ෂෙල් ඉන්ධන සිල්ලර වෙළඳාම RM පාර්ක්ස් සහ ට්‍රයි ස්ටාර් සමාගම් සමූහයේ හවුල්කාරිත්වයෙන් ඇරඹේ

Image 02 (LBN)

ෂෙල් සන්නාමය දරන ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉන්ධන පිරවුම්හල අඹතලේ බී. එස්. කුරේ පිරවුම්හලේදී විවෘත වන ලදී. ඒ, ෂෙල් බ්‍රෑන්ඩ්ස් ඉන්ටනැෂනල් AG (ෂෙල්) සහ සීමාසහිත RM පාර්ක්ස් පුද්ගලික සමාගම සහ ෂෙල් සහ RM පාර්ක්ස් සමාගම් වලට අනුබද්ධිත සමාගම් අතර සිල්ලර වෙළඳ සන්නාමය සඳහා බලපත්‍රය ලබාගැනීමේ එකඟතා ලියවිල්ලට අත්සන් තැබීමෙන් අනතුරුවයි.
 



 

ට්‍රයිස්ටාර් සමූහ ව්‍යාපාරයේ හවුල්කාර සමාගමක් වන සීමාසහිත RM පාර්ක්ස් පුද්ගලික සමාගම, ඉන්ධන සහ ගෑස් ක්ෂේත්‍රයන්ට ඉන්ධන සපයන්නාවූ සම්පූර්ණයෙන් ඒකාබද්ධ ව්‍යාපාරයක් වන අතර, සහ RM Parks Inc. සමාගම උතුරු ඇමරිකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළට ෂෙල් ඉන්ධන බෙදාහැරීමේ පළපුරුද්දලත් සමාගමකි.

ආර්.එම්. පාර්ක්ස් (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකාව පුරා පිහිටි සිල්ලර ඉන්ධන පිරවුම්හල් 150ක ජාලයක් ෂෙල් ලෙස නැවත සන්නාමකරණය කරනු ඇත. මෙය 2023 දී ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් හා බලශක්ති අමාත්‍යාංශය විසින් ආරම්භක වසර 20ක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට ලබා දුන් කොන්ත්‍රාත්තුවකි.

ට්‍රයිස්ටාර් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි (CEO), යුජීන් මේන් මහත්මිය පවසන්නේ, “මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවේ බලශක්ති අංශයේ ඉදිරි ගමනට වැදගත් ගුණාංගයක් එක් කරයි. එය RM Parks ආයතනයේ ඉන්ධන බෙදාහැරීම් සහ ට්‍රයිස්ටාර් සමූහයේ ශක්තිමත් ලොජිස්ටික් හා සැපයුම් දාම ක්‍රියාකාරිත්වයන් එකට එක් කරයි. මෙම හවුල්කාරිත්වය ඉලක්ක කරන්නේ හොඳම ජාත්‍යන්තර ක්‍රමවේද, උසස් සේවා ප්‍රමිතීන්, සහ නවෝත්පාදන ඉන්ධන විසඳුම් ශ්‍රී ලංකා භාවිතා කරන්නන්ට ප්‍රයෝජනයක් වන ලෙස ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම් බිම්කථනය වර්ධනය කිරීමයි.”

ආර්.එම්. පාර්ක්ස් ඉන්ක්. හි සභාපති, ජේසන් කැලිසන් මහතා පැවසුවේ, “අපි ශ්‍රී ලංකාවේ අපගේ පළමු ෂෙල් සන්නාමය ලබා ඇති පිරවුම්හළ විවෘත කරමින් සිටින අද දිනය අනර්ග පියවරක් ඉදිරියට තබන දිනයක් වනවා. සියවසකට වඩා කාලයක් තිස්සේ ෂෙල් ලෝකය පුරා ඉහළම ගුණාත්මකභාවය, විශ්වාසය සහ නවෝත්පාදනය සඳහා නමක් ලබා ඇති සන්නාමයකි. ෂෙල් සන්නාමය, ඉන්ධන හා ලුබ්‍රිකන්ට්ස් ගුණාත්මකභාවය සඳහා පමණක් නොව, තිරසාර බව, තාක්ෂණය සහ ප්‍රජා සංවර්ධනය සඳහා නොසැලෙන කැපවූවකි. ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ තුන්වන පරම්පරාවේ ඉන්ධන අලෙවිකරුවකු වන ආර්.එම්. පාර්ක්ස් ඉන්ක්., ලෝකයේ ඉහළම බලශක්ති ලොජිස්ටික් සමාගක් වන ට්‍රයිස්ටාර් සමූහ ව්‍යාපාරය සමඟ, ඒ ප්‍රෞඩ උරුමය සමඟ ශ්‍රී ලංකාවට එළඹ එහි ඉදිරි වර්ධනය සහ සංවර්ධනය සඳහා හවුල්කරුවෙකු ලෙස එක්වීමට උද්යෝගිමත්ව බලා සිටිමු. අපට මෙම අවස්ථාව ලබා දීම ගැන ශ්‍රී ලාංකේය ජනතාවට ස්තුතිවන්ත වන අතර, ඔවුන්ට ගෞරව කරමින්, ශ්‍රී ලංකාවේ උන්නතිය වෙනුවෙන් අපි කැප වන බව ප්‍රකාශ කරමු.”

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජුලී චන්ග් මහත්මිය ප්‍රකාශ කළේ, “ශ්‍රී ලංකාව තුළ ෂෙල් සන්නාමය සහිත ඉන්ධන පිරවුම්හල් දියත් කිරීම වැදගත් සංධිස්ථානයක් වන අතර, ඉන්ධන හිඟයකට මුහුණ දී සිටි රටකට විශ්වාසදායක ලෙස ඉන්ධන බෙදා හැරීමේ විකල්පයන් සපයයි.  බෙදාහැරීමේ සහ සේවා විශිෂ්ටත්වයේ කීර්තිමත් ප්‍රමුඛයෙකු වන කැලිෆෝනියාවේ ආර් එම් පාර්ක්ස් ඉන්කෝපරේෂන් ආයතනය සමඟ මෙහෙයවනු ලබන මෙම හවුල්කාරිත්වය ලොව පුරා බලශක්ති අභියෝග සඳහා ඇමරිකානු ව්‍යාපාරයන් විසඳුම් සපයන ආකාරය විදහා දක්වයි. රැකියා උත්පාදනය, අඛණ්ඩ සහ ස්ථාවර ඉන්ධන සැපයුම, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ ස්ථාවරත්වයට මෙම ප්‍රයත්නය සහාය වනු ඇත.”

ෂෙල් මොබිලිටිහි බලපත්‍රලාභී වෙළඳපොලේ සාමාන්‍ය අධිකාරි ෆ්ලෙවියා රිබෙයිරෝ පෙසන්හා මහත්මිය මෙසේ පැවසුවාය: “මේ විවෘත වන්නේ ඉදිරි මාස සහ වසර කිහිපය තුළ විවෘත වීමට නියමිත ඉන්ධන පිරවුම්හල් සමුදායේ ප්‍රථම පිරවුම්හලයි. ශ්‍රී ලංකාවේ නගරවල සහ ප්‍රධාන මං මාවත්වල ෂෙල් සන්නාමය දැකීමට අපි නොඉවසිල්ලෙන් බලා සිටිමු. ලොව පුරා රියදුරන් අතරින් දිනපතාම මිලියන 33ක් පමණ රියදුරන් ෂෙල් සේවා මධ්‍යස්ථාන වෙත පැමිණෙනවා. ඒ, දිනෙන් දින වැඩි දියුණුවෙන අනර්ඝ තත්ත්වයේ ඉන්ධන මෙන්ම, සුහද පිළිගැනීමක් සමගම සුවපහසුව ලබා දෙන විවේකයක් ලබා ගැනීමටයි. ෂෙල් සේවා මධ්‍යස්ථාන සිය සේවා දායකයින්ට පහසුකම්, උසස් තත්ත්වය සහ තෝරා ගැනීමට විවිධ දෑ මෙම මධස්ඨාන ලබා දෙයි.”
 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව