ලිට්‍රෝ ත්‍රිකුණාමලයේ පැවති 2024 ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරියට සහයෝගීතාවය දක්වමින් ජවබල ගන්වයි

Lito fuels 10th Scout Jamboree 2024 PR Pic#3 (LBN)

ත්‍රිකුණාමලයේදී පසුගියදා නිමාවට පත් වූ 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජාත්‍යන්තර සුහදත්වය සැමරීම පමණක් නොව සභාපති මුදිත පීරිස් මහතාගේ දූරදර්ශී නායකත්වය යටතේ ලිට්‍රෝ හි වැදගත් කාර්යභාරය ද මැනවින් පෙන්නුම් කළේය. ආරක්ෂාව, තිරසාරභාවය සහ සහයෝගීතාවය කෙරෙහි අවධානය යොමු කරමින්, ජාතික වශයෙන් පරිවර්තනය සඳහා ලිට්‍රෝ හි කැපවීම මෙම උත්සවය පුරාවටම දැකගන්නට ලැබුණු අතර, රටවල් 28 කින් පැමිණි බාලදක්ෂයින් 12,000 කට කිසිදා අමතක නොවන මතක සටහනක් තැබීය.

 



 

ලිට්‍රෝ මෙම ජම්බෝරියට සවිබලය ලබාදීම මඟින් පරිසරයට, සමාජයට සහ ආර්ථිකයට යන කරුණු තුනට ප්‍රමුඛත්වය දෙමින් බලශක්ති තිරසාරත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා වූ ආයතනයේ අරමුණ හා සමගාමී වේ. ඒ සම්බන්ධයෙන්, ලිට්‍රෝ පසුගිය වසර කිහිපය තුළ සිසුන් සමඟ සමීපව කටයුතු කර ඇති අතර, තිරසාර, ආරක්ෂිත බලශක්ති විකල්පයක් ලෙස LP ගෑස් භාවිතය පිළිබඳව දැනුවත් කරමින් ඒ වෙනුවෙන් පෙනී සිටියි. “ලිට්‍රෝ ගෑස් අපි නායකත්වයේ වැදගත්කම පිළිබඳව තරයේ විශ්වාස කරන අතර, ඒ අනුව, බලශක්ති තිරසාරභාවය පිළිබඳ අනාගත නායකයින්ට උපදෙස් දීමේ මෙම ප්‍රයත්නයේ කොටසක් වීමට ලැබීම ගැන අපි සතුටු වෙමු. අපි LP ගෑස් පිළිබඳව බාලදක්ෂයින් දැනුවත් කර ඇති අතර ඔවුන්ට අපගේ නිෂ්පාදන සහ සේවාවන් භාවිතා කර අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව ලබා දී ඇත. එමෙන්ම මෙය අපටත් විවිධ දේ අධ්‍යයනය සඳහා කදිම අවස්ථාවක් වුණා.” ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

”අපගේ කැපවීම බලශක්ති සපයන්නෙකු පමණක් වීමෙන් ඔබ්බට විහිදේ; එය සෑම අංශයකම විශ්වාසනීය සහකරුවෙකු වීමයි යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය. LP ගෑස් අවශ්‍යතා සහ හදිසි අවස්ථා සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක 1311 ක්ෂණික ඇමතුම් අංකයක් මෙන්ම කඳවුරු භූමිය තුළ LP ගෑස් සහ උපාංග ඇතුලත් ජංගම රථයක් වැනි මුලපිරීම්, ලිට්‍රෝහි පහසුවෙන් ලබාගත හැකිවීම සහ සහභාගිවන්නන්ගේ විවිධ අවශ්‍යතා සඳහා ප්‍රතිචාර දැක්වීම අවධාරණය කරයි. සහභාගිවන්නන් සමඟ විවිධ ක්‍රියාකාරකම් සිදුකිරීමට සහ දැනුවත් කිරීමට මෙන්ම ඉවුම් පිහුම් සඳහා LP ගෑස් ආරක්ෂිතව භාවිතා කිරීම සඳහා මග පෙන්වීම සහ සහාය ලබා දීම සඳහා ලිට්‍රෝ හි කාර්ය මණ්ඩලයේ 25 කට අධික පිරිසක් කඳවුරු භූමියට දිනපතා පැමිණ සිටියහ.

2024 බාලදක්ෂ ජම්බෝරියෙහි ලිට්‍රෝ ආයතනය සිදු කල කාර්යභාරය ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා වූ ආයතනික කැපවීම සංකේතවත් කරයි. මෙම අවස්ථාව පුරවැසියන් බලගැන්වීමේ, විශේෂයෙන්ම පාසල් මට්ටමේ සිට අනාගත පරපුර සවිබල ගැන්වීමේ ලිට්‍රෝහි දැක්මේ දිගුවකි. දිවයින පුරා පාසල් 264 කට අධික සංඛ්‍යාවක සිසුන් සහභාගී වූ ”හෙට සුරකින අපේ ළමයි” ප්‍රශ්න විචාරාත්මක තරඟාවලියද එවැනිම සාර්ථක මුලපිරීමක් විය. ලිට්‍රෝ ඉදිරියේදීත් මෙවැනි තවත් බොහෝ කටයුතු සඳහා දායකවීමට අදහස් කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව