ලීමා GT 1000 ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රය වැඩිදියුණු කොට හදුන්වා දෙයි

Wikum Galange - CEO (1)

 

චීනයේ මව් සමාගමේ නිෂ්පාදනය කරනු ලබන ලීමා GT 1000 ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රය ශ්‍රී ලංකාවට පළමුවරට හදුන්වා දුන් මාර්ක්ස්පෙන් සමුහයේ ඇරෝ ලංකා ට්‍රේඩින් පුද්ගලික සමාගම, ශ්‍රී ලාංකික වී ගොවියාටත් සහල් නිෂ්පාදනයේ යෙදෙන පිරිසටත් තම කාලය ශ්‍රමය ඉතිරි කර උපරිම ආදායමක් උපයා ගැනීම සදහා වැඩි දියුණු කරන ලද ලීමා GT 1000 ස්වයංක්‍රීය වී කොටන යන්ත්‍රය හදුන්වා දෙයි.

දේශීය සහල් කර්මාන්තය නව මානයකට ගෙන යමින් නවීන තාක්ෂණයත් සමගින් දේශීය සහල් වලට ගැළපෙන පරිදි කර්මාන්ත ශාලාවේදීම නිපදවා ඇති අතර දේශීය සුළු පරිමාණ සහ මධ්‍යම පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ එකම තේරීම බවට මේ වන විට පත්ව ඇත.

ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍ර වලට අමතරව සහල් නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය වී ගබඩා කිරීමේ සයිලෝ වී වේලන ඩ්‍රයර්, වී තැම්බීමේ යන්ත්‍ර පද්ධති, සිල්කි වෝටර් පොලිෂ්ර්, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, වී පොතු ඇරීමේ යන්ත්‍ර, දේශීය සහල් කර්මාන්තය නව මානයකට ගෙන යමින් නවීන තාක්ෂණයත් සමගින් දේශීය සහල් වලට ගැළපෙන පරිදි කර්මාන්ත ශාලාවේදීම නිපදවා ඇති අතර දේශීය සුළු පරිමාණ සහ මධ්‍යම පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ එකම තේරීම බවට මේ වන විට පත්ව ඇත. ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍ර වලට අමතරව සහල් නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය වී ගබඩා කිරීමේ සයිලෝ වී වේලන ඩ්‍රයර් වී තැම්බීමේ යන්ත්‍ර පද්ධති, සිල්කි වෝටර් පොලිෂ්ර් සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, වී පොතු ඇරීමේ යන්ත්‍ර,  වලට අවශ්‍ය රබර් රෝල් ඇතුළු සියලුම යන්ත්‍රෝපකරණ එකම වහලක් යටින් ලබා ගත හැක.

තවද සහල් ඇසුරුම් කිරීමේදී නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වීමේ දිනය, කාණ්ඩ අංකය සහ මිල තාක්ෂණිකව මුද්‍රණය කල හැකි ලේබල් ප්‍රින්ටර් සහ ලේබල් රෝල් ද, ගෘහස්ත සහ කර්මාන්ත ශාලා සදහා ඉතා උසස් තත්වයේ සුර්ය විදුලිබල පද්ධතිද දැන් ඇරෝ ලංකා වෙතින් ඔබට විශ්වාසයෙන් සහ වගකීමෙන් යුතුව මිළදී ගත හැක.

ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ සහල් කර්මාන්තයට මීට සිව් වසරකට පෙර හදුන්වා දුන් ලීමා ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රය මේ වනවිට දිවයින පුරා යන්ත්‍ර 1500 කට‍ අධික ප්‍රමාණයක් අති සාර්ථකව සවි කර ඇත.දිනෙන් දින ඉහළ යන ඉල්ලුමට සරිලන පරිදි සපයමින් දිවයින පුරා ශාඛා ජාලය පුලුල් කරමින් ලීමා පාරිභෝගිකයන් හට අළවියෙන් පසු විශිෂ්ට සේවාවක් ලබා දීමේ අරමුණෙන් , අම්පාර, පොලොන්නරුව, අනුරාධපුරය, තංගල්ල, අරලගංවිල, මහරගම, ශාඛා වලට අමතරව නවතම ශාඛා කුරුණෑගල, මොණරාගල, පැල්මඩුල්ල සහ කන්තලේ යන නගර කේන්ද්‍ර කර ගනිමින් දැන් පාරිභෝගික ඔබ සැම වෙත විවෘතව ඇත.

ලීමා සෑම ශාඛාවක්ම පැය විසිහතරක් පුරා කාර්මික සේවය ලබා දීමට මනා පුහුණුව ලත් කාර්මික ශිල්පීන් සහිත ජංගම කාර්මික සේවය ඔබ ළඟටම සැපයීමට කටයුතු කර ඇත.

තවද ලීමා ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රයේ වැඩි දියුණු කිරීම් සමග ගියර් බොක්ස් රහිත නවතම ටයිමින් බෙල්ට් ඩ්‍රයිව් තාක්ෂණය නිසා ඔයිල් දැමීමට හෝ ග්‍රීස් යෙදීමට අවශ්‍ය නොවන නඩත්තුවෙන් තොර වී පොතු ඇරීමේ උපාංගය සහිතයි.

ඇරෝ ලංකා ට්‍රේඩින් සමාගම මෙරටට ගෙන්වා බෙදාහරින ලීමා GT 1000 යන්ත්‍රය සැබවින්ම දේශීය කෘෂි ආර්ථිකයටත්, සහල් නිෂ්පදකයින්ටත්, මේ පිලිබදව උනන්දුවක් දක්වන ව්‍යාපාරිකයන්ටත් සැබෑ ශක්තියක් වන බව මාර්ක්ස්පෙන් සමුහයේ අධ්‍යක්ෂ මහේෂ් ජයරත්න ප්‍රකාශ කළේය.

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව