සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව තුන්වන වසරටත් Great Place to Work සහතිකයෙන් පිදුම් ලබයි

GPTW 2022 - Composite (LBN Fill)

 



 

 

සේවා ස්ථාන සංස්කෘතීන් ඇගයුම සඳහා ගෝලීය වශයෙන් සුප‍්‍රකට Great Place to Work® විසින් සිදුකරන ලද ස්වාධීන විශ්ලේෂණයකට පසු සෙලින්කෝ ලයිෆ් සමාගම අඛණ්ඩව තුන්වන වසර සඳහාත් ශ‍්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස සහතිකකරණයට ලක් වී ඇත.

මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා මෙම විශ්ලේෂණයේදී පසුගිය වසරේදී මෙන්ම 2022 වසරේදී ද පිට පිටම විශ්වාසවන්ත දර්ශකයේ (Trust Index) ලකුණු පහක් වැඩිපුර ලබාගෙන Great Place to Work®සමස්ත වර්ගීකරණයෙහි සමාගමේ ස්ථානය ශක්තිමත් කර ගැනීමට සමත්වී තිබීම කැපී පෙනේ.

මෙම විශ්ලේෂණය සිදුකිරීමට විශ්වාසවන්ත දර්ශක සමීක්ෂණයක් (Trust Index© Survey) මගින් මූලධර්ම පහක් (විශ්වාසවන්තභාවය, ගෞරවය, සාධාරණත්වය, අභිමානය සහ මිත‍්‍රශීලීභාවය) පදනම් කරගනිමින් සේවකයින්ගේ අත්දැකීම පිළිබඳව තක්සේරුවක් සහ සංස්කෘතික විගණන (Culture Audit©) කළමනාකරණ ප‍්‍රශ්නාවලියක් මගින් දැනට සිටින පිරිස්වල ක‍්‍රියාමාර්ග පිළිබඳව තක්සේරුවක් සිදුකරයි.

Great Place to Work® සහතිකකරණය ලබාගැනීම සඳහා අවශ්‍ය ගෝලීය තක්සේරු ප‍්‍රමිතීන් සෙලින්කෝ ලයිෆ් 2020 සහ 2021 වසර වලදී ද ලබාගත් අතර ශ‍්‍රී ලංකාවේ බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ අංශයේ (BFSI) සමාගම් අතුරින් 2021 වසරේදී හොඳම සේවා ස්ථාන 10 අතරට පත්විය.

නවතම සමීක්ෂණයේදී ‘ආයතනික ප‍්‍රතිරූපය’, ‘අර්ථවත් වටිනාකම්’ සහ ‘අවංකභාවය’ යන සලකා බැලූ ප‍්‍රධාන අංශ යටතේ සෙලින්කෝ ලයිෆ් සමාගම ඉහළම වර්ගීකරණයක් ලබාගෙන තිබෙන අතර ‘කළමනාකරණ හැකියාව’, ‘සේවය කිරීමට කායිකව සුරක්ෂිතභාවය’, ‘කළමනාකරණ දැක්ම’ සහ ‘විශ්වසනීයත්වය’, යන කරුණු අතරින් හොඳම සේවා ස්ථාන අතර ප‍්‍රමුඛස්ථානයකට පත්වීමටද සමාගම සමත්වී තිබේ. සමාගම සඳහන් කරන්නේ කාන්තා පිරිමි සියළු සේවකයින්ට සමාන අවස්ථාක් ලබාදෙන සේවා ස්ථානයක් ලෙසින් මෙහිදී සෙලින්කෝ ලයිෆ් ඇගයීමට ලක්වී තිබෙන බවයි. මෙම සමීක්ෂණය සඳහා සමාගමේ 100% ක්ම පූර්ණ කාලීනව සේවය කරන සේවකයින් සම්බන්ධ කරගෙන තිබේ.

‘සේවකයින් සහ කළමනාකාරීත්වය අතර විශ්වාසය තහවුරු කරගෙන කටයුතු කිරීම වැදගත් වන අතරම අභියෝගාත්මක කාලයක එහි වැදගත්කම තවත් වැඩි වනවා.’ යනුවෙන් මෙම ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා පැවසීය. ‘මේ නිසා, අපගේ විශ්වාසවන්තභාවය පිළිබඳ දර්ශකය විශාල අභියෝග පැවති පසුගිය වසර දෙකක කාලය තුළදී අඛණ්ඩව වර්ධනය කරගැනීම පිළිබඳව අපි අතිශයින්ම සතුටු වෙනවා. සෙලින්කෝ ලයිෆ් විසින් සේවා ස්ථානයේ සංස්කෘතිය වඩාත් යහපත් අයුරින් දියුණු කිරීමට කැපවී සිටින බව මෙම සමීක්ෂණය මගින් නැවතත් සහතික කර තිබෙනවා.’

Great Place to Work® ඉහළ විශ්වාසය සහ ඉහළ කාර්ය සාධනයකින් යුත් සේවා ස්ථාන සංස්කෘතීන් ඇගයීම සඳහා ගෝලීය වශයෙන් නායකත්වය ලබා සිටී. විශිෂ්ට සේවා ස්ථාන දර්ශක සහ සේවා ස්ථාන සමාලෝචන ඇතුළු හිමිකාර ඇගයුම් මෙවලම්, උපදේශන සේවාවන් සහ සහතිකරණ වැඩසටහන් ඔස්සේ Great Place to Work® විසින් තිරසාර සහ පිළිගැනීමට ලක්වන සේවා ස්ථාන සංස්කෘතීන් පිළිබඳ විශේෂත්වයන්, ආකෘතීන් ආදිය ලබාදේ.

2022 වසරේ දී බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් සහ 2021 වසරේ ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ශ‍්‍රී ලංකාවේ වසරේ සේවා සන්නාමය ලෙස නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් සමාගම SLIM Kantar ජනතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී අඛණ්ඩව වාර්තාගත වසර 16 කට ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස නම් වී ඇත. ආරම්භ කර ගෙවුණු වසර 34 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට ද සමත්වී ඇති සෙලින්කෝ ලයිෆ් 2021 වසරේ LMD විසින් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ‘වඩාත් ජනප‍්‍රිය සේවා සපයන්නා’ ලෙස ද නම් කර ඇති අතර එම වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය ශ්‍රේණිගත කළ ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ 10 න් එකක් බවට ද පත්විය.

සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 − one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව