සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව සහ වාර්තාගතව 17 වැනි වසරටත් ජනප‍්‍රියතම ජීවිත රක්‍ෂණ සමාගම බවට පත්වී, ශ‍්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනාගනී

People's Award 2023 (LBN)

 



 

 

මෑතකදී 35 වැනි සංවත්සරය සැමරූ සෙලින්කෝ ලයිෆ් සමාගම පෙර නොවූ විරූ ලෙස අඛණ්ඩව 17 වැනි වසරටත් රටේ ජනප‍්‍රියතම ජීවිත රක්‍ෂණ සමාගම ලෙසට ශ‍්‍රී ලාංකික පාරිභෝගිකයින් විසින් තෝරාගෙන ඇත. මේ අනුව ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් පිරිනමන ‘ස්ලිම් කන්තාර්’ (SLIM – KANTAR ) ගෞරවනීය සම්මානයෙන් සමාගම පිදුම් ලැබීය.

මෙම සම්මානය පදනම් වන්නේ විනිශ්චය මණ්ඩලයක් විසින් නොව, සමීක්‍ෂණයක ප‍්‍රතිඵල මගින් නීර්ණය කරන ලද පාරිභෝගික මනාපයන් මත වන අතර, එය ජනප‍්‍රිය හැගීම්වල සැබෑ පිළිබිඹුවක් බවට පත්කරයි. සම්මාන වැඩසටහන ආරම්භයේ සිට සෑම වසරකම ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ මෙම ගෞරවය දිනාගත් එකම සමාගම සෙලින්කෝ ලයිෆ් වෙයි.

සෙලින්කෝ ලයිෆ් ජනප‍්‍රියත්වය මෙසේ යළි තහවුරු වූයේ, සමාගමේ 2022 මූල්‍ය ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත්කිරීමත් සමග දේශීය රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛත්වය ලෙස නිවේදනය වීමට අනතුරුවය. 2022 වසරේදී සෙලින්කෝ ලයිෆ් රක්‍ෂණ ඔප්පු හිමියන්ට ශුද්ධ හිමිකම් සහ ප‍්‍රතිලාභ වශයෙන් රුපියල් බිලියන 19ක දැවැන්ත මුදලක් ලැබුණු අතර, සමාගම සියයට 14ක (14%) වර්ධනයක් පිළිබිඹු කරමින් රුපියල් බිලියන 29.16ක දළ ලිඛිත වාරික ආදායමක් වාර්තා කළේය.

මෙම ගෞරවනීය සම්මානය පිළිබඳ අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ සමිත හේමචන්ද්‍ර මහතා මෙසේ ප‍්‍රකාශ කළේය. ‘සෙලින්කෝ ලයිෆ් පාරිභෝගිකයින්ගේ සිත් දිනාගත් බව පිළිගන්නා, ජනතාව ප‍්‍රමුඛ ජුරි සභාවක් විසින් රටේ හොඳම ජීවිත රක්‍ෂකයා ලෙස තෝරා ගැනීමට ලැබීම ගැන අපි නිතැතින්ම සතුටට පත්වෙනවා. අඛණ්ඩව මෙම සම්මානය දිනා ගනිමින් එම තත්ත්වය සනාථ කර තිබෙනවා. සෙලින්කෝ ලයිෆ් ගණුදෙනුකරුවන්ගේ හඬට සම්පූර්ණයෙන්ම අනුගත වූ සන්නාමයක් වන අතර, බහුවිධ ප‍්‍රජා මුලපිරීම් හරහා ඔවුන්ගේ අනාගතයට හා ජීවිතවලට විශාල වටිනාකමක්ද එක්කර තිබෙනවා.’

සෙලින්කෝ ලයිෆ් 2022 වසර අවසන් වූයේ රුපියල් බිලියන 191.5ක වත්කම්, රුපියල් බිලියන 45.63ක ඒකාබද්ධ ආදායමක්, රුපියල් බිලියන 134.9ක ජීවිත අරමුදලක් සහ රුපියල් බිලියන 165.9ක ආයෝජන කළඔක් ද සමගිනි.

2022 වසරේ දී ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් ‘වසරේ සන්නාමය’ ලෙසත්, ‘වසරේ සේවා සන්නාමය’ ලෙසත් නම් කළ අතර වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් අඛණ්ඩව නව වන වසරටත් ශී‍්‍ර ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සම්මානයට ලක් විය. සමාගම ආරම්භ කර ගෙවුණු වසර 35 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නම් කර ඇති අතර අඛණ්ඩව තුන්වැනි වසරටත් ශ‍්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස ද සම්මාන ලබා ඇත. සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව