‘යෝගා ව්‍යායාම තුලින් නිරෝගී අනාගත පරපුරක්’ 2024 ජාත්‍යන්තර යෝගා දිනය සැමරීමට සියල්ල සූදනම් කෙරේ.

PHOTO-2024-06-08-20-16-54

ශ්‍රී ලංකා යෝගා ව්‍යායාම සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන විශේෂ යෝගා දින සැමරුම 2024 ජුනි මස 21 වන  දින නාවල වෙට්ලන් උද්‍යානයේ දී පෙරවරු 6.30ට ආරම්භ කිරීමට නියමිතය. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින යෝගා ව්‍යායාම ගුරුවරුන් මෙන්ම මේ සදහා උනන්දුවක් දක්වන පිරිස මෙම අවස්ථාව සදහා සම්බන්ධ කර ගැනීමට මෙමගින් අපේක්ෂා කෙරේ. ‘යෝගා ව්‍යායාම තුලින් නිරෝගී අනාගත පරපුරක්’ යන්න මෙදින තේමාවයි. පාසල් දරුවන්ගේ කායික මෙන්ම මානසික සංවර්ධනය ඉහළ දැමීම තුලින් යහපත් මිනිසෙකු බිහිකර ගැනීම තවත් ප්‍රධාන අරමුණක් බව ශ්‍රී ලංකා යෝගා සම්මේලනයේ සභාපති ධර්මපාල විජේසිරි පැවසීය. එදින සහභාගීවන පිරිසට විශේෂ ඖෂධීය පානයක් පිරි නැමීමට සංගමය බලාපොරොත්තු වේ.

එක්සත් ජාතීන්ගේ සම්මේලනය විසින් 2014 වර්ෂයේ දී ජාත්‍යන්තර යෝගා දිනය ප්‍රකාශයට පත් කරන ලදී. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ යෝජනාවකට අනුව 2015 ජුනි මස 21වන දා සිට සෑම වසරකම ජුනි 21 ලොව පුරා ජාත්‍යන්තර යෝගා දිනය සමරනු ලබයි.

ඉන්දියාවේ පැරණි සාම්ප්‍රධායික ව්‍යායාම විශේෂයක් වන ‘යෝගා’ මිනිසාගේ ශාරීරික මෙන්ම මානසික ඒකාග්‍රතාවය සමබරව තබා ගැනීමටත්, මිනිසා සහ ස්වභාදහම අතර සම්බන්ධතාවය පවත්වා ගැනීමටත් උපකාරී වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව