රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමන්ගේ පුත්‍රයා සම්බන්ධ කර නිර්මාණය කර පතුරවා හරින මඩ ප්‍රචාරය සම්බන්ධවයි.

Son and Grandson

මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමන්ගේ පුත්‍රයාගේ විවාහය හේතුවෙන් රජය විසින් සංචරණ සීමා පැනවීම ප්‍රමාද කරන බවට සමාජ මාධ්‍ය ජාල තුල පැතිර යන වාර්තා වල කිසිදු සත්‍යතාවක් නොමැත. සිය පුතුන් දෙදෙනා 2015 සහ 2016 වර්ෂ වලදී විවාහ වී ඇති බවත් ඔවුන්ට නැවත විවාහ වීමේ කිසිදු අදහසක් නොමැති බවත් අමාත්‍යතුමා අවධාරණය කර සිටියි.

රජයේ වැඩපිලිවල දරාගත නොහැකිව රජයට සහ රජයට සම්බන්ධ අය ඉලක්ක කරගනිමින් සංවිධානාත්මක කල්ලි විසින් සිදු කරනු ලබන මේ මඩ ප්‍රහාර, විපක්‍ෂයේ ප්‍රබලයින්ගේ වට්ස් ඇප් ගෘප් (WhatsApp Group) හරහා ද සංසරණය වෙමින් පවතින බවට තොරතුරු ලැබී ඇත.

2020 මාර්තු මස සිය දරුවා මෙරටට ගෙන ඒම සඳහා මෙරටින් ගුවන් යානයක් යැවූ බවටත්, මෙරටට පැමිණි සිය මනඃකල්පිත දියණිය ගුවන් තොටුපලේදී යකා නැටූ බවටත් , වරාය නගර ව්‍යාපෘති සමාගම සිය පුත්‍රයා හට අයත් බවටත් වූ ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය තුල බෙදා හරිමින් පසු ගිය කාලය තුල මෙවන් ආකාරයේම මඩ ප්‍රචාරයන් රාජ්‍ය  අමාත්‍යවරයාට එරෙහිව දියත් කර තිබු බවද අපට මතකය.

මෙවන් මඩ ප්‍රචාර වලට නොරැවටෙන ලෙස ගරු අමාත්‍යතුමන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අමිල රාජපක්ෂ

ගරු අජිත් නිවාඩ් කබ්රාල් අමාත්‍යතුමන්ගේ මාධ්‍ය ලේකම්

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව