ශ්‍රී ලාංකික කාන්තාවන් තුළ පවතින ශක්තිය විදහා පාන Queen of the World Sri Lanka

Image 01 (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ කාන්තාවන් තුළ පවතින ශක්තිමත් බව සහ අසීමිත හැකියාවන් පිළිබඳ පණිවුඩය ලෝකය වෙත ගෙන යාම වෙනුවෙන්  2023 සැප්තැම්බර් 22 වැනි දින නෙළුම් පොකුණ රඟහලේ දී Queen of the World Sri Lanka තරඟාවලිය පැවැත්වීමට නියමිතව පවතින අතර, අවසන් මහා තරඟයට ප්‍රථම සැප්තැම්බර් 17 වන දින සිට සැප්තැම්බර් 22 දා දක්වා සුවිශේෂී සංදර්ශන සතියක් ක්‍රියාත්මක කිරීමට ද සියලු ම කටයුතු සූදානමින් පවතී.

සංස්කෘතිය (Culture) , ඉවුම් පිහුම් (Cooking) සහ රැකවරණය (Caring) යන C 3 සංකල්පය පෙරදැරි කර ගත් මෙරට කාන්තාවන්ගේ සැඟවුණු කුසලතා පුබුදුවාලීමට  Queen of the World Sri Lanka තරඟය අත්වැලක් වනු ඇත. මෙය ඉතා සුවිශේෂී අත්දැකීමක් බවට පත් කිරීම සඳහා මෙරට විවිධ ක්ෂේත්‍ර තුළ ප්‍රවීණත්වයට පත් ජ්‍යේෂ්ඨයින් ගණනාවක් මෙම උත්සවයට සහභාගි වීමට නියමිත බව සංවිධායක මණ්ඩලය විසින් දැනුම් දෙනු ලබයි. සාම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට ගිය වැඩසටහන් රාමුවකින් යුතු Queen of the World Sri Lanka තරඟයේ ජයග්‍රාහිකාවන් මෙරට සාරධර්ම සහ පරමාදර්ශයන් ලොව වෙත ගෙන යන සංකේතය බවට පත් කිරීමේ අරමුණ නිසා ම මෙය  ශ්‍රී ලංකාවේ, කාන්තා හඬ ජාත්‍යන්තරය වෙත ගෙන යන ප්‍රධාන වැඩසටහනක් ලෙස ද හඳුන්වා දිය හැකිය.

මිලියන 22 කට අධික මෙරට  ජනගහනයෙන් 52%ක් කාන්තාවන් වන අතර, ඔවුන්ගේ දක්ෂතා සහ හැකියාවන් නිවැරදි ක්‍රමවේදයක් ඔස්සේ ලෝකය වෙත ගෙන යාම අත්‍යවශ්‍ය වේ. මෙම අවශ්‍යතාව සඳහා වේදිකාවක් නිර්මාණය කරන Queen of the World Sri Lanka තරඟාවලියේ අවසාන මහා තරඟය ඇතුළු සියලු ම තරඟ වටවල දී   තරඟකාරිණියන්ගේ විවිධ දක්ෂතා සහ පෞරුෂයන් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබා දෙයි.

මෙවර Queen of the World Sri Lanka තරඟය, Miss Queen (වයස අවුරුදු 18-29/අවිවාහක), Miss Queen (වයස අවුරුදු 30ට වැඩි/අවිවාහක), Mrs. Queen (වයස අවුරුදු 18-55/විවාහක) සහ Elite Queen (වයස අවුරුදු 55ට වැඩි /අවිවාහක හෝ විවාහක) යන කාණ්ඩ 4 යටතේ පැවැත්වෙයි. මෙහි දී ජය ගන්නා ජයග්‍රාහිකාවන්ට ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ලෝක රූ රැජින තරඟයේ දී  ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා අවස්ථාව හිමි වේ.

Queen of the World Sri Lanka හි ජාතික අධ්‍යක්ෂිකා, NS Beauty Globe (Private) Limited හි ප්‍රධාන විධායක නිලධාරිණිය සහ අධිපතිනිය වන නදීකා සෙනෙවිරත්න මහත්මිය අදහස් දක්වමින්, “අප නිර්මාණය කරන රූ රැජිනියන් ශාරීරික රූ සපුවෙන් වගේ ම සමාජ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවීම අතිනුත් ඉදිරියෙන් ම සිටින චරිත බව පැවසිය යුතු ම යි. ඔවුන් සෑම විටම කාන්තා අයිතිවාසිකම් සහ කාන්තාවන් සවි බල ගැන්වීම වෙනුවෙන් පෙනී සිටින ආදර්ශමත් චරිත බව පැවසුවොත් මා නිවැරදියි. අපගේ ඉලක්කය වන්නේ ජාත්‍යන්තර තරඟාවලියේ දී ලෝක රූ රැජින කිරුළ දිනා ගැනීමට අවශ්‍ය  වටිනාකම්වලින් ඔවුන් සන්නද්ධ කිරීමයි.” යනුවෙන් පැවසුවාය.

මෙම සුවිශේෂී තරඟයට සහභාගි වීමට කැමැත්තක් දක්වන අයට www.qotwsrilanka.com වෙත පිවිස, එහි අන්තර්ගත  ඩිජිටල් අයදුම් පත්‍රය පිරවීමෙන්,  තරඟයට ඉදිරිපත් වීමේ අවස්ථාව හිමි කර ගත හැකිය.  2023 ජූලි මාසයේ දී මූලික වටයේ තරඟ පැවැත්වෙන අතර, එහි දී සෑම අංශයකින් ම තරඟකාරිණියන් 12 දෙනෙකු බැගින් 48 දෙනෙකුට අවසන් වටය සඳහා තරඟ කිරීමේ අවස්ථාව උදා වේ.

ලෝක රූ රැජින ලෙස තේරී පත් වන ජයග්‍රාහිකාව රූපය, ශක්තිය මෙන් ම  බුද්ධිය ද පිළිබිඹු කරන සංකේතයකි. Queen of the World Sri Lanka තරඟාවලියේ අරමුණ වන්නේ කාන්තාවන්ගේ හඬ ශක්තිමත් ලෙස සමාජගත කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීමයි. කාන්තා නිෂ්පාදන ගෙන එන කීර්තිමත් සමාගමක් වන NS Beauty Globe (Private) Limited විසින් මෙම සුවිශේෂී තරඟාවලිය මෙහෙයවීම සහ සම්බන්ධීකරණය කරනු ලබයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 + six =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව