සණස ලයිෆ් 2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට නිල රක්ෂණ අනුග්‍රාහකත්වය සපයයි

SANASA LIFE (LBN)

25 වැනි වරටත් සංවිධාන කෙරෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනට නිල රක්ෂණ සහකරු ලෙස අනුග්‍රාහකත්වය සැපයීමට මෙරට කීර්තිමත් ජීවිත රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් රක්ෂණ සමාගම කටයුතු කළ අතර ජනතාව තුළ අධ්‍යාපනය සහ දැනුම වර්ධනය කරමින් ප්‍රජා සංවර්ධනයට සහාය වීම සඳහා සණස ලයිෆ් රක්ෂණ සමාගමේ කැපවීම මෙම සහයෝගිතාව හරහා පිළිබිඹු වේ. මෙරට රක්ෂණ ක්ෂේත්‍රය තුළ විශ්වාසනීය නාමයක් ගොඩ නඟා ගෙන ඇති සණස ලයිෆ් රක්ෂණ සමාගම ආර්ථික, සාමාජීය හා පාරිසරික වශයෙන් රටේ සංවර්ධනය සඳහා දායක වන සමාගමක් ලෙස ජාතිකමය වශයෙන් වැදගත් වන මෙවැනි වැඩසටහන් සඳහා නිරන්තරයෙන් සිය දායකත්වය සපයයි. සණස ලයිෆ් රක්ෂණ සමාගම මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සිය අනුග්‍රාහකත්වය සැපයීමෙන් ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිත අවදානම ආවරණය කිරීමට මෙන්ම ජනතාව මානසික වශයෙන් සවි බල ගැන්වීමට එම සමාගම දක්වන දායකත්වය පිළිබිඹු වේ. ශ්‍රී ලාංකිකයන් තුළ සාක්ෂරතාව වර්ධනය කරමින් අධ්‍යාපනික ක්ෂේත්‍රය වර්ධනය කිරීමට එම සමාගම අඛණ්ඩව කැප වෙයි.

මෙම සහයෝගිතාව පිළිබඳව අදහස් දක්වමින් සණස ලයිෆ් රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නුවන්ප්‍රිය ගුණවර්ධන මහතා “ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ ලොකු පොඩි සියලුම පාඨකයන් අතර ජනප්‍රිය සාහිත්‍ය අංගයක් විදියට අපි හඳුනා ගෙන තිබෙනවා. මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලාංකික පාඨකයන්, ලේඛකයන්, පොත් ප්‍රකාශකයන්, සිසු සිසුවියන් සහ දැනුම සොයා යන්නන් ආදී වශයෙන් විවිධ තරාතිරම්වල පුද්ගලයන් එක් රැස් වන වාර්ෂික උත්සවයක් ලෙස හඳුන්වා දිය හැකියි. සණස ලයිෆ් රක්ෂණ සමාගම ශ්‍රී ලාංකික ජනතාවගේ හදගැස්ම හොඳින් හඳුනන, ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් සහිත සමාගමක්. මෙම සහයෝගිතාව හරහා සණස ලයිෆ් ආරක්ෂාව තහවුරු කිරීමට වාගේම ජනතාවගේ දැනුම වර්ධනය කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මෙවැනි ජාතික වැඩසටහන්වලට ඉදිරියේදීත් අපගේ පූර්ණ සහයෝගය දක්වනවා. පොත් අපට ආලෝකය කරා ගමන් කිරීමට මඟ පෙන්වනවා. ජීවිතයේ අවදානම අවම කරමින් විශ්වාසයෙන් යුතුව ජීවිතය සොයා යාමට සණස ලයිෆ් රක්ෂණ සමාගම ශ්‍රී ලාංකික ජනතාවට සහයෝගය දක්වනවා. මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සාර්ථකත්වය සඳහා සුබ පැතීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.” යනුවෙන් පැවසීය.

 

Home  Facebook

 
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව