
ආයුර්වේද ශාකසාර නිෂ්පාදන හා ස්ව සත්කාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ වසර 40කට වැඩි විශ්වාසය දිනූ, ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගමේ සමහන් සන්නාමය විසින්, පූජනීය ශ්‍රී පාද අඩවියේ ජෛව විවිධත්වය රැක ගැනීම හා පාරිසරික සංරක්ෂණය වෙනුවෙන් ලින්ක් සමහන් සන්නාමයේ මූලිකත්වය පෙරදැරිව දියත් කළ “අසිරි සුරකිමු සමනොළ” වැඩසටහන පසුගිය දා සාර්ථකව නිමා කරන ලදී. වෙසක් පුන් පොහොයෙන් නිමාවට පත්වන සිරිපා වන්දනා සමය අලලා ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන වෙත 450කට ආසන්න පිරිසක් ස්වේච්ජාවෙන් එක් වූ අතර, නොදිරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1.1කට වැඩි ප්‍රමාණයක් රැස් කර ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කරන ලදී.
බෞද්ධයන් ඇතුළු සියලු ආගමික සැදැහැවතුන්ගේ හා දෙස් විදෙස් සංචාරකයන්ගේ ගෞරව වන්දනාමානයට පත් ලෝක උරුමයක් වන ශ්‍රී පාදස්ථානය වෙත මිලියන පහකට ආසන්න පිරිසක් වාර්ෂිකව සිරිපා කරුණා සමය තුළ පැමිණෙයි. මෙම පැමිණීමත් සමඟ නොදිරන පොලිතීන් අපද්‍රව්‍ය හා මිලියනයකට අධික ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණයක් පරිසරයට එක් වීමෙන් පාරිසරික සමතුලිතතාව බිඳ වැටී එහි සුන්දරත්වයට බාධා පමුණුවයි.
මෙම තත්ත්වය මැනවින් අවබෝධ කර ගත් ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගම, ලින්ක් සමහන් සන්නාමය හරහා “අසිරි සුරකිමු සමනොළ” ව්‍යාපෘතිය ඔස්සේ ඝන අපද්‍රව්‍ය නිසා පරිසරයට සිදුවන හානිය වළක්වා ගැනීමට පියවර ගෙන තිබේ. 2017 වසරේ දී ආරම්භ කළ, පරිසරයට අදාළ සමාජ සත්කාරයක් වන මෙම ව්‍යාපෘතිය, මෙම වසරේ දී ද පවත්වනු ලැබුවේ ජෛව විවිධත්වයෙන් පරිපූර්ණ ශ්‍රී පාද අඩවියේ වන ගහණය, ජල පෝෂක ප්‍රදේශ හා පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහාත්, වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් තුළ පරිසරය රැක ගැනීම පිළිබඳ උනන්දුවක් ඇති කිරීමත් අරමුණු කර ගනිමිනි. එසේම සමනොළ අඩවියේ පරිසරය රැක ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ජනමාධ්‍ය වෙතින් ප්‍රජාව දැනුවත් කිරීමටත්, ඒ සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන දායක කර ගැනීමටත් මෙම සමාජ සත්කාර වැඩසටහන තුළින් ලින්ක් සමහන් කටයුතු කරන ලදී.
මෙම පරිසර මෙහෙවර වෙනුවෙන් නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මස්කෙලිය ප්‍රාදේශීය සභාව, නුවරඑළිය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, නල්ලතන්නිය පොලීසිය, නල්ලතන්නිය වනජීවී කාර්යාලය, ලංකා විදුලිබල මණ්ඩලය යන ආයතන විසින් සහයෝගය ලබා දෙන ලදී. යෞවන සමාජ සාමාජිකයන්, අවට පාසල්වල දරුවන්, ශ්‍රී පාද ජාතික අධ්‍යාපන විද්‍යාලයේ විද්‍යාපීඨ සාමාජිකයන් ඇතුළු ලින්ක් නැචුරල් සමාගමේ කාර්යමණ්ඩලය ද ස්වේච්ජාවෙන් මේ සඳහා එක් විය. ලින්ක් සමහන් අසිරි සුරකිමු සමනොළ සමඟ එක්වන ලෙස සන්නාමය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ලියාපදිංචි වීමට ජනතාව වෙත කළ ආරාධනය අනුව දිවයිනේ නන් දෙසින් පැමිණි පිරිසගේ දායකත්වය ද මේ වෙනුවෙන් ලැබිණි. මේ සඳහා එක් වූ සියලුම දෙනාගේ සෞඛ්‍යාරක්ෂාව සැලසීමට ද සන්නාමය කටයුතු කරන ලදී. මෙම කර්තව්‍ය පිළිබඳව දැනුවත් කරමින් පරිසරය සුරැකීම වෙනුවෙන් ජනතාව සවිබල ගැන්වීමට ස්වාධීන රූපවාහිනි සේවය විසින් මාධ්‍ය ආවරණය සපයන ලදී.
මේ පිළිබඳව ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් හි අලෙවි ප්‍රධානි, රාජ් කුමාර් මහතා, “වසර 20කට වැඩි කාලයක් මුළුල්ලේ අඛණ්ඩව ලින්ක් සමහන් සහන කලාපය තුළින් ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන්ගේ ගමන් විඩාව නිවාලීමට සහය වෙනවා. සුවහසක් ජනතාවගේ සුබසෙත වෙනුවෙන් ලින්ක් සමහන් ආරම්භ කළ සමහන් සහන කලාපය, ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වන දෙසැම්බර් මාසයේ සිට මැයි මස වෙසක් පොහෝ දිනය දක්වා නොකඩවා සෑම දිනකම පැය 17ක කාලයක් පුරා විවෘතව තබනවා. ගමන් විඩාව හා පරිසර කලාප වෙනස්වීම නිසා සැදැහැවතුන්ට සිදුවන අපහසුතාවන් සමනය කිරීමට මින් සහය වෙනවා. සිරිපා කරුණාව අතරතුර සමහන් පානය ලබා දීමත්, සිරිපා කරුණා කර පැමිණෙන විට උණු වතුරෙන් දෙපා තවා සමහන් SP Balm ආලේප කර පාද සම්බාහනය කිරීමත් මෙහි දී සිදු කෙරුණා. සිරිපා වන්දනා සමය තුළ සැදැහැවතුන් නිසි ලෙස කසළ බැහැර නොකිරීම නිසා පරිසරයට සිදු වන විශාල හානිය දැක, ඒ හානිය අවම කිරීමට ආයතයනක් ලෙස අපගේ සමාජ හා පාරිසරික වගකීම ඉටු කිරීමේ අරමුණෙන් අපි “අසිරි සුරකිමු සමනොළ” වැඩසටහන ක්‍රියාත්මක කළා. ශ්‍රී පාද වන්දනා සමය අවසානයේ දී, සමනොළ අඩවිය පිරිසිදු කර, ඊළඟ වාරය පැමිණෙන තෙක් නිකලැල් පූජනීය භූමියක් ලෙස ශ්‍රී පාද අඩවිය සමන් දෙවියන්ට භාර කිරීම අප සිදු කළා. මෙහි දී රැස් කළ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා ප්‍රාදේශීය සභාව වෙත අපි භාර දෙනවා. මේ සමඟ එකතු වූ සියලුම දෙනාට අප ආයතනයේ හෘදයාංගම ගෞරවාදරය අපි පුද කරනවා” යනුවෙන් සිය අදහස් දැක්වීය.
මෙම වැඩසටහන සමඟ සම්බන්ධ වූ නල්ලතන්නිය මහජන සෞඛ්‍ය පරීක්ෂක, K.L මල්දෙණිය මහතා, “මාස 06ක සිරිපා වන්දනා සමය තුළ සැදැහැවතුන් විසින් බැහැර කරන නොදිරන කසළ, ජලාශ සමඟ එක් වීමෙන් සිදු වීමට තිබූ විශාල හානියක්, ලින්ක් සමහන් අසිරි සුරකිමු සමනොළ වැඩසටහන ඔස්සේ වළක්වා ගැනීම පිළිබඳව අපි ලින්ක් සමහන් කළ මෙහෙවර අගය කරනවා. නොදිරන ප්ලාස්ටික්, පොලිතීන් සිරිපා අඩවියේ බැහැර කිරීම තහනම් කර තිබෙන කාලයක, නොදිරන කසළ අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1.1කට වැඩි ප්‍රමාණයක් මෙසේ එක් රැස් කර තිබුණා. රාජ්‍ය ආයතනයන් එකතු කර ගනිමින් මෙසේ කළ කර්තව්‍ය වෙනුවෙන් ලින්ක් සමහන් වෙත අපි අපගේ ස්තූතිය පුද කර සිටිනවා” යනුවෙන් පැවසීය.
ඵලදායී හා ආරක්ෂාකාරී සෞඛ්‍යය හා ස්ව සත්කාර විසඳුම් ලබා දෙන ලින්ක් නැචුරල් හි ලින්ක් සමහන් සහන කලාපය ඔස්සේ ජනතාවගේ සුවපහසුව හා සුවපත්භාවය වෙනුවෙන් අගනා කර්තව්‍යයක් ඉටු කරයි. ශ්‍රී පාද වන්දනාව වෙනුවෙන් පැමිණෙන සැදැහැවතුන්ගේ සුවතාව ප්‍රවර්ධය කරමින් මෙන්ම මෙරට ජෛව විවිධත්වය සුරැකීමෙහිලා අසිරි සුරකිමු සමනොළ ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාවට නැංවීම තුළින් ලින්ක් නැචුරල් ආයතනයේ ලින්ක් සමහන් සන්නාමය ශ්‍රී ලාංකික හදවත් තුළ තව තවත් ගෞරවාදරයට පාත්‍ර වෙයි.