
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන මෙල්වා සමාගම නුවරඑළියේදී පැවැත්වුණු 2025 සැළලිහිණි වසන්තය අවුරුදු සැණකෙළිය සඳහා අනුග්‍රාහකත්වය සැපැයීය. එහි ප්‍රධාන අංගයක් වූ නුවරඑලිය 4×4 සමාජය විසින් සංවිධානය කරනු ලැබූ Gregory’s Mud Challenge ධාවන තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය දැක්වූයේද මෙල්වා සමාගමයි. අප්‍රේල් 19 සහ 20 දිනවල පැවැත්වුණු ධාවන තරගාවලිය නැරඹීම සඳහා අති විශාල පිරිසක් එක් වී සිටියහ. නුවරඑළියේ පැවැත්වෙන ප්‍රධාන පෙළේ අවුරුදු සැණකෙළියක් වන සැළලිහිණි වසන්තය සාම්ප්‍රදායික ක්‍රීඩා, සංස්කෘතික අංග සහ වෙනත් සුවිශේෂ අංග රැසකින් සමන්විත වූ අතර සෑම ජන කොටසක්ම නියෝජනය කරන පිරිස් ඊට සහභාගී වූහ.
මෙල්වා සමාගම අප්‍රේල් මස 16 සිට 26 දක්වා හික්කඩුව, තණබද්දේගම, මාතර, තිස්සමහාරාමය, මොණරාගල, වැලිමඩ, මහනුවර, කුලියාපිටිය, ගලේවෙල සහ රාගම ඇතුළු ප්‍රදේශ රැසක පැවැත්වූ අවුරුදු උත්සව රැසක් සඳහා අනුග්‍රාහකත්වය දැක්වූයේය. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හා බැඳුණු සිරිත් විරිත්වලට මුල් තැන දෙමින් පැවැත්වුණු මෙම අවුරුදු උත්සව සඳහා විශාල පිරිසක් එක් වී සිටියහ. මෙල්වා සමාගම ශ්‍රී ලාංකික සංස්කෘතික උරුමය සුරකිමින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා කැප වී සිටී. වෙසක්, දීපාවලි, තෛපොංගල්, නත්තල් සහ රාමසාන් වැනි අනෙකුත් ආගමික සහ සංස්කෘතික උත්සව රැසක් සඳහාද මෙල්වා සමාගම නිරන්තරයෙන් අනුග්‍රහය දක්වයි.