‘සුරකිමු ගංඟා “ජාතික ව්‍යාපෘතිය තුළින් ශ්‍රී ලංකාවේ පරිසරය සුරැකීමට සමපෝෂ අත්වැල් බැඳ ගනී.

Photo 2

2021 ඔක්තෝම්බර් 05

ශ්‍රී ලාංකේය පාරසරික වටිනාකම් මතු පරපුර වෙනුවෙන් සුරැකිම වෙනුවෙන් අඛණ්ඩව කැපවී කටයුතු කරන CBL සමපෝෂ අනුග්‍රහයෙන් පරිසර අමාත්‍යංශය සහ පරිසර අධිකාරිය පසුගියදා නව පියවරක් තබන ලදී. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වී යන පරිසර හානි අවම කර ගැනිමට නිර්මාණය කරන ලද  “සුරැකිමු ගංඟා“ ව්‍යාපෘතියේ ආරම්භක පියවරක් වශයෙන් මෙහිදි නව පරිසර හිතකාමී දිරාපත් වන බෑගයක් හඳුන්වා දුන්නේය. මැණික් ගං ඉවුර අසල රුහුණු කතරගම ඓතිහාසික පුදබිමේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය උත්සවාකාරයෙන් හඳුන්වා දීම සිදු කෙරිණි.

මහජනයා නිතර ගැවසෙන දිවයින පුරා පිහිටි පූජනීය ස්ථාන තුළ දිරාපත් නොවන පොලිතින් සහ ප්ලාස්ටික් බෑග් භාවිතය ඵලදායී ලෙස අවම කිරිම මෙහි අරමුණයි. ඒ අනුව මෙම පරිසර හිතකාමී බෑගය පළමුව පූජනීය ස්ථාන වෙත පරිත්‍යාග කිරිමට ද නියමිතයි.

පසුගියදා බොරලැස්ගමුව පූජනීය පිල්ලෑව බෝධිරාජ මහා විහාරයේදි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමපෝෂ පරිසර හිතකාමී බෑගය උත්සවාකාරයෙන් ජනගත කළේය. ඒ අනුව ගරු මහින්ද අමරවීර අමාත්‍යවරයාට මෙම පරිසර හිතකාමී බෑගය, CBL සමූහ අධ්‍යක්ෂකා නිශ්කා වික්‍රමසිංහ මහත්මිය, CBL සමූහ ව්‍යාපරයේ ප්‍රධාන විධායක නිළධාරි තිලංක ද සොයිසා මහතා සහ CBL සමූහ ව්‍යාපාරයේ අලෙවි සාමාන්‍යාධිකාරී ජයංග පෙරේරා මහතා විසින් පිරි නමන ලදි.

මෙම උත්සව අවස්ථාවේදි අදහස් දක්වමින් ගරු පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියේ කතරගම ඓතිහාසික පුදබිමේ පමණක් වාර්ෂිකව ටොන් 50ක් පමණ දිරාපත් නොවන පොලිතින් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්වන බවයි. පුජාභූමි අවට වෙළඳසල් නිසා මෙසේ පොලිතින් ජනතාව අතරට වැඩි වැඩියෙන් එක්වන බවද හෙතෙම අවධාරණය කළේය. දිරාපත් නොවන පොලිතින් බෑග් භාවිතය සීමා කිරිම සහ නියාමනය කිරිම සඳහා ක්‍රියාත්මක වන රජයේ නිතීන් සමඟ මෙම පරිසර හිතකාමී බෑගය මනා ආදේශකයක් බවද අමාත්‍යවරයා පැවසීය.

පරිසර හිතකාමී, ජනතාවාදී ව්‍යාපාර ප්‍රවේශයන් තුළින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන හරිත දැක්ම කෙරෙහි ඇති කළ හැකි බලපෑම පිළිබඳ අදහස් දක්වමින්, CBL සමූහයේ අලෙවි සාමාන්‍යාධිකාරී – ජයංග පෙරේරා මහතා පවසා සිටියේ, “ ශ්‍රී ලාංකේය මතු පරපුර, මනා පෝෂණයෙන් සහ යහපත් සාරධර්මයන්ගෙන් පරිපූර්ණ කරන අතරම, මතු පරපුර වෙනුවෙන් පරිසරය සුරැකීමේ කර්තව්‍යයට සමපෝෂ කැපවී සිටින බවයි. යහපත් සාරධර්ම ගොඩනැගීමේදී පරිසරය සුරැකීම ප්‍රධාන අංගයක් බවට පත්වන හෙයින්, ලෝකය සහ තමන්ගේ දේශය වෙනුවෙන් යුතුකම්, වගකීම් ඉටු කිරිමින්, මානව චින්තනය වෙනස් කිරිමේ මෙම කාර්‍යයේදී දරුවන් හට සුවිශාල මෙහෙවරක් පැවරේයැයි තමන් විශ්වාස බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය. . එබැවින් පරිසරය සුරැකීම වෙනුවෙන් දිරාපත් නොවන ප්ලාස්ටික් භාවිතය අවම කිරිමේ කාර්යයේදි ලොකු කුඩා සෑම පියවරක්ම සුවිශාල වගකීමක් ඉටූ කර​තැයි “ CBL සමූහයේ අලෙවි සාමාන්‍යාධිකාරී – ජයංග පෙරේරා මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.

CBL සමූහ ව්‍යාපරයේ ප්‍රමුඛතම වෙළඳ නාමයක් වන සමපෝෂ ලාංකේය තිරසාර ව්‍යාපාරික අවස්ථාවන් සඳහා ප්‍රධානව සහය දෙන වෙළඳ සන්නාමයකි. එම දායකත්වයේ ප්‍රතිඵලයක් ලෙස මෙම සමූහය 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික පුරවැසියා ලෙස ද නම් කෙරිණි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව