ව්‍යවසායකත්වය දිරිගැන්වීමට අමානා බැංකුව මෙවරත් EntreMindz සඳහා සිය අනුග්‍රහකත්වය දක්වයි

VP RBM

දැනුම හා මගපෙන්වීම ඔස්සේ නව පරපුර අතර ව්‍යවසායකත්වය ඉහල නැංවීමේ අරමුණින් EntreMindz තුන්වැනි අදියර සඳහාත් අමානා බැංකුව සිය අනුග්‍රාහකත්වය ලබාදීමට කටයුතු කළේ ය. මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ UTO EduConsult විසිනි. මෙම හවුල්කාරීත්වය ඔස්සේ නව පරපුර තුළ යොවුන් වියේ සිටම ව්‍යවසායකත්ව ආකල්ප ඇතිකරවීම සහ නවෝත්පාදනය තුළින් රටේ ආර්ථික වර්ධනයට උරදීම අමානා බැංකුවේ අරමුණ වේ.

 



 

ඒ අනුව Z පරපුරේ (Gen Z) ව්‍යවසායකත්ව ආකල්ප පුබුදුවාලීම අරමුණු කරගත් EntreMinds හි තුන්වැනි අදියර සඳහා අවුරුදු 15 ත් 20 ත් අතර යොවුන් තරුණ තරුණියන්ගෙන් සමන්විත කණ්ඩායම් 35 කට අධික සංඛ්‍යාවක් සහභාගී විය. එහිදී ඔවුන්ට තම සුවිශේෂී සහ නැවුම් ව්‍යාපාරික අදහස් හා යෝජනා විනිශ්චය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන ලදි. මෙම විනිශ්චය මණ්ඩලයට චන්න ගුණවර්ධන (ප්‍රධාන විධායක නිලධාරී – දංකොටුව පෝසිලෙන්), අජිත් කදිර්ගාමර් (අලෙවිකරණ හා සන්නිවේදන ප්‍රධානී – Aqcellar), සිද්දීක් අක්බාර් (උප සභාපති – පාරිභෝගික බැංකුකරණ සහ අලෙවිකරණ – අමානා බැංකුව), අබ්දුල් කරීම් (ප්‍රධාන විධායක නිලධාරී – Inotrend International), ඉෂ්රත් රවුෆ් (කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී – Adl Capital) සහ ශාරිකා මුබාරක් (සම-නිර්මාතෘ සහ සභාපති – Aqcellar South East Asia) යන මහත්ම මහත්මීහු ඇතුළත් වූහ.

වැඩසටහනේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකරන ලද්දේ, ඇමරිකා එක්සත් ජනපදයේ සුප්‍රකට ව්‍යවසායකයෙකු සහ ප්‍රාග්ධන සම්පාදකයෙකු වන ඇරන් ගොල්බින් විසිනි. ප්‍රකට ව්‍යවසායිකාවක මෙන්ම කාන්තා ව්‍යසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ පුරෝගාමියෙකු වන නයෝමි හඳුන්නෙත්තිද මෙහිදී අදහස් දැක්වූ අතර, මෙම අවස්ථාවට 200 කට වැඩි පිරිසක් සහභාගී වී සිටියහ. විනිශ්චය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ට අමතරව AICPA & CIMA හි ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා කළමනාකාරිනී සහරා අන්සාරි, Stache Brunch & Bistro හි නිර්මාතෘ ටශ්‍යා ද සිල්වා, ඩිජිටල් අලෙවිකරණ ක්‍රමෝපායවේදී අර්ශාඩ් මොහිදීන් සහ EMZ 2022 හි හොඳම ඉදිරිපත් කරන්නා ලෙස ඇගයීමට ලක් වූ අක්ලාක් ගසාලි යන මහත්ම මහත්මීහුද මෙහිදී තම දැනුම හා අත්දැකීම් බෙදාගැනීමට කටයුතු කළහ.

මෙහිදී අදහස් දක්වමින් අමානා බැංකුවේ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවිකරණ) සිද්දීක් අක්බාර් මහතා මෙසේ පැවසී ය. “මෙය හුදෙක් පළපුරුදු ව්‍යවසායක ව්‍යවසායිකාවන් වෙතින් නව පරපුරට දැනුම ලබාගැනීමට ලැබුණු අවස්ථාවක් පමණක් නොවෙයි. මෙය අපට අනාගත ව්‍යවසායක පරපුරක් නිර්මාණය කිරීමට සහ ඔවුන් දිරිගැන්වීමට ලැබුණු අගනා අවස්ථාවක් ලෙස හැඳින්වීමට පුළුවන්. නැගී එන ව්‍යවසායකයන් දිරිගැන්වීමට සහ ඔවුන්ට අත්වැලක් වීමට අමානා බැංකුව සෑම විටම උත්සාහ කරනවා. EntreMindz සමග අත්වැල් බැඳගැනීම එම උත්සාහයේ තවත් වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකියි.”

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − 14 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව