මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් 50ක එයාර් බැඩ්මින්ටන් වැඩමුළු සාර්ථකව පැවැත්වෙයි

Capture 1

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුව මගින් සංවිධාන කළ එයාර් බැඩ්මින්ටන් වැඩසටහන මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල හා රත්තොට අධ්‍යාපන කොට්ඨාස කේන්ද්‍ර කරමින් පසුගියදා පැවැත්විණි. උකුවෙල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 25ක ගුරුවරුන් 50 දෙනකු සඳහා එයාර් බැඩ්මින්ටන් පුහුණුවීමේ වැඩමුළුව උකුවෙල මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී පැවැති අතර, රත්තොට අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 25ක ගුරුවරුන් 50 දෙනකු සඳහා එයාර් බැඩ්මින්ටන් පුහුණුවීමේ වැඩමුළුව මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී එම පාසල් 50 සඳහා බැඩ්මින්ටන් උපකරණ ලබාදීම ද සිදු කෙරිණි.

 



 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ උපසභාපති සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති රොෂාන් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති එම වැඩමුළුවට ප්‍රාදේශීය සංවර්ධන කමිටු සාමාජිකයන් වන  පාලිත හෙට්ටිආරච්චි හා  ඉන්දික උපේන්ද්‍ර මහත්වරු සමඟ  සම්බන්ධිකාරක තිළිණ ධනසිංහ මහතා සහභාගි විය.

මෙම වැඩමුළුව සඳහා පුහුණුකරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ විනිසුරු බණ්ඩාර සමරකෝන්  මහතා කටයුතු කළ අතර, එම වැඩමුළු සඳහා  මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් රෝහණ දිසානායක අමාත්‍ය සම්බන්ධිකරණ ලේකම්, මාතලේ දිස්ත්‍රික් බැඩ්මින්ටන් සම්බන්ධීකරණ නිලධාරී දයාන් දිසානායක මහතා ද සහභාගි  විය. ඊට අමතරව මහින්ද රාජපක්ෂ විදුහලේ විදුහල්පති හා කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට එක්වූහ.

ඉදිරියේදී එම පාසල් 50 තුළම පුහුණුවීම් ආරම්භ කර එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසු අදාළ පාසල්වල එයාර් බැඩ්මින්ටන් තරගාවලියක් පවත්වා දක්ෂතම ක්‍රීඩකයන් දිස්ත්‍රික්ක සංචිතයට ඇතුළත් කරගැනීම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ අදහස වී තිබේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව