
ශ්‍රී ලාංකේය හෝටල් හා සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් නව නිෂ්පාදන රැසක් වෙළඳපලට හඳුන්වා දී ඇති යෙමා මාර්කටින් (Yema Marketing) සමාගම විසින් මෙවර හඳුන්වා දී ඇත්තේ අති උසස් තත්ත්වයේ “Yema Air Freshener” ලීටර් පහේ (5L). කෑන් නිෂ්පාදනයයි.
මෙම නව නිෂ්පාදන ත්‍රිත්වය යටතේ කුරුඳු (Cinnamon), ලෙමන් ග්‍රාස් (Lemongrass) සහ ලැවැන්ඩර් (Lavender) යන සුවඳ වර්ග තුනක් ශ්‍රී ලාංකේය හෝටල්, රෙස්ටොරන්ට් සහ අනෙකුත් ව්‍යාපාරික ස්ථාන සඳහා නිර්මාණය කර ඇත.
“Yema Air Freshener” මාලාව ISO සහ GMP සහතික යටතේ නිෂ්පාදනය කරන අතර, මෙය 100% ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් ලෙස හඳුන්වා දිය හැක.
යෙමා මාර්කටින් සමාගම පසුගිය කාලය පුරාම ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් සඳහා තත්ත්වයෙන් හා ගුණයෙන් උසස් නිෂ්පාදන රැසක් වෙළඳපලට හඳුන්වා ඇති අතර, ඉතා කෙටි කාලයකින් පාරිභෝගික විශ්වාසය දිනාගත් ආයතනයක් ලෙසද අද වන විට ඉහළ කීර්ති නාමයක් දිනා සිටියි.
ඒ අනුව, යෙමා මාර්කටින් සමාගමේ නවතම “Yema Air Freshener” මාලාව ශ්‍රී ලාංකීය හෝටල් ක්ෂේත්‍රයේ නව සුවඳමත් අත්දැකීමක් ලබාදීමට සූදානම් වේ.


