මොබිටෙල් වෙතින් සිය පෙර ගෙවුම් පාරිභෝගිකයින්ට එනිටයිම් ඩේටා පැකේජ වැඩි ගණනක්

mobitel-0

මෙම දිනවල පවතින වසංගත රෝග තත්ත්වය හේතුවෙන් තම සෞඛ්‍යාරක්ෂාව උදෙසා විශාල අභියෝගයකට මුහුණදී සිටින සිය පාරිභෝගිකයින්ට සුවිශේෂී සහයෝගයක් ලබාදීමට ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් සමාගම වැදගත් පියවර කිහිපයක්ම ගන්නා ලදී. එම ගමන්මගෙහි වැදගත් මංසලකුණක් සනිටුහන් කරමින් මොබිටෙල් සමාගම වැඩිම එනිටයිම් ඬේටා පැකේජ ප‍්‍රමාණයක් හ`දුන්වාදීමට කටයුතු කළ අතර, මෙවැනි අභියෝගාත්මක කාලසීමාවකදී පාරිභෝගිකයින්ට අපහසුවකින් තොරව තම දෛනික සන්නිවේදන අවශ්‍යතා ඉටුකරගැනීමේ හැකියාව ලැබී ඇත. මොබිටෙල් සමාගම මෙම අවස්ථාවේදී වගකීම්සහගත ජංගම දුරකථන සේවා සැපයුම්කරුවෙකු ලෙස පෙරට පැමිණෙමින් රටටත් ජනතාවටත් සිය සන්නිවේදන ජාලයේ විශිෂ්ට ප‍්‍රමිතිගත සේවය ලබා දෙමින් කටයුතු කිරීම සැබැවින්ම ප‍්‍රශංසනීයය.

තම වටිනා පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා පිළිබ`දව නිසි අවබෝධයකින් නිරන්තරවම කටයුතු කරන මොබිටෙල් සමාගම ඔවුන්ගේ පහසුව වෙනුවෙන් එනිටයිම් ඬේටා පැකේජ තුනක් හදුන්වා දුන්නේය. රුපියල් 49 (බදු එකතුවේ) ඵඊ 750ක්, රුපියල් 99 ූ (බදු එකතුවේ) ඊට 1.5 ක් සහ රුපියල් 199 (බදු එකතුවේ) ඊට 3.3 ක් වශයෙන් එම පැකේජ තෝරාගැනීමේ හැකියාව මොබිටෙල් පාරිභෝගිකයින්ට හිමිවේ. මෙම ඩේටා බන්ඩලයන් මොබිටෙල් 4G භාවිතාකරන්නන්ට වඩාත් ප‍්‍රයෝජනවත් වන අතර, 4G බෝනස් වාසි හිමිකරගැනීමටද අවස්ථාව ලබාදී තිබේ. #170# ඩයල් කර හෝ Datamart යෙදවුම (්චච* භාවිතයෙන් මොබිටෙල් පෙරගෙවුම් පාරිභෝගිකයින්ට තමන් කැමති එනිටයිම් ඩේටා පැකේජයක් සක‍්‍රිය කරගැනීමට හැකියාව ඇත.

පාරිභෝගික කේන්ද්‍රීය සන්නිවේදන සමාගමක වගකීම මැනවින් ඉටුකරන මොබිටෙල් සමාගම මෙම වසංගත රෝග තත්ත්වය මධ්‍යයේ සිය පාරිභෝගික අවශ්‍යතා වෙනුවෙන් වේගවත්ව ප‍්‍රතිචාර දක්වමින් කටයුතු කරමින් සිටී. ඉහළ ප‍්‍රමිතියේ සබ`දතාවයක් සහ පුළුල් පරාසයක පැතිරුණු පැකේජ කිහිපයක්ම පාරිභෝගිකයාට හිමිවීමෙන් මෙම අර්බුදකාරී අවස්ථාවේදී ඔවුන්ගේ ජීවිතවල අපහසුතා මගහැරවීමට මොබිටෙල් සමාගම කටයුතු කර ඇත. කොවිඞ් – 19 වසංගතය පැරදවීමට රටක් වශයෙන් ගෙන යන වැඩපිළිවෙලට මොබිටෙල් සමාගම විසින් ලබා දුන් තවත් වැදගත් සහයෝගයක් වශයෙන්ද මෙම එනිටයිම් ඬේටා පැකේජ හ`දුන්වාදීම දැක්විය හැකිය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව