සෙලින්කෝ ලයිෆ් දිවුලපිටියේ පරිසර හිතකාමී හරිත ශාඛා ගොඩනැගිල්ලක් විවෘත කරයි

Divulapitiya Green branch opening (1)

මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයාට අයත් 39 වන ශාඛා ගොඩනැගිල්ල වන මෙය දිවුලපිටිය නගරයේ පළමු හරිත ගොඩනැගිල්ලයි

සෙලින්කෝ ලයිෆ් සමාගමට අයත් ඉඩමක සැලසුම් සහගතව ඉදිකර විවෘත කෙරුණු සමාගමට අයත් දිවුලපිටිය ශාඛාව මෙම නගරයේ විවෘත කෙරුණු පළමු හරිත ගොඩනැගිල්ල විය.

සෙලින්කෝ ලයිෆ් සමාගමට අයත් ඉඩමක ඉදිකළ 39 වන සෙලින්කෝ ලයිෆ් ශාඛා ගොඩනැගිල්ල වන මෙය සමාගම විසින් ගම්පහ දිස්ත‍්‍රික්කයේ ඉදිකළ හතරවන ශාඛා ගොඩනැගිල්ල වේ. තට්ටු දෙකකින් යුක්ත මෙම ගොඩනැගිල්ල වර්ග අඩි 5,500 ක ඉඩකඩකින් සමන්විත වන අතර සමාගමට අයත් ඉඩම්වල ඉදිකරන ශාඛා සඳහා නිර්දේශිත පරිසර හිතකාමී ක‍්‍රමවේදයන් භාවිතා කර තිබේ.

මෙම ශාඛා ගොඩනැගිල්ල අංක 131, මීරිගම පාර, දිවුලපිටිය යන ලිපිනයේ පිහිටා තිබෙන අතර මෙම ගොඩනැගිල්ල සඳහා සම්පූර්ණ බලශක්තිය ලබාදෙන්නේ කිලෝවොට් 20 ක සූර්ය විදුලිබල පද්ධතියක් මගිනි. මේ නිසා, මෙම ගොඩනැගිල්ල සඳහා ජාතික විදුලිබල පද්ධතියෙන් විදුලිය ලබා නොගන්නා බව සමාගම සඳහන් කරයි. මීට අමතරව, සමාගම විසින් පරිසරය ආරක්ෂා කර ගැනීමට දක්වන කැපවීම පෙන්නුම් කරමින් වැසි ජලය එක්රැස් කරන පහසුකමක් සහ අප ජලය පිරිපහදු කිරීමේ යන්ත‍්‍රාගාරයක්ද මෙම ශාඛා ගොඩනැගිල්ලේ ගොඩනගා ඇත.

මීට අමතරව, ස්වභාවික ආලෝකය උපරිම වශයෙන් ගොඩනැගිල්ල තුළට පැමිණෙන ලෙස මෙම ශාඛා ගොඩනැගිල්ල නිර්මාණය කර තිබෙන අතර බලශක්ති කාර්යක්ෂමතාවයෙන් යුතු විදුලි ආලෝකකරණ සහ වායු සමීකරණ පද්ධති සවිකර තිබේ. එසේම, මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා යොදාගෙන තිබෙන්නේ අවම ලී ප‍්‍රමාණයකි. සමාගම සඳහන් කරන්නේ මේ ආකාරයෙන් ශාඛා ගොඩනැගිලි ඉදිකරන ඉඩම්වල පරිසර හිතකාමී බව වර්ධනය කිරීම සඳහා රුක් රෝපණ වැඩසටහනක්ද ක‍්‍රියාත්මක කර තිබෙන බවයි.

දිවුලපිටිය ශාඛා ගොඩනැගිල්ලේ 50 දෙනෙකු දක්වා එකවර පුහුණුව ලබාදිය හැකි පුහුණු මධ්‍යස්ථානයක් සහ වාහන ගාල්කර තැබීම සඳහා වාහන අංගනයක් ඉදිකර තිබේ. 2006 වසරේදී කුලියට ගත් ස්ථානයක ආරම්භ කළ දිවුලපිටිය සෙලින්කෝ ලයිෆ් ශාඛාව මෙම ශාඛා ගොඩනැගිල්ලේ පිහිටවනු ඇත.

මේ ආකාරයෙන්ම සමාගමට අයත් ඉඩමක පහසුකම් සපිරිව ඉදිකළ තවත් හරිත ශාඛා ගොඩනැගිල්ලක් සමාගම විසින් 2020 සැප්තැම්බර් 17 වනදා යාපනය නෙල්ලිඅඩි ප‍්‍රදේශයේ විවෘත කළ අතර ඒ ආකාරයෙන් ඉදිකළ 37 වන ශාඛා ගොඩනැගිල්ල ලෙස ජනවාරි මාසයේදී මාලඹේ ශාඛා ගොඩනැගිල්ල විවෘත කරන ලදී. මේ අතර, සමාගම විසින් මේ ආකාරයේ හරිත ගොඩනැගිල්ලක් පිළියන්දල ඉදිකරමින් සිටින අතර සමාගමේ මීගමුව ශාඛාවේ ඉඩකඩ සහ පහසුකම් පුළුල් කිරීමද අරඹා ඇත.

 




 

 

සමාගම විසින් මේ වනවිට අනුරාධපුරය, ත‍්‍රිකුණාමලය, යාපනය, මඩකළපුව, මහනුවර, කළුතර, කුරුණෑගල, ගම්පහ, මාතර, ගාල්ල, තිස්සමහාරාමය, මීගමුව, රත්නපුරය, කොටහේන, ගල්කිස්ස සහ වැල්ලවත්ත යන ස්ථානවල සමාගමට අයත් ශාඛා ගොඩනැගිලි පිහිටුවා තිබෙන අතර මින් බොහෝ ප‍්‍රමාණයක් සඳහා මේ වනවිට විදුලිය ලබාගන්නේ සූර්ය බලශක්තිය මගිනි. මේ අතර, නව පරිසර හිතකාමී ආකෘතියට අනුව සමාගම විසින් හොරණ, පානදුර, වෙන්නප්පුව, බණ්ඩාරවෙල, හලාවත, කඩවත, යාපනය, මාලඹේ සහ දිවුලපිටිය ශාඛා ගොඩනැගිලි ඉදිකර තිබේ.

මෙරට ජීවිත රක්ෂණ කර්මාන්තයේ වැඩිම ශාඛා ජාලය වන ශාඛා 250 කට වැඩි ප‍්‍රමාණයක් පවත්වාගෙන යන සෙලින්කෝ ලයිෆ් මෙරට දිස්ත‍්‍රික්ක 25 ආවරණය වන පරිදි ගම් සහ නගර 142 ක ශාඛා පවත්වාගෙන යයි.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 32 හි දෙවන අර්ධය පුරා මෙරට ජීවීත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබේ. 2020 වසරේදී බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් මෙරට වටිනාම ජීවිත රක්ෂණ සන්නාමය ලෙසත් ස්ලිම්-නීල්සන් විසින් අඛණ්ඩව 14 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසත් සෙලින්කෝ ලයිෆ් සමාගම සම්මානයට පාත‍්‍ර විය. එසේම, 2019 වසරේදී ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශී‍්‍ර ලංකා ශාඛාව විසින් මෙරට ගෞරවණීයම සමාගම් 10 ලැයිස්තුවටද සමාගම ඇතුළත් කළ අතර 2019 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් අඛණ්ඩව හයවන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත් බිස්නස් ටුඬේ ශ්‍රේණිගත කිරීමේදී සමස්තයක් වශයෙන් මෙරට ප‍්‍රධානතම සමාගම් 30 අතුරින් 06 වන ස්ථානයටත් සමාගම තෝරා ගන්නා ලද අතර Great Place to Work® විසින් මෙරට සේවය කිරීමට සුදුසු උසස්ම ස්ථානයක් ලෙසින් සමාගම සහතික කර ඇත.

සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නවෝත්පාදනය, නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම දේශීය රක්ෂණ ක්ෂේත‍්‍රයේ මිනුම් ලකුණක් ලෙසට පිළිගැනීමට ලක්වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව