සෙලින්කෝ ලයිෆ් 2025 දී මිලියන 22.4 ක ප්‍රණාම ශිෂ්‍යයත්ව ලබා දීමට සැරසෙයි

ceylinco-life

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම වන සෙලින්කෝ ලයිෆ් විසින් දශක දෙකකට වැඩි කාලයකට පෙර දියත් කරන ලද ප්‍රණාම ශිෂ්‍යයත්ව වැඩසටහන තුලින් ඉහළ දක්ෂතා දැක්වූ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් හට 2025 වසරේ ශිෂ්‍යයත්ව ලබා දීම සඳහා රුපියල් මිලියන 22.4ක් වෙන් කරන බව නිවේදනය කර ඇත.

සෙලින්කෝ ලයිෆ් ප්‍රණාම ශිෂ්‍යයත්ව වැඩසටහනේ 24 වන සංස්කරණය සමඟ අධ්‍යාපන හා විෂය බාහිර විශිෂ්ටත්වය දිරිමත් කිරීම සඳහා සමාගම ආයෝජනය කර ඇති සමස්ත මුදල රුපියල් මිලියන 240 ක් වන බවත් ඉන් සිසුන් 3,498 ක සංඛ්‍යාවක් ප්‍රතිලාභ ලබා ඇති බවත් සමාගම පැවසීය.

 



 
පහ ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගය, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය, අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා දස්කම් දැක්වූවන් සහ ක්‍රීඩා, චිත්‍ර, නාට්‍ය, නව නිපැයුම් හෝ නිර්මාණාත්මක ක්ෂේත්‍රවලින් ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වූ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා කාණ්ඩ හතරක් ඔස්සේ සිසුන් 160 දෙනෙකු හට මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ප්‍රණාම ශිෂ්‍යයත්ව පිරිනැමීමට නියමිතය.

මෙම වසරේ ශිෂ්‍යයත්ව ලබන්නන් තෝරා ගැනීමේ අරමුණින් 2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගයෙන් දස්කම් දැක්වූ දරුවන්, 2023 වසරේ අ.පො.ස සා.පෙළ හා උ.පෙළ විභාගවලින් දස්කම් දැක්වූවන්, 2023-24 වසරවල විෂය බාහිර ප්‍රයත්නවලින් පිළිගැනීමට ලක් වූ සිසුන් අතරින් සුදුසුකම් ඇති අයගෙන් අයදුම්පත් භාර ගැනීම සෙලින්කෝ ලයිෆ් ආරම්භ කර ඇත. මේ සඳහා අයදුම්පත් භාර ගැනීම 2025 අප්‍රේල් මස 30 දිනෙන් අවසන් වේ.

සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන් අතර සෑම දිස්ත්‍රික්කයකම 5 ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගයෙන් ප්‍රථම ස්ථානය ලබාගත් දරුවෙකුට වසර පහක් තුළ රුපියල් 240,000 ක ශිෂ්‍යයත්වයක් හිමිවේ. එසේම, අ.පො.ස සා.පෙළ විභාගයෙන් සෑම දිස්ත්‍රික්කයෙන්ම ප්‍රථම ස්ථානය ලබාගත් දරුවන්ට වසර දෙකකදී රුපියල් 168,000 බැගින් ශිෂ්‍යයත්වයක් හිමිවේ. අ.පො.ස උ.පෙළ විභාගයේ විෂය ධාරාවන් අතරින් සෑම දිස්ත්‍රික්කයකම ප්‍රථම ස්ථානය ලබා ගන්නා දරුවන් හතර දෙනා හට එක වර ගෙවීමක් ලෙස රුපියල් 120,000 බැගින් ශිෂ්‍යයත්වයක් හිමි වේ.

විෂය බාහිර ක්‍රියාකාරකම්වල විශිෂ්ඨත්වය හඳුනා ගැනීම වෙනුවෙන් සෙලින්කෝ ලයිෆ් විසින් ක්‍රීඩා, චිත්‍ර, නාට්‍ය, නව නිපැයුම් හෝ නිර්මාණාත්මක ක්ෂේත්‍රවල කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති තවත් සිසුන් 10 දෙනෙකුට කුසලතා සම්මාන ලෙස එක් අයෙකුට රුපියල් 50,000 බැගින් පිරිනැමීමට නියමිය.

2022 සහ 2023 වසරවල ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වූ සෙලින්කෝ ලයිෆ් සමාගම, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස නම් වූ අතර 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇත.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 37 න් වසර 20 ක්ම මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − fourteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව