සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙසක් උත්සවයට රට පුරා දන්සැල් රැසක් පවත්වයි

SANASA (LBN)

රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් මෙන්ම ප්‍රජා සත්කාරක ක්‍රියාදාමවල ඉදිරියෙන්ම සිටින සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් මෙවර වෙසක් උත්සවය නිමිති කර ගෙන වෙසක් සැරසිලි රැසක් සිදු කර තිබුණු අතර දන්සැල් රැසක්ද සංවිධානය කර තිබිණි. මැයි 22 වැනි දා සිට 27 වැනි දා දක්වා ප්‍රධාන කාර්යාලය ඇතුළුව දිවයින පුරා පිහිටි ශාඛා මට්ටමින් දන්සැල් රැසක් ක්‍රියාත්මක කළ අතර ඊට සමගාමීව වාර්ෂිකව සංවිධානය කරන එකම වර්ණයේ වෙසක් සැරසිලිවලින් දිවයිනේ සෑම ශාඛාවක්ව විචිත්‍රවත් කිරීමේ වැඩසටහනද ක්‍රියාත්මක කළේය.

 



 

මෙම වැඩසටහන් මාලාවේ ආරම්භය සනිටුහන් කරමින් මැයි 22 වැනි දින මඤ්ඤොක්කා දන්සැලක් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කොල්ලුපිටිය ප්‍රධාන කාර්යාලය අභියස සංවිධානය කර තිබුණු අතර ඒ සඳහා නන් දෙසින් විශාල පිරිසක් සහභාගී විය. වෙසක් දිනයට පමණක් සීමා නොවුණු දාන, සීල, භාවනා වැඩසටහන් රැසක් වසර මුළුල්ලේ සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් විසින් ක්‍රියාත්මක කරනු ලබයි. Great Place to Work ඇතුළු දෙස් විදෙස් සම්මාන රාශියක් දිනා ඇති සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ශාඛා 100කට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා ව්‍යාප්ත කර ඇති අතර වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක් සපයයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − ten =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව