ශ්‍රී ලංකාව තුල පවත්නා ලිංගික අල්ලස් ගැටළුව ආමන්ත්‍රණය කිරීම

Sinhala Image I (LBN Fill)

 

 

 

ආසියානු පදනමෙහිද සහයෝගය ඇතිව සමානාත්මතාවය සහ යුක්තිය සඳහා වූ කේන්ද්‍රය විසින් ශ්‍රී ලංකාව තුළ පවතින ලිංගික අල්ලස් ගැටළුව පිළිබඳ ව්‍යාපෘතියක් දියත් කර තිබේ. ලිංගික අල්ලස් යනු රාජ්‍ය නිලධාරියෙකු (උදා., ග්‍රාම නිලධාරි, පොලිස් නිලධාරි, සමෘද්ධි/සුබසාධන නිලධාරි, විනිසුරු, යනාදී) වැනි කිසියම් වගකිව යුතු තනතුරක් දරන තැනැත්තෙකු විසින් යම් පුද්ගලයෙකු වෙත ඔහු/ඇය හට ලබාගැනීමට හිමිකමක් ඇති කිසියම් සේවාවක් හෝ ප්‍රතිලාභයක් සැපයීම වෙනුවෙන් ලිංගික ක්‍රියාවන්හි නිරත වීමට අවශ්‍ය බව ඉල්ලා සිටීම හෝ ඇඟවීමයි. ගෝලීය වශයෙන් ගත්කල, බිය, අවබෝධයක් නොමැතිකම සහ ඒ පිළිබඳ පර්යේෂණ වල පවතින හිඟකම හේතුවෙන් ලිංගික අල්ලස් සිද්ධීන් වාර්තා වීමේ අඩුවක් පවතී. ශ්‍රී ලංකාව තුළ, සමානාත්මතාවය සහ යුක්තිය සඳහා වූ කේන්ද්‍රය විසින් සිදු කරන ලද සහ දැනට සිදුකෙරෙමින් පවතින පර්යේෂණවලින් පෙනී යන්නේ බොහෝ පුද්ගලයන්, විශේෂයෙන්ම කාන්තාවන්, ගෘහ මූලිකත්වය දරණ කාන්තාවන් සහ සමරිසි පුරුෂ, සමරිසි කාන්තා, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික, සහ අවිනිශ්චිත අනන්‍යතාවයන් සහිත (LGBTIQ) ප්‍රජාවේ පුද්ගලයන් පොදු සේවාවන් වෙත ප්‍රවේශ වීමේදී ලිංගික අල්ලස් සිද්ධීන් වලට මුහුණ දෙන බවයි. ඔවුන්ට හිමි සේවාවන් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම වනාහි ඔවුන්ගේ සමාජ-ආර්ථික, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.

ව්‍යාපෘතියේ ප්‍රධාන අංගයක් වන්නේ සෞඛ්‍ය සහ යුක්තිය යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ලිංගික අල්ලස් වල හටගැනීම සහ එහි ව්‍යාප්තිය පිළිබඳ ගුණාත්මක පර්යේෂණ අධ්‍යයනයක් සිදුකිරීමය. දිවි ගලවා ගත් වින්දිතයන් හා ක්ෂේත්‍රයේ මූලික තොරතුරු සපයන්නන් සමඟ පවත්වන තොරතුරු ලබාගැනීමේ සම්මුඛ සාකච්ඡා, සහ ඉලක්කගත කණ්ඩායම් සාකච්ඡා මාර්ගයෙන්, දේශීය සන්දර්භය තුළ ලිංගික අල්ලස් සඳහා දායක වන සාධක පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට සමානාත්මතාවය සහ යුක්තිය සඳහා වූ කේන්ද්‍රය මෙමගින් අපේක්ෂා කරයි. සමානාත්මතාවය සහ යුක්තිය සඳහා වූ කේන්ද්‍රය විසින් මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ ලිංගික අල්ලස් පිළිබඳ ධාරිතා වර්ධනවැඩමුළු ද පවත්වන ලදී.

ඉතා මෑතක දී, සමානාත්මතාවය සහ යුක්තිය සඳහා වූ කේන්ද්‍රය විසින් ලිංගික අල්ලස් යනු පිළිගත නොහැකි සහ බරපතල ආකාරයේ දූෂණයක් බවට දැනුවත්භාවය ඇති කිරීම සඳහා මාධ්‍ය ව්‍යාපාරයක් දියත් කරන ලදී. දූෂණයෙන් තොර සේවාවක් දිරිමත් කරමින් සහ රාජ්‍ය අංශය තුල ලිංගික අල්ලස සපුරා පිටුදැකීම තුලින් ලිංගික අල්ලසට තිත තැබීමට ශ්‍රී ලංකාවේ විශාලතම ශ්‍රම බලකාය වශයෙන් රාජ්‍ය අංශය පෙරමුණ ගත යුතු බව සමානාත්මතාවය සහ යුක්තිය සඳහා වූ කේන්ද්‍රය දැඩි ලෙස විශ්වාස කරයි. ඒ අනුව, අපගේ සාකල්‍ය ප්‍රවේශයේ කොටසක් ලෙස, සමානාත්මතාවය සහ යුක්තිය සඳහා වූ කේන්ද්‍රය විසින් එක්සත් ජාතීන්ගේ රාජ්‍ය සේවා දිනයේ දී මෙම මාර්ගගත ව්‍යාපාරය දියත් කරන ලදී. ලිංගික අල්ලස් පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට සහ ආරක්ෂිත සහ වඩා සාධාරණ ප්‍රජාවන් සඳහා ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න දැනගැනීමට අපගේ සමාජ මාධ්‍ය පිටු (වෙබ් පිටුව (https://cejsrilanka.org/sexual-bribery/), ඉංග්‍රීසි ෆේස්බුක් පිටුව (@TheOpenSecret.Eng), සිංහල ෆේස්බුක් පිටුව (@vivurtharahasa), දමිළ ෆේස්බුක් පිටුව (@பிரபல இரகசியம்), ට්විටර් (@CEJ_SriLanka), ඉන්ස්ටග්‍රෑම් (@cej_srilanka) ) හරහා මෙම ව්‍යාපාරය සමඟ සම්බන්ධ වන ලෙස (follow) අපි ඔබට ආරාධනා කරන්නෙමු. රූපවාහිනී, ගුවන්විදුලි, සහ මුද්‍රිත මාධ්‍ය දැන්වීම් ඉදිරි සතිවලදී බෙදා හැරෙනු ඇත. අපගේ ව්‍යාපාරය හා සම්බන්ධ වන ඔබට ස්තුතියි. ඔබගේ අයිතිවාසිකම් සඳහා #කොන්දේසි පැනවිය නොහැක.

 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව