සයිබර් අපරාධ වාණිජකරණය කිරීමෙන් අපරාධකරුවන් ‘මුදල් පසුපස හඹා යනු ඇත’ – Sophos

Sean Gallagher (LBN)

 



 

 

Ransomware යනු ආයතනයන්ට ඇති විශාලතම සයිබර් අපරාධ තර්ජනයන්ගෙන් එකක් බව 2023 Sophos තර්ජන වාර්තාව සඳහන් කරයි

අනාගත පරපුරේ සයිබර් ආරක්ෂාව සේවාවක් ලෙස නව්‍යකරණය කිරීමේ සහ බෙදා හැරීමේ ගෝලීය ප‍්‍රමුඛයා වන Sophos පසුගියදා එහි 2023 තර්ජන වාර්තාව ප‍්‍රකාශයට පත් කරන ලදී. සේවාවක් ලෙස සයිබර් අපරාධ පුළුල් කිරීම හරහා සයිබර් අපරාධ සිදු කිරීම සඳහා පෙළඹීමට ඇති සියලූම ආකාරයේ බාධක ඉවත් කරමින් සයිබර් තර්ජනයන්හි ස්වභාවය වෙනස් කිරීමට ලක් කරන සංවිධානයන්ට විශාලතම සයිබර් අපරාධ තර්ජනයක් ලෙස Ransomware පවතින ආකාරය මෙන්ම සොරකම් කළ රහසිගත තොරතුරු සඳහා වන ඉල්ලූම අඛණ්ඩව ඉහළ යන ආකාරය ද මෙම වාර්තාව මගින් සඳහන් කර ඇත.

Genesis වැනි සාපරාධී රහස් වෙළෙඳපොවල් දිගු කාලයක් තිස්සේ malware මෘදුකාංග සහ malware මෘදුකාංග යෙදවීමේ සේවා (malware-as-a-service) මිලදී ගැනීමට මෙන්ම සොරකම් කරන ලද රහසිගත තොරතුරු සහ අනෙකුත් දත්ත තොග වශයෙන් විකිණීමට හැකි වී ඇත. පසුගිය දශකය තුළ Ransomware හි ජනප‍්‍රියත්වයත් සමඟ සමස්ත ‘‘ransomware සේවාවක් ලෙස’’ ආර්ථිකයක් නිර්මාණය විය. 2022 දී අද වන විට, මෙම ‘සේවාවක් ලෙස’ ආකෘතිය පුළුල් වී ඇති අතර සයිබර් අපරාධ සාධකයන් අතර සෑම අංගයක්ම පාහේ ආරම්භක අවධියේ සිට හඳුනාගැනීම වැළැක්වීමේ ක‍්‍රම දක්වා මිලදී ගැනීමට අවකාශ ලැබී ඇත.

Sophos හි ප‍්‍රධාන තර්ජන පර්යේෂක ෂෝන් ගැලගර් මහතා සඳහන් කර සිටියේ ‘‘මෙය malware මෘදුකාංග, වංචා සහ වංචනික භාවිතයන් වැනි සේවාවන් අලෙවිය සඳහා වන සාමාන්‍ය ගෙවීම් පමණක් නොව ඉහළ මට්ටමේ සයිබර් අපරාධකරුවන් අද වන විට වෙනත් ක‍්‍රියාකාරීන්ට සේවා ලෙස සමහර අති නවීන ප‍්‍රහාරකයින් සතුව පැවති මෙවලම් හා හැකියාවන්ද අලෙවි කරනු ලබනවා. උදාහරණයක් ලෙස පසුගිය වසරේ අපිට OPSEC සේවාවක් වෙනුවෙන් වන වෙළෙඳ දැන්වීම් ද දක්නට ලැබුණා. එහිදී අලෙවිකරුවන් Cobalt Strike infections සැඟවීම සඳහා ප‍්‍රහාරකයන් වෙත සහයෝගය ලබා දීමට ඉදිරිපත් වූ අතර Metasploit වැනි නීත්‍යානුකූල වාණිජ මෙවලම් ලබා ගැනීමට ගැනුම්කරුවන්ට අවස්ථාව ලබා දෙන scanning සේවාවක්ද අපට දක්නට ලැබුණා. ඒ තුළින් ඔවුන්ට දුර්වලතා සොයා ගැනීමට මෙන්ම ඒවා උපයෝගී කර ගැනීමට හැකියාව උදා වනවා. සයිබර් අපරාධයක සෑම අංගයක්ම පාහේ වෙළෙඳ භාණ්ඩකරණය තර්ජනාත්මක ස්වභාවයට බලපානු ලබන අතර ඕනෑම ආකාරයක නිපුණතා මට්ටමක් සහිත  ඕනෑම ස්වභාවයක ප‍්‍රහාරකයෙකුට අවස්ථාව නිර්මාණය කරනවා’’ යනුවෙනි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව