සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී විශිෂ්ටත්වය වෙනුවෙන් ඇගයීමට ලක්වේ

Image Of Quality Award (LBN)

සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් (පුද්ගලික) සමාගම, පසුගිය නොවැම්බර් මාසයේ පැවති ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් පිරිනමන ලද 2023 ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී (SLNQA) මධ්‍ය පරිමාණ නිෂ්පාදන සංවිධාන කාණ්ඩය යටතේ කුසලතා සම්මානයක් දිනාගන්නට සමත් විය.

2023 SLNQA උළෙලේ සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් ලැබූ මෙම ජයග්‍රහණය, ජාත්‍යන්තර හොඳම ප්‍රමිතීන් සහ පිළිවෙත් සමඟ සමාගම සිදු කරන කැපවීම ඉස්මතු කරන්න අතරම, ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ සමාගම දිනා ඇති විශ්වසනීයත්වය ද තහවුරු කරයි.

අඛණ්ඩ වර්ධනය, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ ගුණාත්මක නායකත්වය තුළින් ‘දේශය පෝෂණය කිරීම’ වෙනුවෙන් සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් සමාගම ගෙන යන නොසැලෙන මෙහෙවරට මෙම ඇගයුම මනා සාක්ෂියකි. පැහැදිලි දැක්මක් ඔස්සේ කටයුතු කරන සමාගම, ක්‍රියාවලි තුළ ඇති ශක්තිමත් බව, ශ්‍රම බලකාය බලගැන්වීම, පාරිභෝගික තෘප්තිය වැඩි කිරීම හා නිෂ්පාදන අංශයේ නව ප්‍රවණතා ඇති කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් ආයෝජනය සිදු කර ඇත.
 



 

ගනුදෙනුකරුවන්ට ඉහළම ගුණාත්මක ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන ලබා දීම වෙනුවෙන් සමාගම අඛණ්ඩව පෙන්නුම් කළ විශිෂ්ටත්වය සහ කැපවීම මෙම සම්මානය තුළින් ද නැවතත් සනාථ වී ඇත. ඊට අමතරව, සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් සමාගම තම ස්ථාවරය තවදුරටත් ඉහළ නැංවීමට මෙන්ම ගෝලීය තරඟකාරිත්වය කරා ශ්‍රී ලංකාව යන ගමනට දායක වීමට ද මෙම ඇගයුම විසින් දිරි බලයක් සපයයි.

ඩුබායි හි මූලස්ථානය පිහිටි Al Ghurair සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ලිමිටඩ් (SFML), එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ පවුල් ව්‍යාපාරවලින් එකකි.

පසුගිය වසර 17 පුරාවට, සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් සමාගම, ‘දේශය පෝෂණය කිරීමේ’ අරමුණ පෙරදැරිව ජාතියේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් සිටී. නවීනතම Swiss Buhler තාක්ෂණය භාවිතා කිරීම ඇතුළු විශේෂාංග රැසක් සමඟ ශ්‍රී ලාංකික වෙළඳපොළට නවෝත්පාදන පෙළක් හඳුන්වා දෙමින්, 7 Star සන්නාමය යටතේ හොඳම තත්ත්වයේ තිරිඟු පිටි බෙදා හැරීමට සමාගම කටයුතු කරයි.

SLNQA යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාතික සම්මාන උළෙලක් වන අතර එය තත්ත්ව කළමනාකරණය සහ කාර්යසාධන විශිෂ්ටත්වය පෙන්නුම් කරයි. මෙය ඇමරිකා එක්සත් ජනපදයේ Malcolm Baldrige ජාතික තත්ත්ව සම්මාන උළෙලේ (MBNQA) ගෝලීය වශයෙන් පිළිගත් නිර්ණායක මත පදනම් වූ සම්මාන උළෙලකි.

මෙහිදී අයදුම්කරුවන් ප්‍රධාන නිර්ණායක හතක් හරහා දැඩි ලෙස ඇගයීමට ලක් කෙරේ: නායකත්වය, උපායමාර්ගික සැලසුම්කරණය, පාරිභෝගික අවධානය, මිනුම් සහ දැනුම කළමනාකරණය, ශ්‍රම බලකාය කෙරෙහි අවධානය, මෙහෙයුම් අවධානය සහ ප්‍රතිඵල, ඒ නිර්ණායක හතයි.

ජාතික තත්ත්ව සම්මාන යනු ජාත්‍යන්තර වශයෙන් ද පිළිගැනීමක් සඳහා වන මාවතක් වන අතර, ඇගයුම්ලාභීන් බොහෝ විට ගෝලීය කාර්යසාධන විශිෂ්ටතා සම්මානය (GPEA) වැනි ජාත්‍යන්තර සම්මාන සඳහා ද සුදුසුකම් ලබයි.

 

Home  Facebook 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව