩනැගිල්ලේ වැසි ජලය රැස්කරන වෙනමම පහසුකමක් ගොඩනගන අතර අපජලය පිරිපහදු කිරීමේ පහසුකමක්ද මෙම ගොඩනැගිල්ලේ ගොඩනගන බව සමාගම පවසයි.

මීට අමතරව, මෙම ගොඩනැගිල්ලට ස්වභාවික අලෝකය උපරිම වශයෙන් ලැබෙන ලෙස සැලසුම් කර තිබෙන අතර බලශක්ති කාර්යක්ෂමතාවයෙන් යුක්ත විදුලි බුබුළු සහ වායු සමීකරණ යන්ත‍්‍ර සවිකරන බව සමාගම සඳහන් කරයි. එසේම, මෙම ගොඩනැගිල්ල සඳහා ලී අවම වශයෙන් යොදාගැනීමට සමාගම සැලසුම් කර තිබෙන අතර ඉදිකිරීම් අවසන් වන විට ඊට අලුතින් ගස් එක් කිරීමද සිදු කරයි.

සෙලින්කෝ ලයිෆ් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වයේ සහභාගීත්වයෙන් ඉහත ලිපිනයේ නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තබන ලදී.

සෙලින්කෝ ලයිෆ් විසින් සිය ජා-ඇල ප‍්‍රදේශයේ තවත් හරිත ශාඛාවක් ඉදිකිරීම සිදු කරමින් සිටී. සමාගම විසින් මේ වනවිට අනුරාධපුරය, ත‍්‍රිකුණාමලය, යාපනය, මඩකළපුව, මහනුවර, කළුතර, කුරුණෑගල, ගම්පහ, මාතර, ගාල්ල, තිස්සමහාරාමය, මීගමුව, රත්නපුරය, කොටහේන, ගල්කිස්ස සහ වැල්ලවත්ත යන ස්ථානවල සමාගමට අයත් ශාඛා ගොඩනැගිලි පිහිටුවා තිබෙන අතර මින් බොහෝමයක් සඳහා මේ වනවිට විදුලිය ලබාගන්නේ සූර්ය බලශක්තිය මගිනි.

එසේම, නව පරිසර හිතකාමී ආකෘතියට අනුව සමාගම විසින් තමන්ටම අයත් ඉඩම්වල හොරණ, පානදුර, වෙන්නප්පුව, බණ්ඩාරවෙල, හලාවත, කඩවත, යාපනය, මාලඹේ, දිවුලපිටිය, මීගමුව සහ පිළියන්දළ ප‍්‍රදේශවල ශාඛා ගොඩනැගිලි ඉදිකර ඇත.

මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වැඩිම ශාඛා ජාලය වන ශාඛා 272 ක් පවත්වාගෙන යන සෙලින්කෝ ලයිෆ් මෙරට දිස්ත‍්‍රික්ක 25 ආවරණය වන පරිදි ගම් සහ නගර 142 ක ශාඛා පවත්වාගෙන යයි.

2021 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සමාගම ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නම් කරන ලද සෙලින්කෝ ලයිෆ් 2021 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් අඛණ්ඩව 15 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින්ද තෝරාගන්නා ලදී. සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 33 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබෙන අතර Great Place to Work® විසින් මෙරට සේවය කිරීමට සුදුසු උසස්ම ස්ථානයක් ලෙසින් සමාගම සහතික කර ඇත. 2020 වසරේදී බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් මෙරට වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් සෙලින්කෝ ලයිෆ් සම්මානයට පාත‍්‍රකළ අතර 2019-20 වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය එකතුව ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ නම් කිරීමේ දී සෙලින්කෝ ලයිෆ් සමාගමට විශේෂ සඳහනක් (Honourable Mention) ලබාදෙන ලදි. 2019 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් අඛණ්ඩව හත්වන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත් බිස්නස් ටුඬේ ශ්‍රේණිගත කිරීමේදී සමස්තයක් වශයෙන් මෙරට ප‍්‍රධානතම සමාගම් 30 අතුරින් 06 වන ස්ථානයටත් සමාගම තෝරා ගන්නා ලදී.

සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව