වාර්තාගත ලෙස සෙලින්කෝ ලයිෆ් පිට පිටම 15 වන වසරටත් ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියම ජීවිත රක්ෂණ සමාගම බවට පත්වෙයි

Peoples Life Insurance Brand of the Year 2021 (1)

 



සම්මාන ප‍්‍රදානෝත්සවය ආරම්භවූ දා පටන් සෑම වසරකම ජනතා ජීවිත රක්ෂණ සේවා සම්පාදකයා ලෙස නම් වූ එකම ජීවිත රක්ෂණ සමාගම වෙයි

SLIM ජනතා සම්මාන ප‍්‍රදානෝත්සවය ආරම්භවූ දා පටන් පිට පිටම වසර 15 ක් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම බවට පත්වූ එකම ජීවිත රක්ෂණ සමාගම බවට පත්වෙමින් සෙලින්කෝ ලයිෆ් ශ‍්‍රී ලංකාවේ ‘වසරේ ජනතා ජීවිත රක්ෂණ සේවා සම්පාදකයා’ ලෙස සම්මානයට පාත‍්‍රවූ අතර සමාගම විසින් සිදුකරන අග‍්‍රගන්‍ය සේවාව යළි යළිත් ජනතාව විසින් තහවුරු කිරීමක් ලෙසින් මෙම ජයග‍්‍රහණය පෙන්වා දිය හැකිය.

සමාගම විසින් මූල්‍ය වාර්තා එළිදක්වා පිට පිටම 17 වන වතාවටත් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා බව තහවුරු කිරීමෙන් මාසයක් ඉක්ම යනවිට සමාගමේ ජනප‍්‍රියතාවය සැලකිල්ලට ගනිමින් 2021 සම්මාන උළෙලෙහිදී මෙම සම්මානය ජයග‍්‍රහණය කිරීම කැපී පෙනේ.

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සිදුකරන ප‍්‍රධානතම සම්මාන ප‍්‍රදානෝත්සවය වන SLIM ජනතා සම්මාන මගින් මෙරට විවිධ අංශවල ආධිපත්‍යය පතුරුවා තිබෙන ප‍්‍රමුඛතම සම්මාන බුහුමනට ලක් කරයි. මෙහිදී, ජයග‍්‍රාහකයින් තෝරාගන්නේ දිවයින පුරා විසිරී සිටින අවුරුදු 15-60 අතර පිරිමින් සහ කාන්තාවන් මාස පහක් පුරා මුහුණට මුහුණ සමීක්ෂණයට භාජනය කිරීම මගිනි. මෙහිදී, තමන් විවිධ අංශයන්හි ප‍්‍රියතම සන්නාම නම් කිරීමට ඔවුන්ට අවස්ථාව ලබාදෙන අතර වැඩිම ජනතා කැමැත්තක් ලැබෙන සන්නාම සහ පුද්ගලයින් මෙහිදී ජයග‍්‍රාහකයින් බවට පත් කරයි.

‘ජීවිත රක්ෂණයේ ආරක්ෂක දැල මගින් ශ‍්‍රී ලාංකිකයින්ට තමන්ගේ අනාගතයේ අවධානම අඩුකර ගැනීම සඳහා සෙලින්කෝ ලයිෆ් දශක තුනකට වැඩි කාලයක් පුරා සහයෝගය ලබාදෙනවා. මීට අමතරව, සමාගම විසින් රක්ෂණ ඔප්පුහිමියන්ට තවත් අමතර ප‍්‍රතිලාභ රැසක්ද ලබාදෙනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ, සමිත හේමචන්ද්‍ර මහතා පැවසීය. ‘SLIM ජනතා සම්මාන මගින් සමාගම රක්ෂණ ඔප්පුහිමියන්ට අමතරව විවිධ වැඩසටහන් ඔස්සේ සාමන්‍ය ජනතාව සමගත් ගොඩනගාගෙන තිබෙන ශක්තිමත් බැඳීම පෙනෙනවා.’

2015 වසරේදී නීත්‍යානුකූලව ජීවිත රක්ෂණ සහ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර වෙන්කිරීමෙන් පසුව ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ සමාගම් වලට වෙන වෙනම ‘වසරේ ජනතා රක්ෂණ සේවා සම්පාදකයා’ යන සම්මානය ප‍්‍රදානය කළ පස්වන වසර 2021 වේ. මේ ආකාරයෙන් රක්ෂණ කර්මාන්තය කොටස් දෙකකට වෙන්කිරීමට පෙර සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පී. එල්. සී. සමාගම මෙම සම්මානය වසර 10 ක් පුරා සෑම වසරකදීම දිනා ගන්නා ලදී.

2020 වසර අවසන් වනවිට සෙලින්කෝ ලයිෆ් සමාගමේ වත්කම් ප‍්‍රමාණය රුපියල් බිලියන 150 ක්වූ අතර එම වසරේදී රුපියල් බිලියන 36.9 ක සමස්ත ආදායමක්, රුපියල් බිලියන 22.1 ක රක්ෂණ වාරික ආදායමක්, රුපියල් බිලියන 106.7 ක ජීවිත අරමුදලක් සහ රුපියල් බිලියන 133.7 ක් ඉක්මවන ආයෝජන කළඹක් මෙන්ම රුපියල් බිලියන 8.7 ක බදු වලට පෙර ලාභයක් සමාගම වාර්තා කරන ලදී.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 33 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබෙන අතර Great Place to Work® විසින් මෙරට සේවය කිරීමට සුදුසු උසස්ම ස්ථානයක් ලෙසින් සමාගම සහතික කර ඇත. 2020 වසරේදී බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් මෙරට වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් සෙලින්කෝ ලයිෆ් සම්මානයට පාත‍්‍රකළ අතර 2021 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් අඛණ්ඩව 15 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින්ද සෙලින්කෝ ලයිෆ් සමාගම තෝරාගන්නා ලදී. එසේම, 2019-20 වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය එකතුව ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ නම් කිරීමේ දී සෙලින්කෝ ලයිෆ් සමාගමට විශේෂ සඳහනක් (Honourable Mention) ලබාදුන් අතර 2019 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් අඛණ්ඩව හත්වන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත් බිස්නස් ටුඬේ ශ්‍රේණිගත කිරීමේදී සමස්තයක් වශයෙන් මෙරට ප‍්‍රධානතම සමාගම් 30 අතුරින් 06 වන ස්ථානයටත් සමාගම තෝරා ගන්නා ලදී.

සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

 

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six − 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව