ලුමාලා සමාගම පළමු වරට ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට එක්වෙයි

2- Lumala parade (LBN)

පාරිසරික සෞඛ්‍ය ඉහළ නැංවීම සහ ශ්‍රී ලාංකිකයින් අතර ක්‍රියාශීලී ජීවන රටාවක් ප්‍රචලිත කිරීම අරමුණු කරගත් City Cycle Industries Manufacturing පුද්ගලික සමාගම හෙවත් ලුමාලා සමාගම පසුගියදා පැවැති ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට (International Industry Expo 2024) ප්‍රථම වරට සහභාගී විය. කර්මාන්ත අමාත්‍යංශය සහ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන ලදී.

 



 

වසරේ දැවැන්තම ප්‍රදර්ශන ඉසව්වක් ලෙස සැළකෙන මෙම ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය ජුනි 19 සිට 23 දා දක්වා කොළඹ BMICH හිදී පැවැත්වුණු අතර, විවිධ කර්මාන්ත ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රදර්ශකයෝ රැසක් ඊට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ කසළ කළමනාකරණ ගැටලුවට ක්ෂණික විසඳුමක් ලෙස ලුමාලා සමාගම විසින් හඳුන්වා දී ඇති Eco Hauler විද්‍යුත් පාපැදියට මෙහිදී ඉහළ අවධානයක් යොමුවිය. USAID Clean Cities, Blue Ocean (CCBO) වැඩසටහන සමඟ සහයෝගයෙන් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය හරහා ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය වළක්වාගැනීම සහ නාගරික, ගංගා ඉවුරු ආශ්‍රිත හා වෙරළබඩ කලාපයන්හි කසළ එකතු කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම අරමුණු කෙරේ. මෙසේ, ප්‍රදර්ශනය නැරඹීමට  රටවල් 20කට වැඩි ප්‍රමාණයක නරඹන්නන් හට ලුමාලා නිෂ්පාදන සහ නවෝත්පාදන පිළිබඳ හොඳින් දැනුවත් වීමේ අවස්ථාව උදාවිය.

සාම්ප්‍රදායික ගමනාගමන ක්‍රමවේදයන්ට අභියෝග කරන ලුමාලාහි පරිසර හිතකාමී, අවම පිරිවැයක් සහිත සුහුරු ගමනාගමන විසඳුම් වෙත නව්‍ය අවධානයක් ලබාගැනීමට මෙම ප්‍රදර්ශනයේදී අවස්ථාව උදාවිය. උදාහරණයක් ලෙස වරක් විදුලි ආරෝපණයෙන් සහ පැඩල සහායෙන් කිලෝ මීටර 100ක් පැද යා හැකි මෙන්ම පූර්ණ බලය යටතේ කිලෝ මීටර් 60ක් පැද යා හැකි ලුමාලා Voltage edition විද්‍යුත් පාපැදියට  ප්‍රදර්ශනයේදී ඉහළ ප්‍රේක්ෂක අවධානයක් හිමිවිය.

මෙවැනි නවෝත්පාදන නිෂ්පාදන යනු ලුමාලා සමාගමට ආගන්තුක දෙයක් නොවේ. ලුමාලාහි පර්යේෂණ සහ සංවර්ධන අංශයේ සේවය කරන වෘත්තීකයින් නිරන්තරයෙන්ම වඩාත් පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් ඉදිරිපත් කිරීම වෙනුවෙන් කැපවී ක්‍රියාකිරීම ඊට හේතුවයි.

මේ අතර කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, කර්මාන්ත අමාත්‍යංශය, ශ්‍රී ලංකා මෝටර් රථ කොටස් නිෂ්පාදකයින්ගේ සංගමය සහ මොටර්රථ එකළස් කරන්නන්ගේ සංගමය එක්ව ජූනි 18 වැනිදා සංවිධානය කරන ලද විශේෂ රථ පෙළපාලියේදී ද තම සමාගම මගින් එළිදක්වා ඇති විද්‍යුත් පාපැදි මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට ද ලුමාලා සමාගම කටයුතු කළේය.

තුන්වැනි වරට සංවිධානය කරන ලද මෙම රථ පෙළපාලියට විවිධ රථවාහන 200කට වැඩි ප්‍රමාණයක් එක්ව තිබුණි. ගාලුමුවදොර පිටිය අසලින් ආරම්භ වූ මෙම රථ පෙළපාලිය, නෙළුම් කුළුණ වට රවුම, කොටුව, ටෙක්නිකල් හන්දිය, පංචිකාවත්ත. මරදාන, බොරැල්ල, බොරුල්ල කනත්ත හන්දිය හරහා BMICH වෙත ගමන් කළේය. පාපැදි ධාවනයට විශේෂ උනන්දුවක් දක්වන ජනප්‍රිය ගායක දුෂ්‍යන්ත් වීරමන් ද ලුමාලා සමාගම නියෝජනය කරමින් මෙම රථ පෙළපාලියට එක්ව සිටීම කැපීපෙනුණි.

ඉදිරියටත් නවෝත්පාදනයට මුල් තැනක් දෙමින්, ගෝලීය තිරසරභාවයට සහාය වන පරිසර හිතකාමී ගමනාගමන විසඳුම් ඉදිරිපත් කිරීමට ලුමාලා සමාගම කැපවී සිටින අතර ලුමාලා සමාගමේ හරිත මුලපිරීම් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට www.lumala.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව