රාජ්‍ය ඖෂධ ඇමති හා කොරියානු තානාපති අතර හමුවක්

doctors-office-gea31d0224_1280

 




 

 

කොරියානු ජනරජය විසින් පරිත්‍යාග කරන ලද වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සන්තුෂ් වුන්ජින් ජියෝන් (Santhush Woonjin Jeon) මහතා විසින් (4) දින ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත කොළඹ 10, “ඔසු පියස”, ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී භාරදෙන ලදී.

කොවිඩ් වසංගතය මර්දනය පිණිස කොරියානු ජනරජය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙනු ලබන සහයෝගය අමාත්‍යවරයා විසින් මෙහිදී ප්‍රශංසාවට ලක්කළ අතර, දෙරට අතර දිගුකාලීන මිතුදම ශක්තිමත් කරමින්, කොරියානු ජනරජය විසින් ඉදිරියටත් ඔවුනගේ සහය මෙරටට ලබා දෙන බවද, කොරියානු තානාපතිවරයා ඒ අවස්ථාවේදී පැවසීය.

මෙම පරිත්‍යාගය සිදුකරනු ලැබුවේ කොරියානු ජනරජය මගින් ශ්‍රී ලංකාවට වෛද්‍ය උපකරණ ලබා දීමේ වැඩසටහනේ දෙවැනි පියවර වශයෙනි. මෙයට පෙර කොරියන් ජනරජය මෙරටට ලබාදුන් වෛද්‍යාධාර පිළිබඳවද අමාත්‍යවරයා එහිදී තම ස්තුතිය පළ කළේය.

මෙම අවස්ථාවට කොරියානු නියෝජ්‍ය තානාපතිනිය සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

 

 

 


 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව