වෙළෙඳසේවා සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය මාර්තු 16 ඇරැඹේ

1709481596937 (LBN)

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය අනුබද්ධිත වෙළෙඳසේවා බැඩ්මින්ටන් සංගමය මෙහෙයවනු ලබන වෙළෙඳසේවා සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය මාර්තු මස 16 සිට 23 දක්වා වෙළෙඳසේවා ගෘහස්ත බැඩ්මින්ටන් පිටියේදි සහ ලුම්බිණි විදුහල් ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී පැවැත්වේ.

 



 

ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් මිලයනයක මුදල් තෑගි බෙදා දෙන වෙළෙඳසේවා සමස්ත ලංකා  විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ පළමු මට්ටමේ තරගාවලියක් ලෙස පැවැත්වෙන අතර, ඊට විවෘත, ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ, අවුරුදු 110 ඒකාබද්ධ සහ පළඟ ශූරතා වශයෙන් කාණ්ඩ 4ක තරග ඇතුළත් ය. කාන්තා හා පිරිමි ඒකල සහ යුගල සමඟ මිශ්‍ර යුගල තරග විවෘත තරග අංශයට ඇතුළත් වන අතර, අවුරුදු 30 සිට අවුරුදු 70ට ඉහළ වයස් කාණ්ඩය සඳහා ජ්‍යෙෂ්ඨ අංශයේ තරග ද, අවුරුදු 11න් පහළ සිට අවුරුදු 19න් පහළ වයස් කාණ්ඩය සඳහා කනිෂ්ඨ අංශයේ තරග ද ඊට ඇතුළත් ය. ඒකාබද්ධ තරග අංශයට අවුරුදු 110 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ තරග ඇතුළත් වන අතර, විවෘත තරග අංශයේ අවසන් පූර්ව තරග පරාජිතයන් සඳහා පළඟ ශුරතා තරග අංශය වෙන් කර තිබේ.

රුපියල්  මිලියනයක මුදල් තෑගිවලට අමතරව ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට කුසලාන, පදක්කම් සහ සහතිකපත් පිරිනැමීමට කටයුතු යොදා තිබේ. වෙළෙඳසේවා සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා McFoil, Mobil, Li Ning, 3M සහ GAC අනුග්‍රාහකත්වය ලැබී තිබේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව