රු. මි. 250ක ආයෝජනයකින් වයික්කාල සූරිය රිසෝර්ට් Lake View උත්සව ශාලාව ඉදි කරයි

SURIYA RESORT-1 (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ ඉහළ සංචාරක ආකර්ෂණයක් සහිත, සුන්දරත්වයෙන් අනූන, වයික්කාල සූරිය රිසෝර්ට් සිය වටිනා පාරිභෝගිකයන් වෙත සපයන සේවා තව දුරටත් පුළුල් කරමින් නවතම Lake View උත්සව ශාලාව පසුගියදා විවෘත කළේය. මංගල උත්සව, උපන් දින සාද, කාර්යාලයීය උත්සව හා සාද, රැස්වීම් හා සම්මන්ත්‍රණ සඳහා මෙම Lake View උත්සව ශාලාව කදිමට ගැළපේ. එසේම සිය ප්‍රධාන ආපන ශාලාව නවීකරණය කරමින් පුළුල් කිරීමටද සූරිය රිසෝර්ට් කටයුතු කර ඇත. රුපියල් මිලියන 250ක ආයෝජනයක් සිදු කරමින් වයික්කාල සූරිය රිසෝර්ට් විසින් මෙම නව ඉදි කිරීම සහ නවීකරණය සිදු කරන ලද්දේ වර්ධනය වන සංචාරක කර්මාන්තයට ඉහළ දායකත්වයක් දැක්වීම සඳහාය.

අභිනවයෙන් ඉදි කරන ලද Lake View උත්සව ශාලාව අමුත්තන් 250කට පහසුකම් සැපයීමේ හැකියාවකින් යුක්ත වන අතර කඩොලාන පිරි අලංකාර ජලජ පරිසරයක කණු මත එය ඉදි කර ඇත. බාහිරින් බැලූ විට පෞරාණික රජ මාළිගයක් මෙන් දිස්වන අයුරින් Lake View උත්සව ශාලාව ඉදි කර තිබීම සුවිශේෂත්වයකි. සූරිය රිසෝර්ට් සතු ප්‍රධාන උත්සව ශාලාවේ අමුත්තන් 550කට පහසුකම් සැපයිය හැකි අතර Lake View නව උත්සව ශාලාවත් සමග අමුත්තන් 800කට එක වර පහසුකම් සැපයීමේ හැකියාව සූරිය රිසෝර්ට් සතු වේ. Lake View උත්සව ශාලාවේ ඉහළ මාලය අමුත්තන් 50කට පහසුකම් සැපයිය හැකි සඳළුතලයකින් සමන්විතය. කොක්ටේල් සාද ආදිය පැවැත්වීම සඳහා එය කදිම පිහිටීමකි. ගඟ සහ ජලජ පරිසරය මනරම් ලෙස දර්ශනය වන පරිදි Lake View උත්සව ශාලාව නිර්මාණය කර ඇත.

සූරිය රිසෝර්ට් වෙත පැමිණෙන පාරිභෝගිකයන් සඳහා ජූලි මස 31 වැනිදා දක්වා සතියේ දිනවල මාස්ටර් කාඩ් සඳහා විශේෂ වට්ටමක් ක්‍රියාත්මක වේ. එසේම සතියේ දිනවල වෙනත් වට්ටම් රැසක්ද ක්‍රියාත්මක වන බැවින් නිදහස් හා රසවත් නිවාඩුවක් සුඛෝපභෝගී ලෙස ගත කිරීමට වයික්කාල සූරිය රිසෝර්ට් වෙත පැමිණෙන ලෙස එහි සාමාන්‍යධිකාරි ලාල් දිසානායක මහතා ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කර සිටියි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව