ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා මල්ලව පොර ශූරතාවලියට තරඟ කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා CRYSBRO සුභපැතුම්

73f36d6f5343c0d5381c2c4492b8e8b1_collage4_450

 




 

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදකයා වන CRYSBRO ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සහ ලෝක කණිෂ්ඨ මල්ලව පොර ශූරතාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට සිය සුභාශිංෂණ එක් කරන ලදි. මේ තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර තිදෙනෙක් NOCSL – CRYSBRO Next Champ ශිෂ්‍යත්ව වැඩසටහනේ ශිෂ්‍යත්වලාභීහූ වෙති. ක්‍රිස්බ්‍රෝ සහ ජාතික ඔලිම්පික් කමිටුවේ සහාය ඇති ක්‍රියාත්මක වන NOCSL – CRYSBRO Next Champ ශිෂ්‍යත්ව වැඩසටහන මගින් ජාත්‍යන්තර ජයග්‍රහන අත්කර ගැනීමේ විභවයක් සහිත යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ සඳහා සවිබල ගැන්වීම සිදු කරයි.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ දැනටමත් ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකු දීපව්‍යාප්තව හඳුනාගෙන ඔවුන්ට සහයෝගය දැක්වීම NOCSL-CRYSBRO Next Champ වැඩසටහන ඔස්සේ සිදු කෙරේ.

“දැඩි කැපවීමකින් යුතුව කටයුතු කිරීමෙන් තම බලාපොරොත්තු සාක්ෂාත් කරගත් මෙම තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහයෝගය දැක්වීම සම්බන්ධව සෑම දෙනා තුළම ඇත්තේ ඉමහත් සතුටක් ශ්‍රී ලංකා කණ්ඩායමට අයත් අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනා මෙම තරගාවලිය සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත අනෙකුත් තරගාවලි තුළදී විශේෂ දස්කම් දක්වනු ඇති බව මගේ විශ්වාසයයි” යනුවෙන් CRYSBRO ජ්‍යෙෂ්ඨ කළමනාකරු – විකුණුම් සහ අලෙවි අමෝර්ස් සෙලර් මහතා පැවසීය.

ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරුෂි කරුණාරත්න සහ රවිඳු සිතුම් ජයසුන්දර යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වේ.

මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරිනියක වූ තරුෂි දැනට ජාතික කණ්ඩායම නියෝජනය කරන වෘත්තීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ දිගන පළාත් ක්‍රීඩාංගණයේ පුහුණුව ලබමින් සිටින්නීය. ගුවන් නියමුවෙකු වීමේ අභිලාෂය ඇතිව මලල ක්‍රීඩා සහ උසස් අධ්‍යයන කටයුතු කරගෙන යාම ඇගේ අනාගත අරමුණයි.

රවිඳු, කුරුණෑගල, ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ ඉගෙනුම ලබයි. ඔහු මේ වන විට වෙලගෙදර ක්‍රීඩාංගණයේ පුහුණුවීම් කරන අතර ඔහුගේ අභිලාෂය නම් හොඳ හා සුදුසුකම් ලත් පුද්ගලයෙක් වීමයි.

නෙත්මි අහිංසා ප්‍රනාන්දු ලෝක කණිෂ්ඨ මල්ලව පොර තරඟාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරයි. නෙත්මි ප්‍රාදේශීයව පැවති තරඟ වලින් ප්‍රථම ස්ථාන ලබාගෙන ඉහළ ප්‍රශංසනීයත්වයක් හිමිකරගෙන ඇත. ජාත්‍යන්තර තලයෙන් ජයග්‍රහණය පිළිබඳව ඇය බලාපොරොත්තු පොදිබදියි.

දෙස් විදෙස් ශ්‍රී ලාංකීය පරිත්‍යාගශීලීන්ගේ සහාය මෙම යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනා වෙත ලබා ගැනීම සඳහා  භැංඑ ක්‍ය්පච ශිෂ්‍යත්ව වැඩසටහනේ දිගුවක් ‘Next Olympic Hope’ වැඩසටහන දියත් කර ඇත.

‘Next Olympic Hope’ හරහා රට තුළ සහ ඉන් පිටත වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට www.nextolympichope.com මගින් මෙම තරුණ හා නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ආධාර කරමින් ශ්‍රී ලංකා ධජය ජාත්‍යන්තරය තුළ එසවීමට ශක්තියක් විය හැකිය.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen + fifteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව