
මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය “අපි නිර්මාණය කරන්නේ ඔබේ අනාගතය යි” යන තේමාව සෑම විටම පාරිභෝගිකයාට ලබා දෙමින්, සිය නවතම ප්රදර්ශනාගාරයක් දඹුල්ලේ දී විවෘත කරන ලදී.
දඹුල්ල ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාව සඳහා මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ, සමූහ අලෙවිකරණ ප්‍රධානී අමල්ක මැණික්කඩවර මහතා සහ මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ ව්‍යාපාර සංවර්ධන සහ අලෙවිකරණ අංශ ප්‍රධානී ක්රිෂේන්ද්ර බණ්ඩාරණායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් රැසක් ද මෙයට සහභාගී විය. මෙම ප්‍රදර්ශනාගාරය අංක 267, කුරුණෑගල පාර, දඹුල්ල යන ලිපිනයේ පිහිටා ඇත.
මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ සමූහ අලෙවිකරණ ප්‍රධානී, අමල්ක මැණික්කඩවර මහතා එම අවස්ථාවට එක් වෙමින් පවසා සිටියේ, “මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරය, තාක්ෂණය හරහා වෙනසක් ඇති කරමින් ලාංකීය ව්‍යවසායකයින්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීමට, ඵලදායිතාව ඉහළ නැංවීම සහ ජාතික ආර්ථිකයට ශක්තියක් වීමට අප කැපවී කටයුතු කරමින් සිටිනවා” යනුවෙනි.
දඹුල්ල නව නගරයේ ආරම්භ කරන ලද මෙම නවතම ප්‍රදර්ශනාගාරය හරහා මාර්ක්ස්පෙන් ලේබල්ස් (පුද්ගලික) සමාගම සහ මාර්ක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම සතු සියලුම වර්ගයේ නිෂ්පාදනයන් සහ සේවා ගැනුම්කරුවන්ට හා පාරිභෝගිකයන්ට වඩාත් කාර්යක්ෂම හා පහසු මිලක් යටතේ ලබා ගත හැක.
මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ ආරම්භක සමාගම වන මාර්ක්ස්පෙන් ලේබල්ස් (පුද්ගලික) සමාගම (Markspen Labels (Pvt) Ltd), නිෂ්පාදන සඳහා අවශ්‍ය වන නවීන උපකරණ සහ සේවා සැපයීම සිදු කරනු ලබයි. මෘදුකාංග, බාර්කෝඩ් මුද්‍රණ යන්ත්‍ර, බාර්කෝඩ් දත්ත කියවීමේ යන්ත්‍ර (POS Terminals, Barcode Labels, Printing Ribbons” POS Printers Barcode Scanners) ගෙන්වා බෙදා හැරීම මාර්ක්ස්පෙන් ලේබල්ස් (පුද්ගලික) සමාගම විසින් සිදු කරයි. මාර්ක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම (Markspen Holdings (Pvt) Ltd) ‘Smart Agriculture’ සංකල්පය හරහා DOMA CTP 20 ඇතුළු ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍ර මාදිලි රැසක් මෙරටට ගෙන්වා බෙදාහැරීම සිදු කරනු ලබයි. මෙයට අමතරව වී වියලිමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් යන්ත්‍ර, සහල්වල කළු ඇට ඉවත් කිරීමේ යන්ත්‍ර, පොල්තෙල් සිඳින යන්ත්‍ර ආදී යන්ත්රසූත්ර සදහා මාර්ක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම ප්‍රමුඛතාවය ලබා දෙනු ලබයි.
ප්‍රදර්ශනාගාරය වෙත පිවිසීමෙන් සහ මාර්ක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ නිල වෙබ් අඩවිය www.markspengroup.com හරහා වැඩි විස්තර ලබා ගත හැක.


