ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ මොබිටෙල් එක්ව විදේශ රටවල සේවය කරන ශ‍්‍රී ලාංකිකයන්ට ‘රන් පියාපත්’ සන්නිවේදන පැකේජය හඳුන්වාදෙයි.

Image-1

විදේශ රටවල සේවය කරන ශ‍්‍රී ලාංකිකයන්ගේ දිගු කාලීන අවශ්‍යතාවය සපුරාලමින් තමන්ගේ ආදරණීයයන් සමඟ පහසුවෙන් සම්බන්ධවීමට ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජාතික ජංගම සේවා සැපයුම්කරු වන මොබිටෙල් ආයතනය,  සමඟ අත්වැල් බැඳගනිමින් ‘රන් පියාපත්’ සන්නිවේදන පැකේජය හඳුන්වාදීමට කටයුතු කර ඇත.

වසර ගණනාවක් පුරා, මිලියනයකට ආසන්න පිරිසක් රැකියා සඳහා විදෙස්ගතව ඇති අතර, මෙමගින් ශ‍්‍රී ලංකාවට සැලකිය යුතු විදේශ විනිමයක් ලැබෙමින් පවතී. මෙම රන් පියාපත් සන්නිවේදන පැකේජය විදේශ රටවල සේවය කරන ශ‍්‍රී ලාංකිකයන් වෙනුවෙන් විශේෂ ගාස්තු සහිත සන්නිවේදන පහසුකමින් සහ ශ‍්‍රී ලංකාවේ වෙසෙන සිය පවුලේ උදවියට ද විශේෂ ගාස්තු සහිතච දේශීය ඇමතුම් ලබාදෙන පරිදි  සකස්කර තිබේග මෙම පැකේජය මඟින් විදේශ රටවල සේවය කරන ශ‍්‍රී ලාංකිකයන්ට පළමු මාසයේ ශ‍්‍රී ලංකාවට නොමිලේ ඇමතුම් මිනිත්තු 200ක් ලබාදෙනු ලැබේ. තවද ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට 1989 මගින් ක්ෂණික ඇමතුම් නොමිලේ  ලබාගැනීමට හැකි අතර දෙවන මාසයේ සිට විශේෂ ප‍්‍රතිලාභ රැසක්ද මෙම පැකේජයට හිමිවේ. විදේශ රටවල සේවය කරන අපේ හිතවතුන්ගේ අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි නිර්මාණය කරඇති ‘රන් පියපත්’ පැකේජය මඟින් ඔවුන්ගේ හිතවතුන්ට ඉතාම සාධාරණ මිලකට වැඩි කාලයක් වීඩියෝ ඇමතුම්, voice ඇමතුම්ල කෙටි පණිවුඩ හෝ වෙනත්  ඕනෑම මාධ්‍යයක් හරහා තම ආදරණීයයන් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව ලබා දී තිබේ. පාරිභෝගිකයින්ට  වැඩි වටිනාකමක් එක්කරමින් මොබිටෙල් සමාගම විදේශ රටවල සේවය කරන සිය  ශ‍්‍රී ලාංකීය පවුල්වලටද පළමු මාසයේ මොබිටෙල් ජාලය තුළ නොමිලේ විනාඩි 1000ක් SMS 1000ක් සමග අන්තර්ජාල පහසුකම් සඳහා MB 1000 ක් ද ලබාදීමට කටයුතු කර තිබේග

පළමු  මාසයෙන්  පසුව  රිලෝඞ් කිරීමට ලංකාවේ සිට හැකියාව ඇත. තවද පක්‍්ිය භාවිතා කිරීමෙන් හෝ www.mobitel.lk වෙත පිවිසීමෙන් රිලෝඞ් සිදුකර ගත හැක. මොබිටෙල් ආයතනය D told, TransferTo, Lanka reload, Matrix, Tranglo, Kapruka and Teleseene ආදී අන්තර්ජාතික සේවා නියෝජිතයන් සමඟ අත්වැල්බැඳගත් බැවින් විදේශගතව සිටින සේවකයන්ට ඉතාම පහසුවෙන් තමන්ගේ පැකේජයට රීලෝඞ් දමාගැනීමේ හැකියාව ලබා දී තිබේ.

සිය පවුලේ සාර්ථකත්වය උදෙසා විශාල පිරිසක් වාර්ෂිකව පිටරටවල සේවය කිරීමට ශ‍්‍රී ලංකාවෙන් පිටත් වෙයි. ඔවුන් තමන්ගේ ආදරණීයන් සහ පවුලේ සියලූ දෙනාගෙන් දුරස්ථව තනියමම දුර ඈත රටක සේවය කිරීමට පැමිණ සිටී. ‘රන් පියාපත්’ පැකේජය නිසා තමන්ගේ ආදරණීයන් සමඟ නිතර සම්බන්ධවීමේ අවස්ථාව ඔවුන්ට හිමිවේ. ඔබ ළඟම සැමදා සිටින මොබිටෙල් උසස් තත්ත්වයෙන්, පහසුවෙන් සහ ඉතාම සාධාරණ මිලකට විදේශයේ සේවය කරන අයට සන්නිවේදන පහසුකමත් ශ‍්‍රි ලංකාවේ සිටින අයට දේශීය පැකේජයත් ලබාදෙයි.

පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් ආයතනයක් ලෙස මොබිටෙල් ආයතනය සැමවිටම ඉලක්කගත කණ්ඩායම්වල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට දැඩිව කැපවෙයි. ජාතියේ ජංගම දුරකථන ජාලය මොබිටෙල් විසින් ආරක්ෂාකාරී, සහතික කළ සහ ආර්ථීක වශයෙන් ලාභදායී සන්නිවේදන පැකේජයක් විදේශ රටවල සේවය කරන අයට නිර්මාණය කරදීමට වෙහෙසවී ඇත. විදේශ සේවා නියුත්කි කාර්යාංශය සමඟ අත්වැල් බැඳගත් මොබිටෙල් විසින් දැන් සිය පවුලේ යහපත වෙනුවෙන් දුර රටක සේවය කිරීමට පැමිණි අපේම අයට ශ‍්‍රී ලංකාවේ සිටින තමන්ගේ පවුලේ උදවිය සමඟ වඩාත් සමීපව සබඳතාවය පවත්වාගැනීමට අවශ්‍ය සන්නිවේදන පහසුකම් සපයයි. ‘රන් පියාපත්’ පැකේජය රෝමිං සහ දේශීය ඇමතුම් සහිතව සුවිශේෂී විශේෂාංග රැසක් සමඟ අපේ රට ඉහළට ඔසවා තබන්නට තමන්ගේ දහඩිය වෙහෙසන විදේශ නියුක්තිකයන් වෙනුවෙන් ලබාදෙයි. ඔබ සමඟයි සැමදා යන තේමා පාඨය යථාවත් කරන්නට සැමදා කැපවන මොබිටෙල් ආයතනය දුර රටක සිටියත් තමන්ගේ ආදරණීයන් සමඟ සම්බන්ධවීමට සැමදෙනා තුලම ඇති කැමැත්ත වඩා යහපත් අයුරින් ඉටුකරගැනීමට සහයවන අතරම පාරිභෝගික කේන්ද්‍රීය ආයතනයක් ලෙස රටේම ජනතාවට වඩාත් සාධාරණ මිලකට නව්‍ය සන්නිවේදන තාක්ෂණික හඳුන්වාදීම් සිදුකරයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen + 8 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව