සෙලින්කෝ ලයිෆ් පන්ති කාමර ගොඩනැගීමේ සහ වෛද්‍ය කඳවුරු වැඩසටහන් අඛණ්ඩව ඉදිරියට

Education and Health programmes - 2022 - Composite (LBN)

 



 

 

රටේ පවතින ආර්ථික අභියෝග හමුවේ වුවද සෙලින්කෝ ලයිෆ් සමාගම සමාජයට සිදුකරන සත්කාරක කටයුතු අඛණ්ඩවම ඉදිරියට රැගෙන යමින් කළුතර දිස්ත‍්‍රික්කයේ ගල්පාත, පැල්පොල කණ්ෂ්ඨ විද්‍යාලයේ පන්ති කාමරයක් ගොඩනැගීම සඳහා පසුගියදා මුල්ගලක් තැබූ අතර සමාගම විසින් සිදුකරගෙන පැමිණි ‘වෛද්‍ය හමුව’ නැමති වැඩසටහන යටතේ තවත් වෛද්‍ය කඳවුරු දෙකක් ද පසුගියදා පවත්වන ලදී.

මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා විසින් මේ දක්වා පාසැල් සඳහා පන්ති කාමර ගොඩනැගිලි 84 ක් ප‍්‍රදානය කර තිබෙන අතර නවතම පන්ති කාමර ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා යන ගොඩනැගිලි ද්‍රව්‍ය ලබාදීමට මෙවර සමාගම එකඟවී තිබේ. එයට හේතුව වන්නේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙරට ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල දිනෙන් දිනම විශාල ලෙස ඉහළ යාමයි. මෙම පන්ති කාමර ගොඩනැගිල්ල ඉදිකිරීමට යන ශ‍්‍රමය ලබාදීමට පාසැල් ප‍්‍රජාව එකඟවී තිබෙන අතර මෙම ව්‍යාපෘතිය සෙලින්කෝ ලයිෆ් සමාගමේ හොරණ ශාඛාව විසින් සම්බන්ධීකරණය කරනු ලබයි. සමාගම විසින් දිගු කාලයක් පුරා සිදුකරන මෙම සමාජ සත්කාරක වැඩසටහන මගින් මේ වසර තුළ ලබාදෙන දෙවන පන්ති කාමර ගොඩනැගිල්ල මෙය වේ.

මේ අතර, සමාගමේ සෞඛ්‍ය සම්බන්ධ ප‍්‍රජා සත්කාරක වැඩසටහන් යටතේ සෙලින්කෝ ලයිෆ් විසින් පසුගියදා මාතලේ සහ මහනුවර දිස්ත‍්‍රික්කවල නොමිල වෛද්‍ය කඳවුරු දෙකක්ද පවත්වන ලදී. සමාගම විසින් පසුගිය මැයි මාසයේදී සිට යළිත් ‘වෛද්‍ය හමුව’ වැඩසටහන ආරම්භ කිරීමෙන් පසුව මේ වසරේ පැවැත්වූ හතරවන සහ පස්වන වෛද්‍ය කඳවුරු මෙම කඳවුරු වේ.

මෙම වෛද්‍ය කඳවුරු මාතලේ මඩවල උල්පත ගෝනගල මහා විහාරයේදී සහ සමාගම විසින් මීට පෙර පන්ති කාමර ගොඩනැගිල්ලක් තනාදුන් මහනුවර වැලිවිට ශ‍්‍රී සංඝරාජ කණිටු විදුහලේදී පැවැත්වුණි.

මෙම වෛද්‍ය කඳවුරු මගින් 400 දෙනෙකුට වැඩි පිරිසක් ප‍්‍රතිලාභ ලැබූ අතර ඔවුන්ට නොමිලේ වෛද්‍යවරුන් හමුවීමේ අවස්ථාව සහ වෛද්‍ය පරීක්ෂණ කර ගැනීමේ අවස්ථාව හිමිවිය. ඉලෙක්ට්‍රෝකාර්ඩියෝග‍්‍රෑම්, ඇස් පරීක්ෂාව සහ බොඩි මාස් දර්ශකය (BMI) පරීක්ෂාව, ෆාස්ටිං බ්ලඞ් ෂුගර්, රැන්ඩම් බ්ලඞ් ෂුගර්, කොලෙස්ටරෝල් පරීක්ෂාව මෙහිදී කර ගැනීමේ අවස්ථාව පැමිණි අයට ලැබුණි. මෙහිදී, හයිපර්කොලෙස්ටරෝලෙමියා, දියවැඩියාව, හයිපටෙන්ෂන්, වෙරිකෝස්, ස්නායු සහ හෘද රෝග හඳුනාගත් රෝගීන්ට බෙහෙත් නියම කළ අතරම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය උපදෙස්ද ලබාදෙන ලදී.

මෙම නවතම වෛද්‍ය කඳවුරු සෙලින්කෝ ලයිෆ් සමාගමේ මූලස්ථානය සමග එක්ව මාතලේ, පිළිමතලාව සහ රඹුක්කන ශාඛා විසින් සංවිධානය කරන ලදී. සමාගම විසින් මේ දක්වා පවත්වා තිබෙන ‘වෛද්‍ය හමුව’ වැඩසටහන් මගින් 146,000 කට වැඩි පිරිසක් ප‍්‍රතිලාභ ලබා තිබෙන අතර සමාගම විසින් රට පුරා වෛද්‍ය හමු වැඩසටහන් 392 ක් මේ වනවිට පවත්වා තිබේ.

සෙලින්කෝ ලයිෆ් සමාගම 2020 සහ 2021 වසර වලදී ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ‘වසරේ ආයතනික සමාජ වගකීම් සන්නාමය’ ලෙසින් රීදි සම්මානය දිනාගත් අතර බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ‘ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය’ ලෙසින්ද සම්මානයට පාත‍්‍රවිය. එසේම, පිට පිටම තුන්වන වසර සඳහාත් ‘හොඳම සේවා ස්ථාන’ (Great Workplace) යන ඇගයීම සෙලින්කෝ ලයිෆ් සමාගමට 2022 වසරේදී ලැබී තිබේ. මීට අමතරව, ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් 2021 වසරේදී ශ‍්‍රී ලංකාවේ වසරේ සේවා සන්නාමය ලෙසින් සෙලින්කෝ ලයිෆ් නම්කළ අතර පිට පිටම 16 වන වසරටත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ Kantar Peoples සම්මානය සමාගම විසින් දිනාගෙන තිබේ. සෙලින්කෝ ලයිෆ් ආරම්භ කළ වසර 34 ක කාලය තුළ අඩකට වඩා වැඩි කාලයක් පුරා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සමාගම ගෞරවාදරයට පාත‍්‍රවී ඇත. 2021 වසරේ LMD විසින් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ‘වඩාත් ජනප‍්‍රිය සේවා සපයන්නා’ ලෙස ද නම් කර ඇති අතර එම වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය ශ්‍රේණිගත කළ ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ 10 න් එකක් බවට ද පත්විය. එමෙන්ම 2022 වසරේ Great Place to Work® විසින් ශ‍්‍රී ලංකාවේ බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ (BFSI) ක්ෂේත‍්‍රයේ හොඳම සේවා ස්ථාන 10 අතරට ද සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්‍රේණිගත කර ඇත.

සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව