මෙගාවොට් 300 කෙරවලපිටිය එල් එන් ජී බලාගාරය සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය දුන් බව සභාපති ජනක රත්නායක මහතා පවසයි

PUCSL3 (1)

මෙගා වොට් 300 එල් එන් ජී බලාගාරයේ විදුලි ගිවිසුම සදහා අනුමැතිය ලබාදුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කලේය. පසුගිය 13 වැනි දින රැස්වු ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නව සාමාජික මණ්ඩලය විසින් මෙගාවොට් 300 කෙරවලපිටිය එල් එන් ජී බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමට අදාල අනුමැතිය පිරිනමා තිබේ. කොමිෂන් සභාව අනුමත කල මෙම විදුලි ගිවිසුම ලංකා විදුලිබල මණ්ඩලය හා ලක්දනවි සමාගම අතර ක්‍රියාත්මක වේ. මෙගාවොට් 300 කෙරවලපිටිය එල් එන් ජී බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම විදුලි පාරිභෝගිකයාට, ලංකා විදුලිබල මණ්ඩලයට හා රජයට වඩා හිතකර කොන්දේසි සහිතව ක්‍රියාත්මක වන බව සභාපති ජනක රත්නායක මහතා වැඩිදුරටත් සදහන් කලේ ය. මීට පෙර අනුමැතිය සදහා ඉදිරිපත්කර තිබු විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමෙහි ඇතුළත්ව නොතිබු වාසිදායක කොන්දේසි 18ක් ඊට ඇතුළත් කිරීම සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ කළ අතර ලංකා විදුලිබල මණ්ඩලය හා ලක්දනවි සමාගම එම හිතකර කොන්දේසි ඇතුළත් කිරීමට එකග විය. ඒ් අනුව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමත කල මෙගා වොට් 300 එල් එන් ජී විදුලි බලාගාර ගිවිසුම විදුලි පාරිභෝගිකයාට, රජයට හා ලංකා විදුලි බල මණ්ඩලයට වඩා වාසිදායක ගිවිසුමකි. මෙම ගිවිසුම යටතේ වසර 20ක කාලයක් විදුලිය මිලදී ගැනීමට සැළසුම් කර ඇති බව ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ ය.

මෙම බලාගාරයෙන් සැපයෙන විදුලිය ඒකකයක මිල රුපියල් 14.98 කි. ඩීසල් හා එල් එන් ජී යන ඉන්ධන වර්ග දෙකම භාවිතයෙන් විදුලිය ජනනය කල හැකි අතර එල් එන් ජී හෙවත් ස්වභාවික වායු සැපයීම ආරම්භ වන තුරු මුල් අදියරේ ජනන කටයුතු ඩීසල් ඉන්ධන භාවිතයෙන් සිදුකිරීමට නියමිත ය.

 




 

 

මෙම බලාගාරයට අදාල අනුමැතීන් ලබාදීමේ දී හා අදාල ගිවිසුම් සමාලෝචනයේදී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ක්‍රියාකලේ බලාගාරය කඩිනම්න් ඉදිකිරීමට හා වඩා වාසිදායක කොන්දේසී යටතේ ක්‍රියාත්මක වීම තහවුරුකරමිනි . මෙරට ප්‍රථම එල් එන් ජී බලාගාරය ටෙන්ඩර් කිරීම සදහා ලංකා විදුලිබල මණ්ඩලය කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලා ඇත්තේ 2016 නොවැම්බර් 15 වන දින ය. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ටෙන්ඩර් කිරීම සදහා අනුමැති දින දෙකක් තුල එනම් 2016 නොවැම්බර් 17 වන දින ලබා දී තිබේ. ටෙන්ඩර් හරහා මෙම බලාගාරය ඉදිකිරීම සදහා සුදුසු ආයතනයක් තෝරාගැනීමේ වගකීම ලංකා විදුලිබල මණ්ඩලයට වෙත පැවරෙන අතර මෙම බලාගාරයේ ටෙන්ඩර් කටයුතු අවසන් කිරීම සදහා වසර 4ක් පමණ ගත වී ඇත. ටෙන්ඩර් කටයුතු අවසන් කර සුදුසුකම් ලත් පාර්ශ්වය තෝරාගැනීමෙන් අනුතුරුව අදාල විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය සදහා ලැබුණේ 2020 ඔක්තෝබර් 9 වන දින දීය. මෙසේ ඉදිරිපත් කරන ලද ගිවිසුම හා ටෙන්ඩර් කරන මුල් අවස්ථාවේ ඉදිරිපත් කල ගිවිසුම අතර පරස්පරතා පවතින බව කොමිෂන් සභාවේ සමාලෝචනයේදී අනාවරණ විය. විශේෂයෙන්ම මුල් ගිවිසුමෙහි අඩංගු වාසිදායක කොන්දේසි 18 අනුමැතිය සදහා ඉදිරිපත් කල අවසන් ගිවිසුමට ඇතුළත් වී නොතිබුණි. එම කොන්දේසි ඉවත්කිරීම නිසා විදුලි පාරිභෝගිකයාට, රජයට හා ලංකා විදුලි බල මණ්ඩලයට අවාසියක් සිදුවන හෙයින් මෙම කොන්දේසි නැවත ගිවිසුමට ඇතුළත් කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට නිර්දේශ කලේ ය. එම සංශෝධන වලට යටත්ව අවසන් විදුලිය ගිවිසුම සදහා කොන්දේසි සහිත අනුමැතිය 2020 නොවැම්බර් 25 වන දින පිරිනැමිණි. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශ අනුව අවසන් ගිවිසුමට අවශ්‍ය සංශෝධන කර ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම අවසන් අනුමැති ය සදහා ඉදිරිපත් කර තිබුණේ 2020 දෙසැම්බර් 01 වැනි දිය. 2020 දෙසැම්බර් මස ආරම්භයේදී කොමිෂන් සභාවේ එවක සාමාජික මණ්ඩලය සිය තනතුරු වලින් ඉල්ලා අස් වී තිබිණි.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට නව සාමාජිකයින් පත්කරනු ලැබුවේ 2021 පෙබරවාරි මුල් සතියේදී. නව සාමාජික මණ්ඩලයේ ප්‍රථම රැස්වීමේදී දීම  මෙගා වොට් 300 එල් එන් ජී බලාගාර ගිවිසුම සදහා අවසන් අනුමැතිය පිරිනැමු බව ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කලේ ය.

ඉදිරි විදුලි ඉල්ලුම සපුරාලීම සදහා මෙගා 300ක මෙම එල් එන් ජී බලාගාරය කඩිනමින් ඉදිකිරීම සදහා ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අපේක්ෂා කරයි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen + 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව