ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නැවුම් කිරි නිෂ්පාදන සමාගමක් වන ලංකා මිල්ක් ෆුඩ්ස්, “සුද්දි” නමින් නව කිරි නිෂ්පාදනයක් හඳුන්වා දෙයි.

Suddi Image

ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තය තුළ දශක හයකට වඩා වැඩි කාලයක් විශ්වාසය, ගුණාත්මකභාවය සහ නවෝත්පාදනය වෙනුවෙන් සිය අනන්‍යතාවය ගොඩනගා ගත් ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම, සිය නවතම නිෂ්පාදනය ලෙස “සුද්දි” (Suddhi) නමින් නැවුම් කිරි නිෂ්පාදනයක් හඳුන්වා දෙයි. මෙය පාරිභෝගිකයින්හට පෝෂණය ලබා දීමට පමණක් නොව, මෙරට කිරි කර්මාන්තය ශක්තිමත් කිරීම මෙන්ම, දේශීය කිරි ගොවීන්ගේ ජීවනෝපාය නංවාලීමටත්, මෙරට ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ සමස්ත ප්‍රජාව අතර බෙදී යාම තහවුරු කිරීමටත්, ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දක්වන කැපවීම මනා ලෙස තහවුරු කරයි.

 



 

“සුද්දි” යනු හුදෙක් නැවුම් කිරි නිෂ්පාදනයක් පමණක්ම නොවෙයි. එය ශ්‍රී ලාංකේය කිරි ගොවීන් සවිබල ගැන්වීමටත්, කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් ජාතියේ ස්වයංපෝෂිතභාවය ශක්තිමත් කිරීමටත් ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම දරන උත්සාහයේ ප්‍රතිපලයකි. දේශීය ගොවීන් සමඟ අත්වැල් බැඳ ගනිමින් ක්‍රියා කිරීම තුළින්, මෙම නිෂ්පාදනයෙහි ගුණාත්මකභාවය, සුරක්ෂිතභාවය සහ තිරසාරත්වය අඩංගු වන බවට ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම සහතික වනවා. මෙය පාරිභෝගිකයා වෙත, විශ්වාසනීයත්වය හා සමානවම ඉහළ පෝෂණ ගුණයක් සපයන නිෂ්පාදනයක් වනු ඇත. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකය වෙනුවෙන් සෘජු දායකත්වයක් සපයමින් පවුල් සවිමත්  කිරීම මේ හරහා සිදුවනු ඇත.

දශක හයකට වැඩි ඉතිහාසයක් ඇති ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම, සිය ගමන් මගේ තවත් සුවිශේෂී වූ පියවරක් තබමින් මෙම නව නිෂ්පාදනය හඳුන්වා දී තිබෙනවා. අපගේ අරමුණ ලෙස නිරතුරුවම නව්‍ය, උසස් තත්ත්වයේ කිරි නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ගෙන ඒමට කටයුතු කරනු ඇත. එමෙන්ම තිරසාර ක්‍රමවේද සහ වගකීම් සහගත කිරි සැපයුම්කරණය තුළින්, ශ්‍රී ලංකාවේ නිවෙස් සෞඛ්‍ය සම්පන්න කිරීමටත්, අපගේ කිරි ගොවි ප්‍රජාවන් සවිබල ගැන්වීමට කටයුතු කරනු ඇත.

“සුද්දි” නැවුම් කිරි නිෂ්පාදන සමඟින්, ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම මෙරට ජනතාව ශක්තිමත් කරමින්, කිරි නිෂ්පාදනවලින් පෝෂණීය ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ සිය මෙහෙවර නැවත තහවුරු කරයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායී කිරි සන්නාමයක් ලෙස ලංකා මිල්ක් ෆුඩ්ස් සතු වගකීම ඉදිරියට ගෙන යමින්, විශිෂ්ටත්වය පිළිබඳ පණිවිඩයක් “සුද්දි” කිරි නිෂ්පාදන තුළින් පාරිභෝගිකයින්ට ලබා දේ.

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 + 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව