බි්රතාන්යය රජය විසින් ශ්‍රී ලාංකිකයින්ට පනවා තිබූ සංචාරක ගමන් සීමා ලිහිල් කිරීම සමඟ එමිරේට්ස් ගුවන් සමාගම ශ්‍රී ලංකාවේ සිට බි්රතාන්යයේ ගමනාන්ත පහක් සඳහා ගුවන් මගීන්ට විශේෂ ගාස්තු නිවේදනය කර ඇත.
ඔක්තෝම්බර් 04 වනදා සිට අලෙවි කරන මෙම විශේෂ ගාස්තු ලන්ඩන්, බර්මින්හැම්, මැන්චෙස්ටර්, නිව්කාසල් සහ ග්ලාස්ගෝ යන ගමනාන්ත දක්වා 2022 මාර්තු 31 දක්වා සංචාරය කිරීමට වලංගු වන අතර ඒ සඳහා ගුවන් ටිකට් පත් 2021 ඔක්තෝම්බර් 17 වනදාට පෙර වෙන් කරවා ගත යුතු බව එමිරේට්ස් සඳහන් කරයි.
මෙම විශේෂ ගුවන් ගාස්තු බදු ඇතුළුව ඉකොනොමි පන්තියේ මගීන් සඳහා ඇමරිකානු ඩොලර් 821 කින් (පවතින විනිමය අනුපාත අනුව රුපියල් 164,200 ක්) ආරම්භ වන අතර ව්‍යාපාරික පන්තියේ මගීන් සඳහා ඇමරිකානු ඩොලර් 2,369 කින් (පවතින විනිමය අනුපාත අනුව රුපියල් 473,800 ක්) ආරම්භ වේ. මෙම ගාස්තුවල රුපියල් වටිනාකම ගුවන් ප්‍රවේශපත් මිලදීගන්නා දිනයේදී පවතින විනිමය අනුපාතය අනුව තීරණය වන බව සමාගම සඳහන් කරයි.
එමිරේට්ස් ගුවන් ගමන් emirates.com වෙබ් අඩවියෙන්, ගමන් නියෝජිතයින් මාර්ගයෙන් හෝ එමිරේට්ස් විකුණුම් කාර්යාලයෙන් වෙන්කරවා ගත හැකිවේ.
උසස් අධ්‍යාපන කටයුතු සඳහා සංචාරය කරන සිසුන්ට, නැවතත් ජාත්‍යන්තර සංචාරක කටයුතු අරඹන ව්‍යාපාරික විධායක නිළධාරීන්ට, බි්රතාන්යයේ වෙසෙන තම මිතුරන් සහ පවුලේ සාමාජිකයින් බැහැ දැකීමට යන ශ්‍රී ලාංකිකයින්ට මෙම ගුවන් ටිකට්පත් කලින් වෙන්කරවා ගැනීම මගින් ඉහළ ප්‍රතිලාභයක් හිමිකර ගත හැකිබව එමිරේට්ස් සමාගම පවසයි.
මෙම විශේෂ ගාස්තු ආවරණය වන කාලය තුළදී සංචාරය කිරීම මගින් ගුවන් මගීන්ට ඩුබායි හි දින 21 ක් දක්වා විවේකයක් ලබාගත හැකි අතර ඔවුන්ට 2020 එක්ස්පෝ ප්‍රදර්ශනයටද සහභාගී විය හැකි වේ. මෙම දැවැන්ත ගෝලීය වැඩසටහන පැවැත්වෙන කාලයේදී ඩුබායි වෙත පැමිණෙන සහ ඩුබායි හරහා ගමන් කරන එමිරේට්ස් ගුවන් මගීන්ට සමාගම විසින් නොමිලේ එමිරේට්ස් එක්ස්පෝ දින ප්‍රවේශ පත්‍රයක් ලබාදීමට කටයුතු කරයි. මෙම ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට වෙබ් අඩවියට පිවිසෙන්න.
කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ එමිරේට්ස් සිය ගෝලීය ජාලය ආරක්ෂාකාරී සහ තිරසාර ලෙස ක්‍රම ක්‍රමයෙන් නැවතත් ගොඩනැගූ අතර අද මගී ගුවන් ගමන් ගමනාන්ත 120 කට වැඩි ප්‍රමාණයකට සේවා ක්‍රියාත්මක කරයි. ඒ තුළින් මගීන්ට ඩුබායි හරහා ඇමරිකාව, යුරෝපය, අප්‍රිකාව, මැදපෙරදිග සහ ආසියා පැසිෆික් කළාපයට පහසුවෙන් ගමන් කිරීමේ අවස්ථාව සමාගම විසින් උදාකර දී තිබේ.