මෙරට සින්ක් ඇලුමිනියම් පදනම් කර ගත් නිෂ්පාදන සිදු කරන සමාගම් අතර ප්රමුඛයෙකු වන විද්මා ඉන්ජිනියරින් සහ ට්‍රේඩින් පෞද්ගලික සමාගම ඒෂියා මිරකල් 2024 සම්මාන උළෙලේදී හොඳම ව්‍යවසායකයා සම්මානයෙන් පිදුම් ලැබීය. වෝටර්ස් එජ් හෝටලයේදී පැවති සම්මාන උළෙලේදී සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ගාමිණී වන්නිආරච්චි මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 2007දී වානේ නිෂ්පාදන සමාගමක් ලෙස ආරම්භ වූ විද්මා ඉන්ජිනියරින් සහ ට්‍රේඩින් සමාගම සිය නිෂ්පාදන පරාසය පුළුල් කරමින් කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ. එම සමාගම ජාත්‍යන්තර ප්‍රමිතියේ අමුද්‍රව්‍ය සහ නවීන තාක්ෂණ ක්‍රම පිළිබඳව නිරන්තර අවධානයෙන් පසු වේ. විද්මා ඉන්ජිනියරින් සහ ට්‍රේඩින් සමාගම 2011දී දකුණු කොරියාවෙන්, වියට්නාමයෙන් සහ චීනයෙන් ආනයනය කළ උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතයෙන් පීලි නිෂ්පාදනය ඇරඹූ අතර 2016දී සෙවිලි ද්‍රව්‍ය නිෂ්පාදනය ඇරඹිය.
එම සමාගමේ වර්තමාන දෛනික නිෂ්පාදන ධාරිතාව වැහි පීලි ආශ්රිත නිෂ්පාදන 3000ක් සහ සෙවිලි ද්‍රව්‍ය තහඩු අඩි 50,000ක් වන අතර සුපර් ෂයින්, විද්මා සුපර් සහ යූනියන් ස්ටීල් විද්මා යනුවෙන් වෙළෙඳ නාම තුනක් යටතේ ක්‍රියාත්මක වේ. ඔවුන්ගේ නිෂ්පාදන අතර සෙවිලි තහඩු, පීලි හා උපාංග, පර්ලින් හා වානේ නිෂ්පාදන, බිත්ති හා ගේට්ටු ආවරණ, උළු කැටය හැඩැති සින්ක් ඇලුමිනියම් නිෂ්පාදන සහ සින්ක් ඇලුමිනියම් තහඩු ප්‍රධාන තැනක් ගනී. විද්මා ඉන්ජිනියරින් සහ ට්‍රේඩින් සමාගම සෑම විටම තත්ත්වයෙන් උසස් සේවාවක් සපයයි. සෑම නිෂ්පාදනයක්ම ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූලව නියම අමුද්‍රව්‍ය යොදා සකස් කරන එම සමාගම ISO 9001:2015 තත්ත්ව සහතිකයද දිනා ඇත. සුවිශේෂ නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය විශේෂයෙන් ආනයනය කිරීමට එම සමාගම කටයුතු කරයි. රට පුරා විහිදී ඇති බෙදා හැරීමේ ජාලයකට හිමිකම් කියන එම සමාගම සිය නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත ප්‍රවාහනය කරන්නේ නොමිලේය. උසස් තත්ත්වයේ සවි කිරීමේ සහ උපදේශන සේවාද ඔවුන්ගෙන් ගත හැකිය.