රට දැය සුරකින යුද විරුවන්ට කෘතගුණ දැක්වීමට Ninewells රෝහල ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමග එක්ව සුව සහන රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරයි.

WhatsApp Image 2024-03-28 at 3.06.34 PM (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා හා ළමා රෝහල වන Ninewells රෝහල. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමග සුවිශේෂී හවුල්කාරීත්වයක් ඇතිකරගත් බවට සාඩම්බරයෙන් නිවේදනය කරයි. සෞඛ්‍ය සම්පන්න දැයක් නිර්මාණය කිරීමේ අරමුණින් කාන්තාවන් සහ ළදරුවන් සඳහා සම්පූර්ණ සෞඛ්‍ය සේවාවක් ලබාදෙන Ninewells රෝහල, රට ආරක්ෂා කිරීම වෙනුවෙන් යුධ හමුදා සාමාජිකයන් සිදු කරන ලද කැපවීම් සහ පරිත්‍යාගයන් අගය කරනු වස් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මගින් අරඹන ලද සුව සහන රක්ෂණ යෝජනා ක්‍රමය සමඟින් හවුල්කාරීත්වයට එළඹ තිබේ. මෙම අවබෝධතා ගිවිසුම මගින් යුද හමුදා සාමාජිකයින් සඳහා සුවිශේෂී ප්‍රතිලාභ ප්‍රධානය කරනු ලබන අතර ඔවුනට ඉහළම හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට Ninewells රෝහල ඇප කැපවී සිටි.

 


 

මාතෘ රැකවරණයේ සිට සෞඛ්‍ය සම්පන්න දරු පරපුරක් බිහි කිරීම සඳහා ලොව නවීනතම ප්‍රතිකාර සහ පහසුකම් ලබා දෙන Ninewells රෝහල මෙම නව සහයෝගීතාවය තුළින් සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක බව තවදුරටත් ඉහළ නැංවීම අරමුණයි. මෙහිදී යුද හමුදා සාමාජික සමාජිකාවන්ගේ මාතෘ සහ කාන්තා සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා විශේෂ ප්‍රතිලාභ සහිත අද්විතීය සෞඛ්‍ය සේවාවන් රැසක් ලබාදීමට සැලසුම් කර ඇත. කාන්තාවන් සඳහා ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ උපදේශන සේවා, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදේශන සේවා, ළමා රෝග හා කාන්තා රෝග ඇතුළු අනෙකුත් සෞඛ්‍ය සේවා සැපයීම වෙනුවෙන් විශිෂ්ටතා දක්වා තිබෙන Ninewells රෝහල යුද්ධ හමුදා සාමාජිකයින්ගේ අනාගත දරු පරපුර සුරක්ෂිත කිරීම සඳහා ගුණාත්මක මට්ටමේ පුළුල් සෞඛ්‍ය සේවාවක් ලබාදීමට අත්වැල් බැඳගෙන සිටියි.

මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් Ninewells රෝහලේ සාමාන්‍යාධිකාරී තරංග වීරසූරිය මහතා මෙලෙස සඳහන් කළේය. “සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක බව නිරන්තරව ආරක්ෂා කිරීමට කැපවෙන දිවයිනේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ  කාන්තා හා ළමා රෝහල විදිහට අපි, ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට අනුගත වෙමින් අනාගතයේ නිරෝගී දරු පරපුරක් සමාජයට දායාද කිරීමට ඉතා වගකීමෙන් කටයුතු කරන රෝහලක්. මේ යටතේ අපේ රටේ ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂ කාර්යභාරයක් සිදු කරන යුද්ධ හමුදා නිලධාරීන් හට මෑතකදී හඳුන්වා දෙන ලද සුවසහන රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ අවශ්‍ය සියලුම සෞඛ්‍ය සේවාවන් ලබාදීමට අප රෝහල ඇප කැපවී කටයුතු කරනවා.”

සුව සහන රක්ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ තොරතුරු සඳහා

070 552 0909 – Maternity helpline

070 678 4451 – Ninewells Surgery Helpline

 


 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව