සිංගර්, HONOR Magic 6 Pro Smart ජංගම දුරකතනය එළි දක්වයි

Image 01 (LBN)

සිංගර් සමාගම විසින් Honor Magic 6 Pro හි තවත් විශිෂ්ට Smart ජංගම දුරකතනයක් ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙමින් මෙරට Smart ජංගම දුරකතන වෙළෙඳපොලේ සුවිසල් සංධිස්ථානයක් සනිටුහන් කරන ලදී. ඒ අනුව නවීන තාක්ෂණයෙන් යුත් Honor සන්නාමය සතු විශිෂ්ට කාර්ය සාධනයක් සහිත අලුත්ම Magic 6 Pro පාරිභෝගිකයා වෙත ගෙන ඒමට සිංගර් සමත් විය. පාරිභෝගික අවශ්‍යතාවන්ට මනාව ගැලපෙන නිෂ්පාදනයක් ලෙස පිළිගැනීමට ලක්ව ඇති Honor Magic 6 Pro ශ්‍රී ලාංකේය බුද්ධිමත් පාරිභෝගිකයින්ගේ ප්‍රියතම Smart ජංගම දුරකතනය බවට පත්වනු ඇත.

 


 

මෙම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් සිංගර් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා සඳහන් කර සිටියේ “ජාත්‍යන්තර තාක්ෂණය ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා වෙත ගෙන ඒම වෙනුවෙන් සිංගර් හි කැපවීම Honor සමඟ වන හවුල්කාරීත්වය තුළින් මනාව පිළිබිඹු වනවා. Honor Magic 6 Pro සතු විශේෂාංග හා කාර්ය සාධනය ඉහළ මට්ටමේ Smart ජංගම දුරකතන භාවිතයේ පුළුල් වෙනසක් ඇති කිරීමට හේතු වනවා. එසේම මෙම නවතම Smart ජංගම දුරකතනය ශ්‍රී ලාංකේය වෙළෙඳපොලේ සුවිසල් වෙනසක් ඇති කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.” යනුවෙනි.

අලුතින් හඳුන්වා දුන් Magic 6 Pro Smart ජංගම දුරකතනය DXOMARK හි gold label 5ක් හිමි කර ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයකි.  ගෝලීය Smart ජංගම දුරකතන අතර මෙම සම්මානය ලැබූ ප්‍රථම Smart ජංගම දුරකතනය ලෙසද Magic 6 Pro හඳුන්වා දිය හැකිය. පාරිභෝගික ඉලෙක්ට්‍රොනික පරීක්ෂණ හා ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනය වන DXOMARK විසින් Smart ජංගම දුරකතනයන්හි  කැමරා, බැටරි, ශබ්දය, සෙල්ෆි සහ තිරය වැනි විශේෂාංග පරීක්ෂාවට ලක් කොට ඇත. එම පරීක්ෂණයන් අනුව දැනට වෙළෙඳපොලේ ඇති ඉහළම තත්වයේ විශේෂාංගයන් Magic 6 Pro සතු බවට DXOMARK විසින් තහවුරු කොට ඇත.

මෙම අසමසම විශේෂාංගයන්ගෙන් යුත් Smart ජංගම දුරකතනය ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් වෙත ආර්ශණීය මිලක් යටතේ ලබා දීමට සිංගර් කටයුතු කර ඇත. AI motion sensing capture ඇතුළු අගනා කැමරාවකින් සුසැදි එය ඡායාරූපයක් ලබා ගැනීමේදී ස්වයංක්‍රීයව ග්‍රහණය කර ගැනීමේ අවස්ථාව හිමිකර දෙයි. කැමරාව සතු ඉතා වේගවත් ෂටරය ජංගම ඡායාරූපකරණයේ නවමු වෙනසක් අත්කර දෙනු ඇත්තේ පාරිභෝගිකයින්ට අලුත් අත්දැකීමක් එක් කරමිනි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Honor Sri Lanka හි කළමනාකාර Zeng Lexing මහතා “සිංගර් සමඟ එක් වෙමින් ීප්රඑ ජංගම දුරකතනය ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වෙනවා. අපගේ තාක්ෂණික විශිෂ්ටත්වයේ උච්චතම අවස්ථාවක් සනිටුහන් කරන මෙම Smart ජංගම දුරකතනය, භාවිත කරන්නන් හට අසමසම අත්දැකීමක් ලබා දීම සඳහා වන අපගේ කැපවීම මනාව ප්‍රදර්ශනය කරනවා. අලුත්ම විශේෂාංගයන්ගෙන් මෙන්ම විශිෂ්ට නිමාවන්ගෙන් සුසැදි Magic 6 Pro ශ්‍රී ලාංකේය Smart ජංගම දුරකතන පාරිභෝගිකයින්ගේ නොමඳ ආකර්ෂණය දිනාගනු ඇයි අපි විශ්වාස කරනවා” යනුවෙන් පැවසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකතනය බවට Honor පත් කිරීම අරමුණු කොටගත් සිංගර් මෙම එළි දැක්වීම තුළින් Magic 6 Pro හි භාවිත කිරීමේ හැකියාව හා විශිෂ්ට තත්වයය අවධාරණය කරයි. සිය Smart ජංගම දුරකතන නිෂ්පාදනයන් අතර Honor හි කල් පැවැත්ම වෙළෙඳපොල තුළ තහවුරු කිරීමටද සිංගර් කටයුතු කර ඇත.

ඉහළ ප්‍රමිතිය හා නව්‍යකරණය වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන සිංගර් ගෘහ උපකරණ වෙළෙඳපොලේ ප්‍රමුඛතම සන්නාමයක් ලෙස උසස් තත්වයේ නිෂ්පාදනයන් තුළින් වෙනස්වන පාරිභෝගික අවශතා සපුරාලීමට සමත්ව සිටියි. සිංගර් සමාගම විසින් අලුතින් හඳුන්වා දෙනු ලැබූ Magic 6 Pro Smart ජංගම දුරකතනය දැන්  දිවයින පුරා පිහිටි සිංගර් අලෙවිසැල් තුළින් මෙන්ම බලයලත් අලෙවිකරුවන්ගෙන් මිලදී ගත හැකිය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව