මිහින් ලියනාරච්චි වසරේ විශිෂ්ටම මාර්ගගත අධ්‍යාපන ව්‍යවසායකයා ලෙස Pinnacle සම්මාන දිනයි

MIHIN

ශ්‍රී ලංකාවේ පළමු මාර්ගගත උපකාරක පන්තිය සහ උසස් පෙළ සිසුන්ට ප්‍රථම ආර්ථික විද්‍යා පාඩම් මාලාව හඳුන්වා දුන් ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන මිහින් ජයවිඳු ලියනාරච්චි Pinnacle Sri Lanka සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම මාර්ගගත අධ්‍යාපන ව්‍යවසායකයා ලෙස සම්මානයට පාත්‍ර විය. MUGP International සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යවසායකත්වය පිළිබඳ විද්‍යාවේදී උපාධිය ලැබූ ඔහු වර්තමානයේදී එහි ව්‍යවසායකත්වය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරයි. 2013 සිට උසස් පෙළ උපකාරක පන්ති පවත්වන ඔහු 2015දී සිසුන්ට නොමිලේ ඉගෙනීමට අවස්ථාව සළසන YouTube – Mihin Liyanarachchi චැනලය ඇරඹීය. 2020දී කොවිඩ් 19 සමග සිසුන්ට ඉගෙනීමට නොහැකිව සිටි කාලයේ ඔහු සමාජ මාධ්‍ය භාවිත කර සිසුන්ට නොමිලේ ඉගැන්වීම ඇරඹීය.

 



 

සැමට සමාන අධ්‍යාපන  අවස්ථා විවර කරමින් ආර්ථික ප්‍රතිලාභයකින් තොරව නොමිලේ පැවැත්වූ ඔහුගේ ආර්ථික විද්‍යා පන්තියට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම සිසුහු රැසක් සහභාගී වූහ. ඉන් පසුව එම මග යමින් සිසුන් වෙනුවෙන් අධ්‍යාපන නාලිකා, විවිධ විෂය සදහා YouTube චැනල් බිහි විය. මෙහි මූලික පියවර තබමින්, අභියෝගවලට මුහුණ දෙමින් කළ කැප කිරීම සහ නවෝත්පාදනය වෙනුවෙන් මිහින් ජයවිඳු ලියනාරච්චිට විශිෂ්ටම මාර්ගගත අධ්‍යාපන ව්‍යවසායකයාට හිමි සම්මානය හිමි විය. ඔහු වර්තමානයේදී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන සහ වැඩිම A සාමාර්ථ සහිත ආර්ථික විද්‍යා පන්තිය මෙහෙයවමින් සාර්ථක ගමනක නිරත වේ. ඔහුගේ පන්තිවල සුවිශේෂත්වය වන්නේ පාසල් අධ්‍යාපනයට බාධාවක් නොවන ලෙස රාත්‍රියේදී පැවැත්වීමයි. ගාල්ල නාගොඩ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර දරා ඇති අතර වසරේ ක්‍රීඩකයා සම්මානයද දිනා ඇත. “උදේ කාලයේ පාසල් යන්න… සවසට ක්‍රීඩාවක් හෝ කුසලතාවක් දියුණු කරන්න… රෑට උපකාරක පන්තියට සහභාගී වන්න…” යන සංකල්පය සමාජ ගත කරන ඔහු “අපි හීන වෙනුවෙන් ක්‍රියා පදයක” යන තේමාව අනුව කටයුතු කරමින් සිටී.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව