
2010 වසරේ සිට ස්වීඩනයේ සහ ෆින්ලන්තයේ උසස් අධ්‍යාපන අවස්ථාවන් දිනා ගැනීම සඳහා ලාංකික සිසුන් වෙත මග පෙන්වන ශ්‍රී ලංකාවේ පළමු අධ්‍යාපන උපදේශන සමාගම වන Eduzone Consultants (Pvt) Ltd සිය විශිෂ්ට ගමනේ 15 වැනි සංවත්සරය සාඩම්බරයෙන් සමරයි. ශ්‍රී ලාංකික සිසුන් විශාල ප්‍රමාණයක් වෙත සාර්ථකව අයදුම්පත් සකස් කිරීමට වසර ගණනාවක් පුරා Eduzone Consultants සිය දායකත්වය සපයා ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මේ වන විට ස්වීඩනයේ සහ ෆින්ලන්තයේ පුරවැසිභාවය ලබා සිටිති.එමෙන්ම රුපියල් බිලියන 1කට අධික මූල්‍ය ආධාර ප්‍රමාණයක් ලබා ගනිමින් ආකර්ෂණීය ශිෂ්‍යත්ව පිරිනැමීම වෙනුවෙන් ද මෙම උපදේශන ආයතනය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර තිබේ.
එතරම් ප්‍රචලිත සහ සමීප නොවූ විදේශීය කලාපයක් පදනම් කරගෙන ආරම්භ කළ පුරෝගාමී ආයතනයක් වන Eduzone Consultants වර්තමානයේදී ස්කැන්ඩිනේවියාවේ ඉහළ තලයක සිය නාමය සනිටුහන් කරමින් ශ්‍රී ලාංකික සිසුන්, උපාධිධාරීන් සහ වෘත්තිකයන් ඇතුළු බොහෝ පිරිසකගෙන් සමන්විත ජාලයක් දක්වා ඉහළ මට්ටමකට ගොඩනැගී ඇත.අධ්‍යයන කටයුතු සඳහා ගැළපෙන ගමනාන්තයක් ලෙස Eduzone Consultants විසින් ස්වීඩනය සහ ෆින්ලන්තය හඳුන්වා දුන් මුල් කාලයේදී ඒ පිළිබඳ ජනතාව තුළ තිබූ දැනුවත්භාවය ඉතා අවම වූ බැවින් ඒ සම්බන්ධයෙන් තිබූ උනන්දුව ද පහළ මට්ටමක පැවතිණි. කෙසේවෙතත් වසර 15ක වේගවත් ගමනේදී දෙරටේම ජාත්‍යන්තර සිසුන් සඳහා ඉහළම මූලාශ්‍ර රටවල් අතරට ශ්‍රී ලංකාව පැමිණ තිබෙන අතර එය අන්තර්ජාතික මට්ටමේ අධ්‍යයන සහ වෘත්තීය මාර්ගයන් පිරිනැමීම සඳහා Eduzone විසින් දක්වන ලද නොසැලෙන කැපවීම ඔස්සේ ලද විශේෂ ජයග්රහණයකී. 2014 වසරේදී Swedish Institute විසින් ශ්‍රී ලංකාව වෙත ප්රදානය කළ ශිෂ්‍යත්ව ත්‍රිත්වයෙන් දෙකක්ම Eduzone මඟින් මෙහෙයවූ සිසුන් ලබා ගැනීම Eduzone හි විශිෂ්ටත්ව පිළිබඳ මැනවින් පිළිබිඹු කරන නිදසුනකී.
වර්තමානයේදී විශ්වවිද්‍යාල මණ්ඩපවලින් ඔබ්බට මෙහි කාර්යභාරය විහිදී ඇති අතර ශ්‍රී ලාංකික කලාකරුවන් සහ රංගන ශිල්පීන් සඳහා වඩාත් ජනප්‍රිය ගමනාන්තයක් බවට ෆින්ලන්තය පත්ව තිබේ.එය මීට දශකයකට පෙර පැවති සංස්කෘතික සම්බන්ධතාවයට සාපේක්ෂව බොහෝ වෙනස් වී ඇත. Eduzone විසින් ස්කැන්ඩිනේවියාව පුරා ශ්‍රී ලාංකික ප්‍රජාව පෝෂණය කිරීම සඳහා සිදු කළ සුවිශේෂී කාර්යභාරය පිළිබඳ මෙම පරිවර්තනය කදිම සාක්ෂියක් වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් Eduzone Consultants (Pvt) Ltdහි නිර්මාතෘ සහ අධ්‍යක්ෂක චමල්ක අල්විස් සමරසිංහ මහතා මෙසේ සඳහන් කළේය.” සැමවිටම සිසුන් වෙත අව්‍යාජ, පර්යේෂණය කර සනාථ කරන ලද මෙන්ම අනාගතයට ගැළපෙන අධ්‍යාපන විකල්ප පිරිනැමීම අපගේ මෙහෙවරයි.දහස් ගණනක් සිසුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වසර ගණනාවක් මුළුල්ලේ අප කෙරෙහි තබා ඇති විස්වාසය ගැන අපි නිහතමානීව සතුටු වෙනවා. ශිෂ්‍යත්ව සහිත අධ්‍යයන මාර්ග වෙත ප්‍රවේශය තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි මෙන්ම තම පළමු උපාධිය ශ්‍රී ලංකාවේදී සම්පූර්ණ කරමින් ස්වීඩනයේ සහ ෆින්ලන්තයේ පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා ශක්තිමත් පදනමක් සකස් කිරීමට සිසුන් දිරිමත් කිරීම කෙරෙහි ද අපි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.”
සිය ශිෂ්‍යත්ව පහසුකම් තවදුරටත් පුළුල් කරමින් දිගු කාලීන වටිනාකමක් සහ රැකවරණයක් සනාථ කර උසස් අධ්‍යාපන ගමනාන්තයන් ප්‍රවර්ධනය කිරීමට Eduzone Consultants නිරන්තරයෙන් කැපවී සිටියි. ලෝකය තුළ වඩාත්ම ප්රගතිශීලී උසස් රටවල් කිහිපයක අධ්‍යයන හා වෘත්තීය ජාල සවිමත් කරමින් ජීවිත සවිබල ගැන්වීම සඳහා නව අවස්ථාවන් විවර කිරීම පිළිබඳ වූ සිය දැක්ම පදනම් කර ගනිමින් මෙම උපදේශන සේවාවන් ක්‍රියාත්මක කෙරේ.