රාජකීය විද්යාලය සහ බිෂොප් විද්යාලය RCUAC අභියෝගතා පලිහ 2024 දිනා ගනී

_MG_2992 (LBN)

Colombo, Sunday 11 February 2024: අඛණ්ඩව 3 වන වරට පැවැත්වුණු 2024 RCUAC අභියෝගතා පලිහ සඳහා මෙවර U9, U11, U13, U15 සහ +25 මාස්ටර්ස් යන කාණ්ඩ යටතේ කණ්ඩායම් 30 ක් තරඟ වැදුණි. RCUAC විසින් සංවිධානය කරන ලද විශාලතම කනිෂ්ඨ වෝටර් පෝලෝ තරඟාවලිය සඳහා ක්රීඩක ක්රීඩිකාවන් 400 දෙනෙකු සහභාගී විය. ඉදිරි වසර 5-10 තුළ තරුණ ක්රීඩකයන් අතර ක්රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය ක්රීඩා සමාජ සහ පාසල් විසින් එක සේ පිළිගෙන ඇත.

 



 

සම්මාන ප්රදානෝත්සවය ක්රීඩා හා යෞවන කටයුතු රාජ්ය අමාත්ය ගරු රෝහණ දිසානායක මැතිතුමාගේ ප්රධානත්වයෙන් සිදු වූ අතර විශේෂ ආරාධිත අමුත්තා ලෙස ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ඉහළ කාර්ය සාධන මධ්යස්ථානයේ උපදේශක සනත් ජයසූරිය මහතා සහභාගී විය.

අභියෝගතා පලිහ තරඟාවලියේ තරඟාවලි අධ්යක්ෂවරයා වූයේ උල්ෆාත් උවයිස්. ඔහුගේ කණ්ඩායමට කවින්ද්ර සමරවීර, මුෂාරෆ් උවයිස්, මිෂාන් කෝට්ටේආරච්චි, ලකිඳු වීරසිංහ, අකිඳු සමරවීර, රන්ද රණතුංග සහ රේසා ඝානි ඇතුළත් විය.

වයස අවුරුදු 15න් පහළ බාලක ශූරතාව සත්කාරක රාජකීය විද්යාලයට හිමිවූ අතර වයස අවුරුදු 15න් පහළ බාලිකා ශූරතාව බිෂොප් විද්යාලයට හිමි විය. තරගාවලියේ දක්ෂතම ක්රීඩකයන් ලෙස රාජකීය විද්යාලයේ සුලෙයිමාන් ෂිහාර් සහ බිෂොප් විද්යාලයේ සිනාලි රත්නායක සම්මාන දිනා ගත්හ.

ලංකාවේ ප්රථම වතාවට වයස අවුරුදු 9න් පහළ කාණ්ඩයක් හඳුන්වා දීම මෙම තරගාවලියේ විශේෂත්වයක් වූ අතර නාලන්දා විද්යාලය විසින් බාලක අංශයෙන් ලකුණු 14-04ක් ලෙස රාජකීය විද්යාලය පරාජය කළ අතර, විශාඛා විද්යාලය බාලිකා කාණ්ඩය රවුන්ඩ් රොබින් පදනම මත දිනා ගැනීමට සමත් විය.

වයස අවුරුදු 11න් පහළ කාණ්ඩයේ ශූරතාවද නාලන්දා විද්යාලය ට හිමිවිය. රාජකීය විද්යාලය ලකුණු 10-09ක් ලෙස පරාජය ට පත්විය. කාන්තා විද්යාලය 14-04ක් ලෙස බිෂොප් විද්යාලය පරාජය කරමින් බාලිකා කාණ්ඩයේ අවසන් මහා තරගය ජය ගැනීමට සමත් විය.

වයස අවුරුදු 13න් පහළ බාලක කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට රාජකීය කණ්ඩායම සමත් වූ අතර 20- 04ක් ලෙස සාන්ත තෝමස් විද්යාලය පරාජය කළ අතර තවත් රවුන්ඩ් රොබින් පදනමක් මත විශාඛා විද්යාලය වයස අවුරුදු 13න් පහළ බාලිකා ශූරතාව දිනා ගැනීමට සමත් විය.

දිනයේ අවසන් තරගය වූයේ රාජකීය විද්යාලයීය Masters කණ්ඩායම සහ සාන්ත තෝමස් විද්යාලයීය Masters කණ්ඩායම අතර තරගයයි.

ශ්රී ලංකා ජලජ ක්රීඩා සංගමය (SLASU) තරග කාලසටහනකට අනුව ක්රියාත්මක කිරීම සහ එකවර තරඟ 2ක් පැවැත්වීම උදෙසා විශේෂ ස්තූතිය පුද කරනවා.

රාජකීය විද්යාලයීය වෛද්යවරුන්ගේ සංගමය ක්රීඩක ක්රීඩිකාවන් රැකබලා ගැනීමටත්, අවශ්ය අවස්ථාවලදී ක්රීඩක ක්රීඩිකාවන්ට වෛද්ය ප්රතිකාර ලබා දීමටත් ගත් නොපසුබට උත්සාහය ගැන විශේෂ සඳහනක් ලැබිය යුතුය. රාජකීය විද්යාල කළමනාකරණ මණ්ඩලය, ඡායාරූප සංගමය, මර්ක් ලයිව්, ශිෂ්‍ය නායක කවුන්සිලය සහ Interact සමාජය දුන් සහයෝගයද සඳහන් කළ යුතුමය.

මෙම අවස්ථාවට සහාය වූයේ රිදී අනුග්රාහකයින් වන SLIIT, Curtin Colombo සහ 2003 රේන්ජර්ස් – රාජකීය විද්යාල කණ්ඩායමයි. Emerging Media, TNL 101.8, Quadrangle, The Papare, ෆොන්ටෙරා, බයිරහා, ෆුඩීස්, ජෝන් කීල්ස් ඔෆිස් ඔටෝමේෂන්, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්, ජෙට්වින්ග් හෝටල් සහ නෙහෙමියා කන්සල්ටන්ට්ස් සම අනුග්රාහකයින් විය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව