වත්මන් කොවිඞ්-19 වසංගත තත්වය හමුවේ ඖෂධ සැපයීම අඛණ්ඩව පවත්වා ගෙන යන බව ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය සහතික වෙයි

SLCPI

 



 

 

වර්තමානයේදී ප‍්‍රධාන ඖෂධ ආනයන සමාගම් 60 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන සහ මෙරට ඖෂධ වෙළෙඳපොලේ 85%කට වැඩි දායකත්වයක් ලබා දෙන ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය (SLCPI) වත්මන් කොවිඞ්-19 වසංගත තත්වය හමුවේ ඖෂධ සැපයීම අඛණ්ඩව පවත්වා ගෙන යන බව සහතික වෙමින් වසංගතය පාලනය කිරීම සඳහා අදාල බලධාරීන් සමඟ කටයුතු කිරීමේදී සිය සාමාජිකයින් ලබා දෙන සහාය හා කැපවීම යළිත් අවධාරණය කර සිටී. ‘‘ඖෂධ අවශ්‍ය පුද්ගලයින්ට ඒ සඳහා ප‍්‍රමාණවත් ඖෂධ සැපයුම් ඇති බව SLCPI සහ එහි සාමාජික සමාගම් සහතික වෙයි’’ යනුවෙන් මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදනයක් මගින් එම සංසදය මේ බව සඳහන් කළේය.

පාරිභෝගිකයින් වගකීමෙන් යුතුව වෛද්‍යවරයෙකුගේ නිර්දේශය සහිතව ඖෂධ මිලදී ගැනීම පිළිබඳව SLCPI සිය ප‍්‍රසාදය පළ කරන අතරම විශේෂයෙන්ම වත්මන් කොවිඞ්-19 වසංගත තත්වය හමුවේ ඖෂධ ගබඩාවලින් ප‍්‍රමාණවත් ඖෂධ තොග සැපයීම අඛණ්ඩව සිදු කරන බවත්, කිසිඳු ඖෂධ හිඟයක් නොමැති බවත් එම සංසදය මහජනතාවට සහතික කරයි.

තවද ඖෂධ හිඟයක් ඇති විය හැකි බවට අනිසි බියක් හා කලබලයක් ඇති නොකර ගත යුතු බවත්, අඛණ්ඩ ඖෂධ සැපයුම් දාමයක් පවත්වා ගැනීම සහතික කිරීම සඳහා අදාල පාර්ශවකරුවන් සමඟ කටයුතු කරන බව ද SLCPI පැවසුවේය.

‘‘ඉන්දියාවේ හා වෙනත් රටවල සිටින අපගේ ඖෂධ නිෂ්පාදන හවුල්කරුවන් හා ප‍්‍රධාන සමාගම්වලට අප ලබා දී ඇති ඖෂධ ඇණවුම් මේ වන විට සම්පූර්ණ වෙමින් තිබෙන අතර අපගේ පාරිභෝගිකයින්ට බාධාවකින් තොරව ගුණාත්මකභාවයෙන් යුතු ඖෂධ අඛණ්ඩව ලබා ගත හැකි බවට අපට සහතික විය හැකියි. අපගේ සාමාජිතකත්වය අප සතු ඖෂධ ගබඩා හා ලබා දී ඇති ඖෂධ ඇණවුම් පිළිබඳව ඉතා සමීපව අධික්ෂණය කරනවා.’’ යනුවෙන් ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය සඳහන් කළේය. විශේෂයෙන්ම බෝ නොවන රෝග (NCDs) කාණ්ඩයේ සිටින පුද්ගලයින්ගේ අවශ්‍යතා සඳහා ප‍්‍රමුඛත්වය ලබා දෙන බව ඔවුන් නැවතත් අවධාරණය කරයි.

‘‘ලොව පුරා ඇති ප‍්‍රමුඛ පෙළේ ඖෂධ සමාගම් ඇතුළුව සියලූම වැදගත් පාර්ශවයන් හා සැපයුම් දාම සමඟ එක්ව කටයුතු කිරීම තුළින් අඛණ්ඩව ඖෂධ සැපයුම් දාම පවත්වා ගෙන යන බවත් කිසිඳු ඖෂධ හිඟයක් නොමැති බව සහතික කිරීම සඳහා පියවර ගැනීමට SLCPI සාමාජිකත්වය කැපවී කටයුතු කරනවා.’’ යනුවෙන් SLCPI වැඩිදුරටත් සඳහන් කරයි.

‘‘ඖෂධ අවශ්‍ය පුද්ගලයින්ට ඒවා අඛණ්ඩව ඔවුන්ගේ අතට පත් කිරීමට හැකි බව අපට සහතික විය හැකි අතර මේ අවස්ථාවේදී ඉතා බුද්ධිමත්ව කටයුතු කරන ලෙස අප මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.’’

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව